තීව්‍ර 💥
(කෙටි නවකතාව - 05 කොටස)
🔞⚠️මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්තර්ගතයන් ඇතුළත් වන බව කරුණාවෙන් සලකන්න. ⚠️🔞
විවාහයෙන් අනතුරුව මා මේඝාව රැඳවූයේ ගාල්ලේ පිහිටි මට අයත් සංචාරක නිවස්නයක ය. ඇයව කොළඹ රැඳවීම මගේ සිතට බරක් වූ බැවින් මෙරටින් පිටත් වන අවසන් තත්පරය දක්වා ඇයව ඇගේ පවුලෙන් ඈත් කර තැබීමේ උවමනාවක් මසිත පිළිසිඳ ගත්තේ කුමන කරුණක් අරභයාදැයි යන්න මට පවා අභිරහසකි. කෙසේවෙතත් කොළඹ දී මේඝාට, මා හමු වූ බව මේනකා දැනගෙන තිබුණේ ඇගේ මිතුරියන් විසින් Instagram හි පළ කළ සේයාරූ මඟිනි. අපගේ විවාහ උත්සවය දිනයේ දී ම මේනකා, මා සොයාගෙන මගේ කාර්යාලයට පැමිණීමට හේතුව වී තිබුණේ එය යි.
කෙසේ හෝ සොයාගත් මගේ කාර්යාලීය දුරකථන අංකයට මේනකා ඇමතුවේ මධුසමය අවසන් කොට නැවත මා කාර්යාලයට වාර්තා කළ දිනයේ දී ම ය.
"රවීට ළඟදි මේඝාව meet වෙලා තිබ්බා නේද..?"
දුරකතන සංවාදය අතරතුර දී මේනකා මගෙන් විමසුවා ය.
"ඔව්... මගේ පරණ business partner කෙනෙක්ගේ birthday party එකකදි මට මේඝාව meet වුණා... Mr. රත්වත්තේගේ දුව මේඝාගේ best friend කෙනෙක් කියලා කිව්වා..."
මා කීවේ අසත්‍යයක් නොවේ. අග්නි, මේඝාගේ හොඳම මිතුරියක වූවාක් මෙන් ම ඇගේ පියා සහ මා අතර ව්‍යාපාරික ගනු-දෙනු සිදුවී නැතැයි කිව නොහැක. උත්සවය සඳහා වූ ආරාධනය වනාහි අප දෙදෙනා හට ම ලැබී තිබූ අතර මා, මේනකා හට නොකියා යමක් සැඟවූවා නම් ඒ අප දෙදෙනා එම උත්සවයට සහභාගී වූයේ එක්ව යන්න බව පමණි.
"මට මේඝාව ගොඩක් miss වුණා රවී... නාරද එයාව Colombo school එකකට දැම්ම නිසා එයා ගෙදරින් ඈත්ම වෙලා ගියා... මම එයාගේ යාලුවො ගැන ඒ හැටි දන්නෑ. එයා වැඩිය කියන්නෙත් නෑ... දුව මට ආදරෙයි තමා. ඒත් මට close නෑ... එයා ඔයා වගේ රවී. හරිම stubborn..."
මේනකා එලෙස කී විට නිසඟ සිනහවක් මගේ මුවගට නැංවිණි.
"අම්මලා, තාත්තලා ළඟ නැති වුණාම ළමයි stubborn වෙනවා තමයි මේනු. මට වුණෙත් ඒක... පොඩි කාලෙම අම්මා නැති වුණා. තාත්තා හිටියට එයා business එක එක්ක busy වුණා... ඒක මටවත්, මේඝාටවත් විතරක් වුණ දෙයක් නෙවේ. අපේ තැන ඉන්න ඕනෙම ළමයෙක්ට එහෙම වෙන්න පුළුවන්..."
එවර මගේ ස්වරයෙහි වූ දැඩි බව නිසාදෝ මේනකා තවත් සුළු කරුණු කිහිපයක් පමණක් පවසා ඇමතුම විසන්ධි කළේ ඈ, පෙර දිනෙක මා හමුවීමට පැමිණි කාරණය හෝ ඇමතුම ලබාගැනීමේ අරමුණ ඍජුව නොපවසා ම ය. එය බොහෝදුරට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුටු සේයාරූ පිළිබඳව පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වූ බැවින් විය හැකි බව මම අවබෝධ කරගත්තෙමි. නැතිනම් වරක් පමණක් දුටු තම දියණිය සහ මා අතර වූ මුණගැසීම පිළිබඳව මේනකා මෙතරම් කලබල නොවනු ඇතැයි මම සිතුවෙමි. නමුත් ඒ වනවිට මේඝා, මගේ නීත්‍යානුකූල බිරිඳ බව දන්නේ නම් මේනකා මෙලෙස සන්සුන්ව ප්‍රතිචාර නොදක්වනවාට කිසිඳු සැකයක් නොමැත.
