තීව්‍ර 💥
(කෙටි නවකතාව - 03 කොටස)
මේඝාත්, මාත් අතර සබඳතා වර්ධනය වූයේ සිතුවාටත් වඩා වේගයෙනි. අප දෙදෙනාගේ ඥාතීත්වය තහවුරු කරගැනීම සඳහා වන ජානවිද්‍යාත්මක පර්යේෂණ සඳහා නීතිමය සහ විද්‍යාත්මකව සිදුකළ යුතු සියලු කටයුතු අප දෙදෙනා විසින් ම සිදුකරනු ලැබුවේ චකිතයෙනි. මගේ චකිතය ඈ හමුවේ මා හැකිතාක් පාලනය කරගැනීමේ දැඩි උත්සාහයක යෙදුණු නමුත් මා සිටියේ සසැලී ය. පැතුම් නිබඳව ම මා ශක්තිමත් කරමින් රැඳීසිටියේ යම් හෙයකින් මේඝා යනු මගේ දියණිය වුවහොත් යන අදහස පෙරදැරි කොටගෙන ය. එසේ ම ඔහු නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසුවූයේ මේඝාගේ මෙම ජානවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලිය පසුපස ඇගේ මව වන මේනකා සිටින්නේ ද යන්න පිළිබඳව යි. නමුත් ඒ පිළිබඳව කිසිඳු හෝඩුවාවක් අප හට සොයාගත නොහැකි වූයේ මේඝා පැහැදිලි ලෙස ම සිය පවුල සමඟ දුරස්ථ සබඳතාවයක් සහිත යුවතියක බව යළි යළිත් අප ඉදිරියේ ප්‍රත්‍යක්ෂ වූ බැවිනි.
ජානවිද්‍යාත්මක පර්යේෂණයේ ප්‍රතිඵල දැනගැනීමට දෙදිනකට පෙර මේඝා, මගෙන් කළ ඉල්ලීමක් වූයේ ඇගේ හොඳම මිතුරියන් දෙදෙනා හමුවීමට පැමිණෙන ලෙස ය. තම මිත්තණිය මියගිය පසු ඈ හට හුන් සමීපතමයන් වූයේ ඔවුන් ය. මේඝා, මගේ දියණියක වුවද, නැතිද මා, ඔවුන් හමුවීමට යාමට තීරණය කළෙමි.
එය බටහිර පන්නයට සකස් කළ සුඛෝපභෝගී ආපන ශාලාවකි. අප එහි යන විට ද එහි පැමිණ සිටි මේඝාගේ දෙමිතුරියෝ, අපව සාදරයෙන් පිළිගත්හ. මේඝා සේ ම සැහැල්ලු ගතිගුණ සහිත යුවතියන් දෙදෙනෙකු වූ ඔවුන් දෙදෙනා ම, මා ඔවුන්ට වඩා විසිවයස් ඉක්මවූවෙකු බව අමතක කොට සමවයස් මිතුරෙකු සේ සලකා සුහද වූහ.
"මේ වෙරෝනිකා මඩුගල්ල. අපේ set එකේ පළවෙනි Mrs තමා මේ. මෙයාගේ husband මහීම මඩුගල්ල businessman කෙනෙක්. අපි ආදරේට මෙයාට කියන්නේ වෙරෝ කියලා...
එතකොට මේ සදීෂා රත්වත්තේ. මෙයාගේ තාත්ති තමයි භාතික රත්වත්තේ... මෙයාගේ නම මාරම දිගයි. අපි කියන්නේ අග්නි කියලා..."
මේඝා, තම මිතුරියන් දෙදෙනා හඳුවාදෙමින් කීවා ය. වෙරෝනිකා, තරමක විදේශික පෙනුමක් සහිත යුවතියක වූ අතර අග්නි වඩාත් සරාගී රුවක් සහිත යුවතියක වූවා ය. ඒ අතරින් අග්නි, මගේ මතකයෙහි වඩාත් හොඳින් මතක සිටියේ මාරාන්තික බැල්මක් සහිත යුවතියක ලෙසිනි.
"Mr. මහීම මඩුගල්ලවයි, එයාගේ තාත්තාවයි නම් මං දන්නවා... Mr. මහීම හොඳ talented young businessman කෙනෙක්නේ...
Mr. භාතික රත්වත්තේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ... Business field එකේ රත්වත්තේ group එක ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑනේ..."
මම, යුවතියන් දෙදෙනා හා සංවාදය අරඹමින් කීවෙමි. එලෙස ඇරඹුණු සංවාදය දෙහෝරාවක් පමණ ඇදීයන්නට විය.
