අනන්තයේ සිට ලියමි... ♾️

 

මං කැමතියි
ජෙම්මා කෙනෙක් වෙන්න
වෙනස් විදියකට හිතන පතන
විප්ලවකාරී ඇට මැස්සෙකුගේ
නොවෙනස් ආදරය වෙන්න....
ලෝකයටම ආදරය කළ ඇටමැස්සෙකුගේ 
හදවතට අරක් ගත්
සදාකාලික ආදරය වෙන්න....
මරණය අභිමුවත්
ස්මරණයක දැවටෙන තරම්
අවසන් සුසුම හා මුසුවුණු
සදාතනික ආදරය වෙන්න....
 

✍🏼 සකුනි හතරසිංහ
      (2021.12.25)

Comments

Popular Posts