එම සංවාදයේ දී මා, මේනකාගේ මුවින් දැනගත් තවත් කරුණක් වූයේ නාරද සහ ඔහුගේ මව, මේඝා වෙනුවෙන් විවාහ යෝජනා සෙවීමේ මෙහෙයුමක නිරත වන බවත්, එහි ප්‍රථම පියවර සාර්ථක වී ඇති බවත් ය. ඒ අනුව නුදුරේ දී ම මේඝා හට එම යෝජිත තරුණයා මුණගැස්වීමට ඔවුන් අරඅදිමින් සිටින බව මම දැනගත්තෙමි. එබැවින් මේනකා හා යෙදෙන දුරකතන ඇමතුම්වල දී ප්‍රවේසම් වන ලෙස මා එදින ම මේඝා හට අනතුරු හැඟවූයේ මේඝා මෙරටින් පිටවන තෙක් සියල්ල සාමකාමීව පැවතිය යුතු බැවිනි.
එම සතිය පුරාම මා අවිවේකී වූයේ මගේ ව්‍යාපාරය මිල දී ගැනීමට පැමිණි ගැනුම්කරුවා සමඟ මට වූ ගනු-දෙනු හේතුවෙනි. ඒ සියල්ල හැකි ඉක්මණින් අවසන් කරන අතරතුර මේඝා, මෙරටින් පිටත් කරහැරීමට අවැසි ලියකියවිලි සූදානම් කිරීමට ද මට සිදුවිය.
"අද මගේ යාලුවෙක් එනවා නාත් මෙහෙ... මම එයා එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියාට කමක් නෑ නේද..?"
සති අන්තයේ සියලු වැඩකටයුතු අහවර කොට ගාල්ලේ පිහිටි නිවස්නය වෙත යාමේ අභිලාෂයෙන් පසු වූ මා හට මේඝා ගෙන් එම දුරකතන ඇමතුම පැමිණියේ සිකුරාදා උදෑසන ය.
"කවුද යාලුවා..?"
බලමින් සිටි ලිපිගොනුව පසෙක ලමින් මම විමසුවෙමි.
"අග්නි අනේ... යන්න කලින් අපිට ආයේ set වෙන්න වෙන්නේ නෑනේ..."
"ඇයි අනික් යාලුවා නැද්ද..?"
"වෙරෝද..? එයාට එහෙම තනියම රස්තියාදු ගහන්න husband ගෙන් permission නෑ අනේ..."
"මේඝාටත් husband රස්තියාදු ගහන්න නම් permission දෙන්නේ නෑ හැබැයි..."
මේඝාගේ කිකිණි සිනහව දුරකතනය ඔස්සේ ගලා ආවේ මහද කිති කවමිනි.
"අහන්නකෝ, නාත්... මේක girls' day out එකක්... කිසිම boy කෙනෙක් නෑ... අනික අපි යන්නේ අග්නිගේ තාත්තාට අයිති hotel chain එකේ එකකට... එතන beach එකත් totally privacy තියන area එකක්... බයවෙන්න දෙයක් නෑ... මම කලින් එහෙ ගිහින් තියනවා..."
"Okay then... But take care, baby..."
මගේ අවසරයෙන් මේඝා සතුටු වූවා ය. මම යළිත් යුහුසුළුව රාජකාරිවලට සමවැදුනෙමි. මගේ සමාධිය යළිත් බිඳුණේ සවස හතරට පමණ නද දුන් ජංගම දුරකතනයේ හඬට ය. එහි වූයේ මේඝාගේ කෙටි වීඩියෝවකි. ඇය, මිතුරිය සමඟ මුහුදු වෙරළේ විනෝද වන ආකාරය යි.
නමුත් එහි වූ මේඝාගේ සරාගී ඇඟලුම් සහ ඉංගිතියන් මගේ ඉඳුරන් අවුලා දමන්නට සමත් විය. සතියක් පුරා මා ඇයව වින්දේ දුරකතන තිරයක් ඔස්සේ පමණක් වීම එයට ප්‍රධානතම හේතුව විය.
-I'm on the way to Galle.-
රාජකාරි අවසන් කොට කාර්යාලයෙන් පිටත්වෙමින් මම කෙටි පණිවිඩයක් මේඝාගේ නමට තැබුවෙමි.
-I'm already at home.-
මේඝා ගෙන් ඉක්මණින් පිළිතුරු කෙටි පණිවිඩයක් ලැබී තිබිණි.
-How's your day, baby?-
-So funny. Come home quickly.-
ඒ පණිවිඩය සමඟ එදින සවස වෙරළේ දී ගත් ඇගේ සරාගී සේයාරූ ද්විත්වයක් ද අමුණා එවා තිබිණි.