"මං කැමතියි DNA testing වලින් ඔයා මේඝාගේ තාත්තා නෙවේ කියලා prove වෙනවා නම්..."
ටෙසරයේ මොහොතකට තනි වූ අවස්ථාවේ දී අග්නි, ඇගේ මාරාන්තික නෙතු මා දෙසට හරවමින් කීවා ය.
"ඇයි ඒ..?"
ඒ වදන් මා අභ්‍යන්තරයෙන් කැළඹුව ද, ඒ බවක් පිටතට නොඅඟවමින් මම විමසුවෙමි.
"හේතු දෙකක් නිසා... එක එයා, ඔයා දිහා බලන බැල්ම තාත්තෙක් දිහා බලන බැල්ම නෙවේ. කෙල්ලෙක් තමන්ගේ තාත්තා දිහා එහෙම බලන්නෑ කියලා මට sure... දෙක එයාට මේ වෙලේ ඕනේ තාත්තෙක් නෙවේ matured partner කෙනෙක්... එයාට තිබ්බේ හරිම boring childhood එකක්. අඩුගාණේ දැන්වත් මේඝා life එක enjoy කරන්න ඕනේ. She deserves it... ඒ නිසා මං කැමතියි ඔයා තාත්තා නොවෙනවා නම්..."
"ඒත් අමතක කරන්නෙපා, මම එයාගේ අම්මිගේ ex කියලා..."
"So, who cares..?"
"ආ..?"
අග්නි දෙස මා බැලුවේ මවිතය රැඳි නෙතිනි.
"ඒ affair එක දැන් ඉවරයිනේ. නේද..?"
"අපෝ ඔව්... දැනට අවුරුදු විසිඅටකට විතර කලින් ඒවා ඉවර වුණේ..."
"ඔයා කාගේ කවුරු වුණත් ඔයා මේඝා ගැන care කරනවා නම්, මේඝාව satify කරන්න ඔයාට පුලුවන් නම් එච්චරයිනේ... Age, previous relationships වගේ දේවල් අද වගේ කාලෙක කවුද ගණන් ගන්නේ..? And daddy materials තමයි හොඳම. I mean both in life and bed..."
මවෙත හැරී ඇසක් වසා ඉඟිකරමින් කී අග්නි, මා අසලින් ඉවත්ව ගියේ මේඝා පිළිබඳව මට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි.
.
.
.
.
පියෙකු වීම වනාහි භාරදූර වගකීමකි. හතලිස්අට වසරක ඇවෑමෙන් වුවත් එවන් වගකීමක බර දැරීමට මා තුළ වූයේ දෙගිඩියාවකි. මේඝා මුණගැසුණු ඒ තීරණාත්මක රාත්‍රිය ගෙවී දෙමසක් ගෙවී අවසන්ව තිබිණි. ඒ දෙමස පුරා ගත් සෑම හුස්මකම වූයේ ජාන පරීක්ෂණය පිළිබඳ තැතිගැන්ම යි. ඒ සියලුදෙයට ම වඩා සිත පෙලූ කරුණ වූයේ මගේ හද කොනිති ගැසූ ඈ, මගේම රුධිරය යැයි පිළිගැනීමට මසිතෙහි වූ අකමැත්ත යි. එය වර්ධනය වූයේ ඇගේ මිතුරිය, අග්නිගේ වදන් හමුවේ ය.
සත්‍යය වශයෙන්ම දුටු පළමු දිනයේ ම, පෙර දිනෙක මේනකා සේ ම ඈගේ දියණිය ද මහද කැළඹූ බව කිව යුතු ම ය. ඒ සීතල සියුමැලි හස්තය මගේ සුරතෙහි සිරවුණු මොහොත අද මෙන් මතක ය. ගෙවුණු දෙමස පුරා වරින් වර මගේ දෑස් මානයට පැමිණි ඇගේ රෝස පැහැති පිරුණු දෙලවන් මහද පුරා කළේ එසේ මෙසේ සැණකෙළියක් නොවේ. නමුත් ජාන පරීක්ෂාදේ ප්‍රතිඵල අනුව මගේ දෙතොලට හිමිවන්නේ ඇගේ රෝස පැහැති දෙලවන්ද නැතහොත් හිස්මුදුනද යන්න තීරණය වීමට නියමිත වී තිබිණි.
