පුංචි දියකිඳුරිය ඒරීල් 🧜🏻♀️
පුංචි දියකිඳුරිය ඒරීල් 🧜🏻♀️ The Little Mermaid 🧜🏻♀️ ඩෙන්මාර්ක් ජාතික Hans Christian Andersen විසින් 1837 දී රචිත සුරංගනා කතා එකතුවක මිනිස් ආත්මයක් ලැබීමට අපේක්ෂා කරන පුංචි දියකිඳුරියක් පිළිබඳ වූ The Little Mermaid කතාව ඇතුලත් වෙනවා. 🧜🏻♀️ 1989 දී Walt Disney සමාගම විසින් The Little Mermaid නමින් මේ පුංචි දියකිඳුරියගේ කතාව සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරනවා. Atlantica නම් මුහුද යට පිහිටි කිඳුරු රාජධානියේ Triton රජුගේ සහ Athena රැජිනගේ හත්වන දියණිය වන Ariel මෙහි දී පුංචි දියකිඳුරිය ලෙස හැඳිවෙනවා. ඇය, Eric කුමරා හා විවාහ වන අතර ඔවුන්ට Melody නමින් දියණියක් ද ඉපදෙනවා. 2000 දී The Little Mermaid II: Return to the Sea නම් sequel චිත්‍රපටය සහ 2008 දී The Little Mermaid III: Ariel's Beginning නම් prequel චිත්‍රපටය නිර්මාණය කළා. 🧜🏻♀️ 2019 දී The Little Mermaid Live! නමින් සංගීතමය ටෙලිනාට්‍යයක් ද විකාශනය වුණා. 2019 දී The Little Mermaid මුල් සජීවීකරණ චිත්‍රපටය ඇසුරෙන් සජීවී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කළ නමුත් එය Covid 19 වසංගත තත්ත්වය නිසා ප්‍රමාද කළා...