-Miss me, baby girl?-
-Yes. And I'm horny, daddy.-
-It seems I have a sleepless night.-
-Hell yeah.-
මේඝා සමඟ වූ කෙටි පණිවුඩ හුවමාරුව මගේ හැඟුම් උත්සන්න කරවීමට සමත් විය. ඒ වනවිට රාත්‍රී අටේ කණිසම ද පසුවී තිබිණි. තවත් හෝරාවක පමණ කාලයකින් යළිත් මේඝා ගෙන් WhatsApp හරහා ලැබී තිබූ ඡායාරූපය දුටු විට මගේ හැඟුම් ඉවුරු ඉක්මවා දෝරේ ගලන්නට විය. එහි වූයේ රක්ත වර්ණ කොමුපිළිවලින් සැරසී සිටින මේඝාගේ අර්ධ නග්න වූ සිරුර ය.
එයට පිළිතුරු නොයැවූ මම හනික නිවස වෙත යාමට වේගය වැඩි කළෙමි.
නිවස්නය තිබුණේ තරමක අඳුරක ය. ඒ වනවිට ද හිරු අවරදිග සැඟවී ගොස් හමාර ය. එබැවින් හාත්පස ආධිපත්‍ය පවරාගෙන තිබුණේ ඝනාන්ධකාරය විසිනි. නිවෙස්නය ඉදිරිපිට පෝටිකෝව ආලෝකමත් කරමින් කහ පැහැති විදුලි බුබුළක් දල්වා තිබිණි. ඉදිරිපස දොර විවර කරගත් මම සෙමෙන් නිවස තුළට ඇතුළු වී දොර අගුළු ලෑවෙමි.
නිවස තුළ ආලෝකමත් වී තිබුණේ විදුලි පහන් ආධාරයෙනි. විසිත්ත කාමරයෙහි හෝ මුළුතැන්ගෙයිහි මේඝාගේ සලකුණකුදු නොවීය. එහි වූ නිදන කාමර ද්විත්වය අතුරෙන් අප භාවිතයට ගත්තේ එක් නිදන කාමරයක් පමණි. මගේ ගමනාන්තය වූයේ එය යි.
ප්‍රංශ මෝස්තරයේ උසැති, දෙපසට විවෘත වන ජනෙල් වීදුරු සම්පූර්ණයෙන් ම හැරදමා තිබුණෙන් මුහුදු සුළං අනාරාධිතව ම කාමරය තුළට කඩන්වැදුනේ ජනෙල් තිර රෙදි දසත විහිදුවමිනි. ජනෙල් වීදුරුවලින් එපිට වූ ආලින්දය පිහිටියේ වෙරළ දෙසට මුහුණලා ය. එහි වූ රතු පැහැති ආලෝකය විහිදුවන විදුලි බුබුළ දල්වා ඇති බව මට කාමරයට ම පෙනිණි. කාමරය තුළ රාත්‍රී විදුලි බුබුළක් දල්වා තිබුණ ද මේඝා සිටියේ කාමරය තුළ නොවේ. ඈ සිටින ඉසව්ව අනුමාන කරගත් මම ඇඳසිටි කමිසය, බැනියම, බඳපටිය සහ කලිසම උනා දමා යටකලිසම සමඟ ජනෙල් පියන් හරහා ආලින්දයට පියනැගුවෙමි.
"Hey, love..."
මේඝා, මා පිළිගත්තේ සිනහවෙන් පිරි වතෙනි. ආලින්දයෙහි වූයේ පිහිනුම් තටාක ආශ්‍රිතව තබන දිගු ආසන (pool lounger chairs) ද්විත්වයක් සහ කුඩා ප්‍රමාණයේ කනප්පුවක් පමණි. මේඝා ඉන් එක් පුටුවක අසුන්ගෙන සිටි අතර ඇගේ සුරතෙහි වූයේ රතු පැහැති මුද්‍රික පානය (Wine) පිර වූ වීදුරුවකි. කනප්පුව මත විවෘත කරන ලද රතු පැහැති මුද්‍රිකා පානයෙන් පිරුණු බෝතලයක් සහ හිස් වීදුරුවක් විය.
"මං එන්නත් කලින්ම party එක පටන්ගත්තද..?"
මේඝා වෙතට නැවී ඇගේ දෙතොල් මත කෙටි හාද්දක් තබමින් මම විමසුවෙමි. පොහොය ඉකුත් වී එතරම් දිනක් ගත වී නොතිබුණෙන් දියඹ මතින් දිලෙන සඳෙහි ආලෝකයෙන් වෙරළත නැහැවී තිබිණි. වෙරළෙහි එම කොටස වෙන්ව තිබුණේ මට අයත් මෙම සංචාරක නිවෙස්නයෙහි පෞද්ගලික පරිහරණයට පමණි. එබැවින් එහි වූයේ හුදෙකලා බවකි.