මේඝා, තරුණ මේනකාට වඩා හාත්පසින් වෙනස් යුවතියක වූවා ය. ඒ දෙනෙතින් විහිදෙන ඍජු බැල්ම තුළ ඇගේ ආත්මය නිරුවත්ව මා ඉදිරියේ දැල්විණි. මා හමුවට පැමිණි සෑමවිටම සිරුර බොහෝසෙයින් නිරාවරණය වන ඇඟලුම් ඇඳි ඇය කාර්යාලය සඳහා ඇන්දේ නූතන විලාසිතා අනුවම වුවත් සිරුර හැකිතාක් වැසෙන සේ ය. ඇගේ දිවිය ද එසේ යැයි මට සිතිණි. සමාජය හමුවේ ඇය නිරූපණය කළේ අහංකාර සහ අභිමානවත් කාන්තා චරිතයකි. මා ඉදිරියේ ඇය ආදරණීය හැසිරීම් සහ සරාගී අභිනයන් සහිත දඟකාර යුවතියක් විය.
දෙමසක කාලයක් ඇවෑමෙන් අවසානයේ එම උද්වේගකාරී දිනය උදාවිය...
මම, මගේ ජීප් රියේ ඉදිරිපස මගී අසුනෙහි හිඳගෙන සිටින මේඝා දෙස බැලුවෙමි. එදින ද ඇය සැරසී සිටියේ කෙටි ඩෙනිම් කලිසමකින් සහ උරහිස් නිරාවරණය වූ සුදු පැහැති ඕෆ් ශෝල්ඩර්ස් විලාසිතාවේ ක්‍රොප් ටොප් එකකිනි. අසුන මත නිරුවත් දෙපා තබා, දණිස්වලින් දෙපා නවාගෙන සිටි ඇගේ වෙහෙසකාරී මුහුණ දෙපා අතර සැඟවීගොස් තිබිණි. ඇගේ ඉදිරිපස වූ ඩෑශ්බෝඩ් එක මත වූයේ අප දෙදෙනාගේම අනාගතය සහ ඥාතීත්වය හෙළිදරව් කළ පර්යේෂණයේ ප්‍රතිඵල සටහන් වූ ලිපිගොනුව යි.
"අපි යමුද..? ඊයේ මුළු රෑම නින්දක් නෑ මට... දැන් හරිම tired..."
ඇය හිස නොඋස්සා ම මා හට කීවා ය. මම ද වදනක් හෝ නොදොඩා රථය පණගන්වාගෙන පදවන්නට වූයෙමි. රථයේ ශබ්ද විකාශන යන්ත්‍රය (infotainment system) ක්‍රියාත්මක කළ මම ගීතයක් වාදනය වන්නට දැමීමි.
"ඉකිගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..."
ගීතය රස විඳිමින් සුක්කානම හසුරවන අතරතුර මගේ නෙතු මම වරින් වර මේඝා වෙත ගෙනගියෙමි.
"හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුවනොවෙනා
සුසුමෙන් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..."*
"ඔයා තාමත් අම්මිට ආදරෙයිද..?"
වාදනය වූ ගීතය අවසන් වෙත් ම මේඝා හිස ඔසවා මා වෙතට හැරී විමසන්නට වූවා ය.
"ඔයා කවදාහරි කාටහරි ආදරේ කරලා තියනවද..?"
පිළිතුරු නොබැඳ මා පෙරළා නැගූ පැනයට ඇය සිනාසුණා ය.
"හ්ම්ම්... ඔව්... හැබැයි ඒක one sided love එකක්... මං හිතන්නේ නෑ මං ආදරේ කරපු කෙනාගේ හිතේ මං ගැන idea එකක්වත් ඇති කියලා..."
"ඉතිං ඔයා එයාට කිව්වද ඔයා ආදරෙයි කියලා..?"
"මුලින්ම මං ඔයාගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්නකෝ... මමනේ මුලින්ම ප්‍රශ්නේ ඇහුවේ..."
ඈ යළි පළමු පැනයට පිවිසියා ය.
"ම්ම්... ඒ ආදරේ මැරුනා..."
"ආදරේ මැරෙනවද..?"
"ගහකට උනත් හරියට සාත්තු නොකළොත් ඒක මැරිලා යනවා මේඝා... ආදරෙත් එහෙමයි. හොයලා බලන්නේ නැති තැන කාලයත් එක්කම ආදරේ මැරිලා යනවා... මතක විතරක් ඉතුරු වෙනවා..."
"මතකවලට බැරිද ඒ ආදරේට හුස්ම දෙන්න..?"
මම ඉවත බලා සිනාසුණෙමි.
"බෑ... සමහර වෙලාවට පුංචි මුල් ඉතුරු වෙලා තියෙන්න පුලුවන්... ඒත් මගේ ආදරේ එහෙමවත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ... ඒ නිසා මගේ ආදරේ මැරිලම ගිහින් දැන්... ඒ මතකයන් පවා බොඳවෙලා ගිහින් ඉවරයි දැන්..."
ඇය මොහොතකට නිහඬ වූවා ය.