"ම්හු... මේ මගේ පළවෙනි glass එක..."
මුද්‍රික පානය පිරි වීදුරුව ඉහළට කර පෙන්වමින් මේඝා අසුනෙන් නැගීසිටියා ය. එකෙනෙහි ම මා දුටුවේ ඇය කොමුපිළි මතින් ඇඳ තිබූ ඉණ සැරසූ රිදී පැහැති ආභරණය යි. ඉණ වටා මාලාවක් මෙන් ගමන් කළ එහි ඉදිරිපසින් රිදීමය දම්වැල් එල්ලෙමින් තිබිණි.
"Wow...!"
මා කීවේ හිස් වීදුරුවට මුද්‍රික පානය පුරවාගනිමිනි.
"ඔයා කැමතිද ඒකට..?"
මා අසලට ම පැමිණ සිටගනිමින් මේඝා විමසුවා ය.
"ඒක ලස්සනයි, baby..."
සුරතින් මත්පැන් පුරවාගත් වීදුරුව ගත් මම එම ආභරණයෙහි එල්ලෙන රිදී දම්වැල් ඇඟිලිවලින් එහා-මෙහා කළෙමි. අතැති හිස් මත් බඳුන කනප්පුව මත තැබූ මේඝා, මට තුරුලු වූයේ මගේ දෙලවන් ඇගේ ග්‍රහණයට නතු කරගනිමිනි.
"I missed you so much, නාත්..."
ඈ සෙමින් මිමිණුවේ මගේ ගතට බර වෙමිනි. ඇගේ එක් අතක් මගේ ගෙල වටා බැඳුණු අතර ඇගේ සුරත පපුව සහ කුස ඔස්සේ ගමන් කොට මගේ යටකලිසමෙහි ඉණපටිය අතරින් ඇතුළට කිමිදුණි.
"Me too, baby..."
මා කීවේ ඇගේ දිගු අතැඟිලිවල පහසින් අවදිවන මගේ ඉඳුරන් කෙරෙහි අවධානය යොමමින් ය.
වරින් වර මගේ දෙතොල හා වෙලෙන ඇගේ දෙතොලින් ලැබෙන විරාමයන්හි අතැති මුද්‍රික පානයෙහි රස බලමින් මම ඇගේ අතැඟිලි සුව වින්දෙමි. මිනිත්තු කිහිපයකට පසු වීදුරුවෙහි මත්පැන් අවසන්ව තිබූ බැවින් එය පසෙකින් තබා මම ඇගේ ඉණෙන් අල්වාගත්තෙමි.
"මට තියනවා සතියක arrears cover කරන්න... ඒ නිසා අද නම් එක round එකක් ගෑවෙන්නවත් මදිවෙයි, baby..."
මා කීවේ ඇගේ කන් පෙති මත දෙතොල් තවරමිනි. ඒ සමඟ ම ඇගේ යටිකය වැසූ ඇඟලුමෙහි ගැට ලිහා එම ඇඟලුම කනප්පුව මතට දැමුවෙමි.
"මටත් ඕනේ..."
මේඝා සරාගී ස්වරයකින් මිමිණුවේ තව තවත් මා අවුලුවාලමිනි. නමුත් මා, ඇගෙන් ඉවත්ව යළිත් කනප්පුව දෙසට හැරී තවත් මුද්‍රික පානයෙන් වීදුරුවක් පුරවාගත්තෙමි. මොහොතක් මා දෙස බලාසිටි ඈ, මගෙන් මිදී ආලින්දය වටකොට තනා ඇති නොඋස් දැවමය අත්වැටට පිටදී සිටගත්තා ය. උඩුකය තිසරපටෙනුත්, යටිකය රිදීමය මේල පළඳනාවෙනුත් පමණක් වැසී තිබූ ඇගේ අඩනිරුවත් සුන්දර සිරුර නරඹමින් මම මත්පැන් උගුරෙන් උගුර පානය කළේ මවාගත් සංයමයෙනි.
"So, don't you need me..?"
මේඝා විමසුවේ උඩුකය වැසූ තිසරපට ගලවා ඇගේ බරැති තිසරුන් නිදහස් කරමිනි.
"Why not..?"
මා කීවේ තවත් මත්පැන් උගුරකින් මගේ මුව පිනවමිනි.
"Then, take me over..."