"ඒ කියන්නේ දැන් ඔයා අම්මිට වෛර කරනවද..?"
මම යළිත් සිනාසුණෙමි.
"වතාවක් ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න බෑ. හැබැයි තවදුරටත් ආදරේ නොකර ඉන්න පුලුවන්..."
මගේ වදනට ඇය, මදෙස බලාසිටින බව මම නෙතගින් දුටුවෙමි.
"I like the way you think..."
"Now it's your turn..."
මේඝා මට පිළිතුරකින් ණය බැව් මම, ඇයට මතක් කළෙමි. ඇය ඊට සිනාසුණා ය. ඒ වනවිට අප, ඇගේ නවාතැන අසලට ම පැමිණ සිටියෙන් මම වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නැවත්වූයෙමි.
"ඔයාට දැනගන්න ඕනේ මගේ one sided love එක ගැනද..?"
ආරක්ෂිත බඳපටිය ඉවත් කරමින් ඇය විමසුවා ය.
"හ්ම්ම්... Yep..."
ඇය පිළිතුරු නොදී දොර විවර කර රථයෙන් බැසගත්තා ය. දොර අඩක් වසා එතුළින් රථය තුළට එබීගෙන මෙන් මා දෙස බලා සිටගත්‍තා ය.
"මං live දැකලාවත් නැති කෙනෙක්ට අවුරුදු පහළවේ ඉඳන් love කළා. Photo එකකින් විතරක් දැකලා. ඒ රූපේ ඒ තරම්ම මගේ හිතට කාවැදුනා... එයාව කවදාහරිම මට meet වෙයි කියලා ලොකූ sure එකක් මට හැමදාම තිබ්බා... එක දවසක් අහම්බෙන් වගේ මට එයාව හම්බවුණත් එයාගෙයි, මගෙයි අතරේ ලොකු බාධකයක් තිබ්බා එයාට ආදරෙයි කියලා මට කියාගන්න බැරි වුණ..."
ඇය මොහොතකට කතාව නවත්වා ළගන්නාසුළු සිනහවක් මවෙත පෑවා ය.
"බැරිවෙලා හරි ඔයා මගේ තාත්තා වුණා නම් මගේ හිතේ තිබ්බ ඒ ආදරේ මගේ හිතේම යටපත් කරගන්නවා කියලා මං මටම promise වෙලා හිටියේ... ඒත් අද testing results වලින් මං දැනගත්තා තවදුරටත් ඔයාට ආදරේ කරන්න තරම් මං lucky කියලා... Now you know who my one sided lover is... ඒ වගේම මං කියපු හැමදේම ඔයාට හොඳටම තේරුණා කියලත් මම හිතනවා..."
රථයේ දොර වසාදැමූ මේඝා සැහැල්ලු සිනාවක් මුවග දල්වාගෙන නවාතැනට පියනැගුවේ මා වික්ෂිප්ත කරවා ය. පියවි සිහියට පැමිණ රථය පණගන්වා ගැනීමට මට තවත් මිනිත්තු කිහිපයක්ම ගතවිය.
.
.
.
.
නිවසට පැමිණි මා දහවල පුරා ම නිදාගන්නට වූයේ මේඝාගේ වදනින් හදේ ඇවිලුණු ගිනි නිවාගන්නට සිතමිනි. එවදන් මා කළඹවා දැමුව ද, දුරකතන ඇමතුමක් හෝ ලබාගෙන ඇගෙන් ඒ ගැන යළි විමසන්නට ද සිත් නොවීය. පසුගිය දෙමස පුරා මා පෙලූ ගැටලුව ලිහී තිබුණ ද, මේනකා මෙන්ම ඇගේ සැමියා වූ නාරද පිළිබඳව හිතේ වූ අමනාපය තුරන් නොවීය. ඒ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සැකයක් මත පදනම්ව ඔවුන්, තම දරුවෙකු වූ මේඝා ඉවතලා තිබූ හෙයිනි. එසේම මේනකා පිළිබඳව මගේ සිතෙහි කටහක් අවශේෂව නොතිබුණා යැයි කිව නොහැක.
මේඝා පිළිබඳව යම් හැඟීමක් මා සිත තුළ ද පවතින බව වැටහුණ ද එය කිනම් ආකාරයක හැඟීමක් ද යන්න විග්‍රහ කරගැනීමට මට අපහසු විය. වරෙක ඇයව උමතුවෙන් මෙන් සිපගන්නට තනන සිත, තවත් වරෙක ඇගේ හිස අතගා සනසන්නට තනයි. ඈ, මගේ සිතේ වැජඹෙන්නේ කෙබඳු ස්ථානයක ද යන්න මට ම ගැටළුවක් විය.
පසුගිය දෙමස පුරා යටි හිත බලාපොරොත්තු වූයේ මේඝා, මගේ දියණිය නොවේවා යන්න යි. එදින උදෑසන අදාළ ජාන පර්යේෂණ වාර්තා මා අතට පත්වීමත් සමඟ දැනුණු සතුට මහමෙරක් තරම් ය. එක් අතකින් එය වගකීමකින් මිදීමේ අභිලාෂයෙන් ඇතිවූ සංතෘප්තියක් නොවේදැයි මා, මගෙන් ම ප්‍රශ්න කරන්නට විය.
පැය තුනක පමණ ඒකාකාරී නින්දකින් අනතුරුව මා අවදි වූයේ ඉර අවරට හැරුණු පසුව ය. ශීතකරණයේ තිබූ ආහාර කිහිපයක් රත්කොට අනුභව කරන්නට පෙර මම ව්‍යායාම කරන්නට වීමි. අනතුරුව නාන කාමරයට වැදී ගත දොවාගන්නට වූයේ මහහඬින් රොක් ශෛලියේ ගීත කිහිපයක් වාදනය වන්නට පසුබිම සකස් කිරීමෙන් අනතුරුව ය. ගත දොවාගත් මා බොටම් වර්ගයේ සැහැල්ලු කලිසමක් පමණක් ඇඳ විසිත්ත කාමරය වෙත ගියේ මගේ ජංගම දුරකතනය ද රැගෙන ය. පැතුම් හට දුරකතන ඇමතුමක් ලබාගත් මා, උදේ පටන් සිදු වූ සියල්ල ඔහු හා සැකෙවින් කියන්නට විය. නමුත් මේඝාගේ වදන් මගේ හොඳම මිතුරා හා නොකියන්නට තරම් මම ප්‍රවේසම් සහගත වීමි.
ඇමතුම අවසානයේ අසුනෙන් නැගිටගත් මා විසිත්ත කාමරයේ ඉදිරිපස වූ දිගු වීදුරු ජනේල වසා තිබූ තිර රෙදි පසෙකට කරන්නට වූයේ විසිත්ත කාමරය පිටතින් ඇසුණු වර්ෂාව නෙතින් බලාගැනීමේ අටියෙනි. ඉදිරිපස වූ ආලින්දය වෙත යොමුවුණු ජනෙල් තිර රෙද්ද යන්තම් පසෙකට කරත් ම පිටත රැඳී සිටි පුද්ගලයා දැකීමෙන් මම තිගැස්සුනෙමි.
මේඝා සිටියේ ආලින්දය හරි මැද සෙල්රුවක් සේ සිටගෙන ය. ආලින්දය විවෘත අවකාශයක් වූ බැවින් ඇයට හිරිකඩෙන් ආරක්‍ෂා වීමට මඟක් නොවීය. ජනෙල් තිරය තිබූ ලෙස ම අතහැර දැමූ මම වහා ප්‍රධාන දොර විවෘත කළෙමි.
"මේඝා.., කොයි වෙලේද දරුවෝ ආවේ..? ඇයි bell කළේ නැත්තේ..?"
නිවසට ආරාධනා කරන්නටවත් මතක් නොවූ මා එලෙස ම සිටගෙන සිටි ඇගෙන් විමසන්නට විය.
"මං ගෙට එන්නද..? මෙතන සීතලයි..."
ඇය විමසුවේ මඳ සිනහවක් සමඟිනි. ඇගේ අතෙහි ජංගම දුරකතනය සහ කුඩා ප්‍රමාණයේ පසුම්බියක් පමණක් විය.
"එන්න ඇතුළට..."
මම හිසෙන් සන් කරමින් කීවෙමි. ඇය නොවෙනස් සිනාවත් සමඟ විසිත්ත කාමරයට ගොඩවැදුනා ය. ඇය පාවහන් ගලවා දොර අසලින් තබා, ජංගම දුරකතනය සහ පසුම්බිය අසල වූ කුඩා කනප්පුව මතින් තැබුවා ය.
"ඔයාට clean and neat ගෙයක් තියනවනේ..."