දෙපා එකිනෙක මතින් තබා තෙරපවමින් මට ඇරයුම් කරන ඈ වෙත ගිය මම, ඇගේ දෙපා අතරින් මගේ පාදයක් යවමින් තවත් මුද්‍රික පානයෙන් උගුරක් පානය කළේ අඩවන් කළ දෙනෙතින් ඈ දෙස බලමින් ය. මත්පැන් වීදුරුව වමතට භාර කළ මගේ සුරත ඇගේ දෙපා අතර නිම්න මධ්‍යයට ගිල්වමින් මම උගුරෙන් උගුර මුද්‍රික පානයෙන් සන්තර්පණය වුණෙමි. ඈ මගේ ඇවිලීමෙන් දැවෙමින් සරාගී කෙඳිරිලි නගන්නට වූයේ අත්වැටට ඉණ පිටුපස තද කරගනිමිනි. ඒ අතරතුර ඇගේ තියුණු නිය මගේ බාහුවක් සහ උරහිසක් මත රටා ඇන්දේ මගේ ඇතැඟිලි පහසින් ඈ කෙතරම් කුල්මත්වන්නේද යන්න මොනවට කියාපාමිනි. තවත් මිනිත්තු කිහිපයකින් පසුව ඇගේ සුරත යළිත් ස්ථානගතව තිබුණේ මගේ යටකලිසම තුළ ය.
"න්..නාත්, please..."
අවසානයේ ඇය අයැදුවේ ඇගේ හැඟුම් උච්චත්වයට පැමිණෙන්නට වූ බැවිනි. ඒ ස්වරය තුළ වූයේ සිහින් වෙව්ලුමකි.
මම, ඇයව මට පිටුපා හරවාගත්තෙමි. ඈ මට පිටුපා අත්වැට දෑතින් ම අල්වාගෙන දෙපා දෙපසට විහිදවූවා ය. මේල පළඳනාවෙන් පමණක් වැසුණු ඇගේ නග්න සිරුර සඳරැස්වලින් නැහැවෙන්නට විය. මගේ සුරත ඇගේ බඳ වටා ඔතාගන්නට පෙර ඇගේ අතැඟිලි පහසින් අවදිව තිබූ මගේ යඳඩුව ඇගේ දෙපා මධ්‍යයේ වූ නිම්නය තුළට ගිල්වීමි.
"අ..ආ...හ්..."
පෙර දැනුම්දීමකින් තොරව කළ ප්‍රවිෂ්ටයෙන් ඈ මඳක් ගැස්සීගියා ය. මම, ඇගේ පාදයක් ඔසවා නොඋස් අත්වැට මත තබා, ඇගේ බඳෙන් අල්වාගෙන ඈ තුළට කිමිදෙමින් ඉපිලෙන්නට වූයෙමි. දියඹ සිට හමාඑන්නා වූ මුහුදු සුළඟ හා මුසු වූ ඇගේ උස් වූ කෙඳිරිලි ආලින්දය පුරා රැව් පිළිරැව් දෙන්නට විය. වෙරළත පාලු මකන පොල් රුප්පාවන් සහ දියඹ සිට පැමිණ වෙරළ සිප යළි දිවයන මුහුදු රැළි ඇගේත්, මගේත් සරාගී ආලින්ගනයන් නුදුටුවා සේ පසුවිය. සඳ කිරණ පමණක් අප දෙදෙනාගේ සරාගී නර්තනයට මුහුදු සුළං හා මුසුව තාල අල්ලන්නට විය.
මම මුද්‍රික පානය රස බලමින් මේඝා තුළට කිමිදුනෙමි. යළි ඉපිලුනෙමි. ඈ නගන සරාගී කෙඳිරිලිවලින් මත්වීමි. ඒ සමඟ ම වසර ගණනාවකට පසුව මට දැනුනේ ජයග්‍රාහී හැඟීමකි. ඒ හැඟුමන් වින්දෙමි.
"I'm close, baby..."
මේඝා උස් හඬින් කීවේ හති හලමිනි. මා සිටියේ ද අන්තයට ආසන්නව ය.
"Ah..."
ගැඹුරු හඬින් කෙඳිරිගාමින් මා, ඈ තුළ නිදහස් වූයේ ඈ ද ඇගේ උපරිම තෘප්තිමත්භාවයට පත්වන විට ය. ඈ අත්වැට මත වූ පාදය බිම තබා දහදියෙන් තෙමුනු කෙහෙරැලි සමඟින් අත්වැටට හිස තබාගත්තේ මවෙතින් ඉවත් නොවෙමිනි. මගේ ගත පුරා දහදිය බිඳිති ගලායන්නට විය.