හාත්පස දෑස් යවමින් ඇය කීවා ය. වසාදැමූ දොරට පිටුපා මම, ඈ දෙස බලාසිටියෙමි. මා හට බෙහෙවින් හුරුපුරුදු නවතම විලාසිතාවක ගවුමක් ඇඳසිටි ඇය දුටු මට දැනුණු හැඟුම් මට ම ආගන්තුක විය. හීනි උරහිස් පටි නිල් සහ සුදු පැහැති මෝස්තරයක් සහිත උඩුකය ආවරණය රැඳී තිබුණේ පපුව හරි මැදින් එක්කොට ගැටගැසූ තවත් හීනි පටි ද්විත්වයකිනි. පපුව පහළ මට්ටමේ සිට කුස තෙක්ම නිරාවරණය වී තිබූ ගවුම පිටුපසින් එක්ව තිබුණි. ගවුමෙහි දිග දණහිසින් අඟල් කිහිපයක් ඉහළින් අවසන් විය. වර්ණ ගැන්වූ කේශ කලාපය කඩාදමා සිටි ඇය දිගු කර්ණාභරණ යුවළක් පමණක් පැළඳ සිටි අතර එය විසල් රවුම් මෝස්තරයක් සහිත කරාබු යුවළක් විය.
"මේක ඔයාගේ design එකක්ද..?"
මා දෙසට හැරී ඈ විමසූ පැනයෙන් මම යළිත් තිගැස්සුනෙමි.
"මේක ඔයාගේ brand එකේ එකක්නේ... මං දන්නවා ඔයාත් design කරනවා කියලා... ඉතිං, මේ frock එකත් ඔයාගේ design එකක්ද..?"
මම එසේ යැයි කියන්නට හිස සැලීමි. නූතන සහ සැහැල්ලු විලාසිතා තේමාවන් යටතේ සිදුකළ මෙම ගවුම මෙරට වෙළඳපොළට නිකුත් නොකළ බව මට සහතික ය.
"දැන් කල්පනා කරන්නේ මේක මට කොහෙන්ද කියලා නේද..? මං මේක මගේ UK ඉන්න මගේ යාලුවෙක්ට කියලා ගෙන්නගත්තේ... මං දන්නවා මේක ඔයාලා දැම්මේ Europe market එකට කියලා... ඔයාගේ model ට වඩා මට මේක ලස්සනයි නේද..?"
තමා වටා වටයක් කරකැවෙමින් ඇය විමසුවා ය. ළදැරියක මෙන් වූ ඇගේ හැසිරීම් මගේ වික්‍ෂිප්ත බව පරදා සිනහවක් මුවගට නංවන්නට සමත් විය.
"හදිසියේම ආවේ ඇයි, දරුවෝ..?"
ඈ වෙත පැමිණෙමින් මම විමසුවෙමි.
"මට දරුවෝ කියන්නෙපා... ඔයා මගේ අප්පච්චි නෙවෙයිනේ..."
"එහෙනම් මොකක්ද මට කියන්න කියන්නේ....?"
"මේඝා කියන්න... නැත්නම් ඔයා කැමති nickname එකකින් මට කතා කරන්න..."
ඇය දෙස දෑස් සිහින් කර කියූ මා වෙත සිනහවක් පෑ ඇය ඍජුව මා දෙස බැලුවා ය.
"මේඝා, මේක වරදක්... මං ඔයාගේ අම්මිගේ ex-boyfriend..."
"ඉතිං..?"
"මේක වැරදියි, මේඝා..."
"මං ඔයාට ආදරේ කරන එක වැරදිද..?"
ඇය දෑත් මිටිකොට පපුව මත තබාගනිමින් විමසුවේ යාඥා කරන්නාක් මෙනි.
"ආදරේ කරන එක වැරදි නෑ. ඒත් මට ආදරේ කරන එක වැරදියි... ඔයාගේ අම්මි, අප්පච්චි කවුරුවත් මේකට කැමති වෙන්නේ නෑ..."
"කමක් නෑ. එයාලා මට කැමතිත් නෑනේ ඉතිං... හරි... මට මේක කියන්නකෝ... ඔයා මට ආදරෙයිද..?"
මම අපහසුවෙන් ඉවත බැලීමි.
"නෑ..."
මම මිමිණුවේ ඇගෙන් නෙතු මුදාගෙන ඒ නෙතු බිත්තියක් මත රඳවමිනි.
"මගේ දිහා බලාගෙන කියන්න, නාත්... පුංචිම කැමැත්තක්වත් මං ගැන ඔයාගේ හිතේ නැද්ද..?"
මා වෙතටම ළංවී මගේ මුහුණ, ඇගේ දෝතින් ම අල්ලා ඈ වෙත හරවාගනිමින් ඇය විමසුවේ දිලිසෙන දෙනෙත්වලිනි. ඒ නෙතු දෙස බලාගෙන මුසා දෙඩවිය නොහැකි හෙයින් මම නිරුත්තර වුණෙමි. ඇගේ උණුසුම් සුසුම් මගේ වත තෙමාලමින් පතිත වන්නට විය.
"ම්ම්..?"
ඇය තවත් මා වෙත ළංවූයේ මගේ ගත මතට තෙරපෙමිනි. අඩක් වැසුණු ඇගේ පිරුණු ළමැදෙහි උණුසුම දැනුණේ මගේ නිරුවත් බඳ මතට ය.
"මේඝා..."
හැඟුම් ඉවසමින් මම මිමිණුවෙමි. කෙතෙක් ගැහැණුන් හා යහන්ගත වී තිබුණ ද ඒ කිසිවිටෙක මම අසහනකාරී මානසිකත්වයකින් නොවූයෙමි. ඒ එකඳු සබඳතාවයක්වත් සාර්ථක නොවූයේ අතීත ස්මරණ අතර කාලයෙන් කාලයට මා අතරමං වූ හෙයිනි. ඔවුන් සමඟ වූ සබඳතා, කායික සබඳතා තෙක් වර්ධනය වුවත් මගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඒවා බිඳවැටිණි. මගේ දියණියක තරම් වයසක වූ මේඝා හමුවේ හැඟුම් අවුලාගන්නට මසිත පසුබාන්නට වූයේ එහෙයිනි.
"මේඝා... Please, stop this..."
මම අපහසුතාවයෙන් යුතුව යළිත් මිමිණුවෙමි.
"බෑ..."
දඟකාර සිනහවක් පාමින් ඇය තවත් මවෙතට ඇලිණි. ඇගේ ස්පර්ශයන් සහ උණුසුම මගේ හැඟුමන් දවන්නට ගෙන තිබිණි.
"මේඝා... මේක වැරදියි..."
"ආදරේ වරදක් නෙවෙයි... ඔයාමයි කිව්වේ දැන් ටිකකට කලින්..."
ඇගේ මිමිණුම මගේ අවසන් ඉවසීමේ සීමාව ද තරණය කරන්නට විය. ඈ වෙත නැඹුරු වූ මම, මගේ දෙතොලින් ඇගේ දෙතොල් අල්ලගත්තෙමි. එක් අතක් ඇගේ බඳ වටා යවා තවත් ඇයව, මා වෙතට ම තෙරපා ගත්තෙමි. ඇය ද, මගේ ගෙල වටා දෑත් යවමින් පෙරළා මා දෙතොල් සිපගන්නට වූවා ය. නිදහස් අතින් ඈ ඇඳ සිටි ගවුමෙහි උඩුකය වැසූ කොටස එක් කොට බැඳ තිබූ ගැටය ලිහමින් සිර වී සිටි තිසරුන් නිදහස් කරලූයෙමි. නිදහස් වූ ඇගේ පිරුණු පියයුරු උද්දීපනය වූ හැඟුම් දල්වාලමින් පිබිදී තිබිණි. ඇගේ දෙතොලින් මිදුණු මා දෙතොල්, ඇගේ නිකටින් ළමැද තෙක් පල්ලම් බසින්නට විය. ඇගේ අතැඟිලි මගේ හිසකෙස් අතර ඉබාගාතේ සැරිසරන්නට විය. මගේ සුරත ඇගේ ගවුම යටින් යැවූ මම ඇගේ වටොර සෙමෙන් පිරිමදින්නට වූයෙමි. ක්‍රමයෙන් උත්සන්න වූ ඇගේ ඇගේ කෙඳිරිලි හඬ මා මුසපත් කරලූයෙන් මම, ඈ ඔසවාගෙන නිදන කාමරය වෙත පා නැගුවෙමි.
යහන මත තැබූ ඈ දෙනෙත් මත වූයේ ආරාධනාත්මක නෙත් කැල්මකි. එම ඇරයුම පිළිගනිමින් මම, ඇගේ ඇඟලුම්වලින් ඇගේ මනහර ගත නිදහස් කරගත්තෙමි. මම එහි අංශුවක් නෑර මගේ අතැඟිලි තුඩගිනුත්, දෙතොලිනුත් පිරිමැද්දෙමි. ඇගේ ගතේ සංවේදී ම ස්වර තන්ත්‍ර වාදනය කරමින් ඇගේ මෝහනීය කෙඳිරිලි රාවයන් ශ්‍රවණය කළෙමි. ඇගේ දෙපා ඉහත්තාවේ නිම්නය හැඟුමෙන් උද්දීපන කර කලතවා නාය යන්නට ඉඩහැරියෙමි. ඈ මෙම රති රැඟුමට ආගන්තුක තැනැත්තියක වුවත් ඉක්මණින් ශෘංගාරයේ හෝඩිය කියවා නිමකරමින් මගේ යටිකය සිය දෙතොලින් කුල්මත් කරන්නට වූවා ය.