සූවිසි වසරකට පෙර මෙවැනි අවස්ථාවක මේනකා තුළ මා මෙලෙසින් ම නිදහස භුක්ති විඳි ආකාරය පිළිබඳව යටිසිතෙහි තැන්පත්ව තිබූ සිතුවිල්ලක් ඉස්මතු කරවන්නට තරම් මගේ ජාගර සිත නරුම විය. එම මතකයෙන් මගේ මුවග සිහින් සිනහවක් ඇඳිනි. මේඝා තුළින් පෙර නොවිඳි තරම් ප්‍රහර්ෂයක් මට දැනුනේ එකී මතකයෙහි ආනුභාවයෙනි. තවමත් මා දරාගෙන සිටින මේඝාගේ පිට මත සියුම් හාදු ඇතිරුවේ අතීත මේනකාව සිතින් පලවාහරිමිනි.
"මේ රෑ මෙව්චර ඉක්මණට ඉවර කරගන්න බෑ, darling..."
මම මිමිණුවෙමි.
"හ්ම්ම්..."
ඈ කෙඳිරුවා ය.
"ලබන සතියේ ඔයා fly කරනවා, baby... මම මෙහෙ වැඩ ඉවර කරගෙන ඔයා ගාවට එන්න සති දෙකක්වත් යාවි... එතකන් මට හිත හදාගෙන ඉන්න මේ දවස් ටිකේම මට ඔයාව ඕනේ..."
මා යළිත් සක්‍රීය වෙමින් කීවේ නිදිවර්ජිත දිගු රැයකට ඇරයුම් කරමිනි.
.
.
.
.
සතියකින් මේඝා මෙරටින් පිටවගියා ය. ඈ යන තෙක් මා සිටියේ බියෙන් නොවේ යැයි කිව නොහැක. මේඝා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මගේ මිතුරාගේ නිවසට ගිය බැව් දැනුම්දුන් ඇසිල්ලේ එම බිය පහව ගොස් ජයග්‍රාහී හැඟුමකින් සිත පිරී යන්නට විය. එතැන් පටන් මම යුහුසුළුව ව්‍යාපාර කටයුතු නිරවුල් කරගැනීමේ කටයුතුවල යෙදුනෙමි. ඒ හැකි ඉක්මණින් මේඝා හා යළි එක්වීමේ අරමුණෙනි.
එදින ද එලෙස කාර්යාලීය රාජකාරි යුහුසුළුව අවසන් කළ දිනයකි. ජීප් රථයට නැගුණු මා පැළඳ සිටි උපැස් යුවළ ගලවා අව්කණ්නාඩි යුවළ පැළඳගත්තෙමි. එකවරම රථයේ ඉදිරිපස මගී අසුනෙහි දොර විවර වී රථයට නැගී අසුන්ගත්තේ ඒ මොහොතෙහි නොවුණ ද, කිනම් හෝ මොහොතක මවෙත එතැයි අපේක්‍ෂාවෙන් සිටි අයෙකි.
"රවී.., ඇයි මෙහෙම කළේ..? මගෙන් පළිගන්නද ඔයා මගේ දරුවව පාවිච්චි කරන්නේ..?"
තෙත් වූ දෙනෙත් මවෙත ඍජුව එල්ල කරමින් ඕ විචාලා ය. මම සෙමෙන් අව්කණ්නාඩි යුවළ ගැලවීමි.
"මං ආදරේ කරපු මේනු ගෙන් පළිගන්න නම් මට කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ... ඒත් අවුරුදු තුනක් මාව රවට්ටපු, මගේ ආදරේ එක්ක සෙල්ලම් කරපු මේනකාගෙන් පළිගන්න තරම් මට තරහක් තිබ්බා නම් තමා..."
මම ද, ඈ දෙස ඍජුව බැලීමි.
"ඒකට මගෙන් පළිගන්න, රවී... මේඝා පොඩී තාම. ඔයාටත් දරුවෙක් හිටියා නම් තේරෙයි... මට එයාව ඕනේ, රවී. මගේ මේඝාව මට දෙන්න..."
මම සිනහවක් පෑවෙමි.
"මේඝා ඉන්නේ මා ගාව නෙවෙයි මේනු..."
මේනකාගේ දෑස් මත නොසන්සුන් කලබලකාරී රේඛාවන් ඇඳෙන්නට විය.
"එයා ඉන්නේ ඔයා එක්ක කියලා මේඝා අන්තිමටම කතා කරපු වෙලේ කිව්වනේ... ඒත් දැන් එයාගේ phone එකත් වැඩ නෑ... එයා annex එකෙත් නෑ. එහේ එයාගේ බඩුත් නෑ. එයා ඒ සේරම අස් කරගෙන ගිහින්... නිකංවත් මට කිව්වේ නෑ. කොහෙද ගියේ කියලවත් නෑ... මේඝා එහෙම නරක ළමයෙක් නෙවෙයි, රවී... එයා බොරු කියන්නෙත් නෑ මට..."
"ඔයාට call කරද්දී නම් මං මේඝා ගාව තමයි හිටියේ... හැබැයි දැන් එයා මා ගාව නෑ... එයා annex එකේ නැත්නම් එයා ඉන්න තැනක් ගැන එයාම ඔයාලට කියයිනේ එයාට හිතුනම... මේඝා මුරණ්ඩුයි තමා. තමන්ට ඕනේ දේ කොහොම හරි ලබාගන්න කෙල්ලක්... හැබැයි ආදරේ ඉස්සරහා ඔයා වගේ නෙවෙයි මේනු, මේඝා හරිම අවංකයි... එයා ඔයාට බොරු නොකිව්වට එයා ඔයාට හැමදේම කියන්නෙත් නෑ. මොකද ඔයා එයාට close නෑ..."
"එයාද මේවා කිව්වේ..?"
ඇගේ නළල රැළි ගැන්විණි.
"ඔව්... නාරදයි, නාරදගේ අම්මයි එයාට සලකන්නේ නෑ කියලා කිව්වා..."
"මේඝා ඔයයි, මායි ගැන දන්නවද..?"
"ඔව්... ඒවා එයා සෑහෙන කාලෙකට කලින්මයි දැනගෙන තියෙන්නේ... එයා හිතනවා ඔයා මට කරපු දේ වැරදියි කියලා... අනික නාරදයි, නාරදගේ පවුලේ අයයි එයාව කොන් කරපු එකට එයා සමාවදෙන්න ලෑස්තිත් නෑ..."
"ඒකට හේතු තිබ්බා, රවී... ඒත් මේඝාට එහෙම දැනුනා නම් එයාට තිබ්බා ඒවා මාත් එක්ක කතා කරන්න... අනික මං ඔයාට බොරු කළේ නෑ. එවෙලේ නාරදව marry කරනවා ඇර මට වෙන option එකක් තිබ්බේ නෑ..."
මම කට කොණින් සිනහසුනෙමි. එම සිනහවට ඇගේ වත ඇද විය.
"ඔයා විශ්වාස කළත් නොකළත් මං ඔයාට ඇත්තටම ආදරේ කළා, රවී... ඔයා මාව දකින්නත් කලින් මම ඔයාව දැක්කේ. ඔයාට හිතින් ආදරේ කළේ... ඒත් මගේ කරුමෙට මට ඔයාව මගේ ජීවිතේට එනකොටත් අපේ ගෙවල්වලින් මගේ කසාදෙ නාරද එක්ක තීන්දු කරලා ඉවරයි... මගේ හීන කුමාරයා මගේ ළඟට ඇවිත් ආදරෙයි කිව්වම ඔයාව නැති කරගන්න බැරි තරම් ලෝභකමක් මට ඔයා ගැන දැනුනා, රවී. ඇත්තටම මං ඔයාට ආදරේ කළේ ඔයා මට ආදරෙයි කියලා කියන්නත් කලින් ඉඳන්මයි... ඒක මගේ චපලකම වෙන්නැති... ඔයා එක්ක යාලු වුණාට පස්සෙත් ගෙදර අයගේ බලකිරීමට මං නාරදව meet වෙන්න ගියාට අපි දෙන්නා අතරේ තිබ්බා වගේ දුරදිග ගිය සම්බන්ධකමක් මායි, නාරදයි අතරේ තිබ්බේ නෑ, රවී... ඔයාට මගේ හැම වටිනාකමක්ම මං දෙපාරක් නොහිතා දුන්නේ ඒ තරමටම මං ඔයාට ආදරේ කරපු නිසා... ඔයාව මට නොලැබුණත් කමක් නෑ මට ඔයා එක්ක ඒ දුර යන්නම ඕනේ වුණා. ඒ ගැන මම අදටත් regret කරන්නෑ... හැබැයි ඔයා රට යන්න සති දෙකකට කලින් හැමදේම කණපිට හැරුනා..."
ඇය සුසුමක් හෙලුවා ය. ඇගේ කතාවට බාධාවක් නොකළ මම නිහඬව ම පසුවුණෙමි.