අවසානයේ මම වීණාවේ තත් සිඳ දමා වීණාවේ අයිතිය පවරාගත් මූසිලයෙක් වූවෙමි. ඈ හැකිලෙමින්, ඇඹරෙමින් සහ කෙඳිරිලි හඬ නගමින් ඇයව සම්පූර්ණයෙන් මා වෙත පවරාදුන්නා ය.
ගතවූ හෝරාවන් කිහිපය මා මවිතයෙන් මවිතයට පත් කරන්නට විය. ඇය, කාමිනියක ලෙස ලඝු කරන්නට මගේ සිත ඉඩනුදුන්න ද ඇවිලවීමේ සහ පිනවීමේ ගුණයෙන් ඕ අගතැන්පත් විය.
"Lunch අරගත්තද..?"
මගේ පපුව මත ගිම් නිවන ඇගේ හිසකෙස් අතර අතැඟිලි යවමින් මම විමසුවෙමි.
"නෑනේ..."
මවෙත මුහුණ හරවා ඇගේ නිකට, මා පපුව මත රඳවමින් ඇය කීවා ය.
"දැන් නම් dinner time එක... බඩගිනිද..?"
"හ්ම්ම්..."
"මං මොනවා හරි order කරන්නම්..."
ඇය නිහඬව ම මගෙන් ඉවත්ව යහනෙහි පසෙකට වූවා ය. මම යහනෙන් නැගිට පසෙක එලා තිබූ තුවාය ගෙන ඉණ දවටා ජංගම දුරකතනය ගැනීමට විසිත්ත කාමරය වෙත පියනැගුවෙමි. සුප්‍රකට අවන්හල් ජාලයක් වෙත ආහාර ඇණවුමක් ලබාදුන් මා යළිත් කාමරය වෙත පැමිණෙන විට ඇය යළිත් ගවුම ඇඳගෙන පසෙක වූ සෝපාව මත හිඳගෙන සිටියේ යහන වෙත නෙත් හෙලාගෙන ය. ඇගේ දෙනෙත් ඔස්සේ නෙත් යැවූ මා දුටුවේ කොළ සහ රෝස පැහැති ඇඳ රෙද්ද මත වූ මලකඩ රතු පැහැති පැල්ලම යි. මම කෙටි කලිසමක් ඇඳගෙන ඈ අසලින් ම අසුන්ගත්තෙමි.
"ඔයාට මා එක්ක ඉද්දී අම්මිව මතක් වුණාද..?"
එකවරම ඈ විමසූ පැනයෙන් විපරීත වූ මා පිළිතුරු නොමැති මුවෙන් ඈ දෙස බැලුව ද ඇය ඍජුව මා දෙස බලාසිටියා විනා කිසිවක් නොකීවා ය.
"නෑ... කොහෙත්ම නෑ..."
ඇය සුසුමක් හෙලුවා ය.
"මෙතනට එන්න..."
මා, ඈ අල්ලාගනිමින් කැඳවූයේ මගේ දෙපා මතට ය.
"කවදා ඉඳන්ද මට ආදරේ කරන්න ගත්තේ..?"
මම විමසුවෙමි.
"අම්මිගේ dairy එකක් ඇතුළේ envelope එකක දාපු ඔයාගේ photos වගයක් තිබ්බා. එතකොට මට අවුරුදු පහළවක් විතර ඇති... එදා ඉඳන් මං ඔයා ගැන හෙව්වා... නැන්දාච්චි මට ඔයා ගැන විස්තර කියද්දී ඔයාගේ නම, surname එක එහෙම හොයාගත්තා... Facebook account එකක් හදාගත්තට පස්සේ ඔයාගේ account එක හොයාගෙන හැමදාම ඔයාගේ photos බැලුවා. විස්තර හෙව්වා... ඔයා single කියලා දැනගත්තම මට හරිම සතුටක් දැනුණේ..."
මම සුසුමක් හෙලුවෙමි.
"මොන දේ වුණත් ඔය හිත වෙනස් වෙන්නේ නැති වෙයිද, මේඝා..?"
"ඔයාට මාව sure නැද්ද..?"
ඇගේ දෙනෙතෙහි මුසාවක සේයාවක් නොවීය. ඇය, මා දෙසට හැරී මගේ ගෙල වටා දෑත් යැවුවා ය.
"එහෙනම්, මාව marry කරනවද..?"
මා වෙත නැඹුරුවෙමින් ඇය විමසුවේ යළිත් මා තිගස්සවමිනි.
✍🏼 සකුනි හතරසිංහ
*පද රචනය- අමිල තේනුවර
සංගීතය-දර්ශන රුවන් දිසානායක
ගායනය- විශාරද අමරසිරි පීරිස්
චිත්‍රපටය- සමනළ සන්ධ්වනිය
මතු සම්බන්දයි......



Comments
Post a Comment