"ඔයා රට යන්න කලින් අන්තිමටම ඔයයි, මායි එකට හිටපු දවස ඔයාට මතකද රවී..? එදා අම්මිලා නුවර මළගෙදරක ගිහින් නිසා class පිට දාලා මං තනියම ගෙදර හිටියේ. ඔයාව meet වෙලා මං ගෙදර එද්දිත් අම්මිලා ඇවිත් හිටියේ නෑ... අම්මිලා පහුවදා funeral එකටත් ඉඳලම එන නිසා මාව එක්කගෙන නුවර එන්න කියලා නාරදගේ office එකට call කරලා කියලා. ඒ කාලේ අපිට hand phones තිබ්බෙත් නෑනේ. ඒ නිසා නාරද ගෙදරට එනකන් මම දන්නෑ... ඒත් එදා නාරද අපේ ගෙදර එන අතරමග ඔයයි, මමයි bus stand එකේ අත් අල්ලන් කතා කර කර ඉන්නවා දැකලා... මං බස් එකේ ගෙදර එද්දි නාරද අපේ ගෙදරටම ඇවිත් එළියේ බලාගෙන හිටියා... මං ගෙදර ආවමත් එයා කිසිම වෙනසක් නොකර කතා කළා. මට නුවර යන්න ලෑස්ති වෙන්න කිව්වා... යන ගමන් විශ්මිට විස්තරේ කියාගෙන යනවා කියලා හිතලා මං ගෙට ගියා. දොර වහපු ගමන් නාරද මාව ඇදලා අරං මගේ කම්මුලට පාරක් ගැහුවා..."
මේනකා මොහොතකට තම කතාව නවතා තම දෙනෙත් පිසදාගන්නා තෙක් මම හැඟුම් විරහිතව බලාසිටියෙමි.
"නාරද හිටියේ කේන්තියෙන්... ඔයා එක්ක affair එකක් තියනවා නේද කියලා අහ අහා මට පාරවල් කීපයක්ම ගැහුවා... ඊ..ඊටපස්සේ න්..නාරද මගේ කාමරේට මාව ඇදගෙන ග්..ගිහින්..."
ඉන් එහා කිසිවක් අසන්නට මට අවැසි නොවීය. සිදුවූ දෙය සිතාගැනීමට මට අපහසු නොවුණි. ඒ වනවිට මාගේ පෙම්වතිය වූ මේනකා එවැනි ඛේදජනක සිදුවීමකට මුහුණදෙන්නට ඇතැයි මම හීනෙකින්වත් නොසිතුවෙමි. මගේ ගත පුරා පැරණි වේදනාවක් නැවත ඇදීයන්නට විය.
"නාරද බලාපොරොත්තු වුණු දේවල් මගෙන් ලැබුණේ නැති නිසා එයා එදා මට බැන්නා හොඳටම... ඒත් එයා මාවත් එක්කන් එදා නුවර ගියා. යනකනුත් මට බැන්නේ සිංහල භාෂාවේ තියන පහත්ම වචනවලින්..."
ඇය යළිත් සුසුමක් හෙළුවාය.
"නාරද අම්මිලාටත් හැමදේම කිව්වා. ඒත් එයා මට කරපු දේ කිව්වෙ නෑ... අම්මි මට ගැහුවත් එක්ක... එදාම මාව නුවර නතර කරලා එන්න අම්මිලා හැදුවේ. මං අඬලා අඬලා කොළඹ ආවේ රට යන්න කලින් අන්තිමටම එකපාරක් හරි ඔයාව බලාගන්න ඕනේ වුණ නිසා... අමාරුවෙන් අම්මිලට බොරු කියා කිය නාරදගෙන් බැනුම් අහ අහ මං ඔයා යනකන් කොළඹ හිටියා... ඒත් ඔයා ගිය ගමන් මට ආයේ නුවර යන්න වුණා. කොළඹ ඉන්න මට එතකොට හේතුවක් තිබ්බෙත් නෑනේ... නුවර ඉද්දි තමා දැනගත්තේ මං pregnant කියලා. නාරද කැමති වුණා මාව බාරගන්න... දරුවා කාගේද කියල මට විශ්වාසයක් තිබ්බෙත් නෑ එකම දවසක් ඇතුලත වුණ දේවල් නිසා... ඔයාට කතා කරලා ඔයාව අවුල් කරන්න මට හිතුනේ නෑ... අනික උඩරට-පහතරට භේදය තදින්ම තියාගෙන හිටපු අපේ අම්මිලා ඔයාට කීයටවත් කැමති වෙන එකක් නෑ කියලා මට හිතුනා..."
මොහොතකට පැතිරගියේ නිහැඬියාවකි.
"ඔයාට තිබුණා මේනු මට එකපාරක් ලියුමක් එවලා මේ සේරම පැහැදිලි කරන්න...."
ඇය සිනහවක් පෑවා ය.
"ඔයා ගිය මුල්කාලේ ඔයාට ලියුම් එව්වෙත් හරිම අමාරුවෙන්, රවී.... මං විශ්මිට ලියුම් ලියන අතරේ හොරෙන් ඔයාගේ ලියුමත් ඒ එක්ක දාලා විශ්මිට එව්වම විශ්මි තමා කොළඹින් ඒක ඔයාට post කළේ...."
මම සුසුමක් හෙලුවෙමි. අනතුරුව රියදුරු අසුනත්, ඉදිරිපස මගී අසුනත් අතරින් පිටුපසට එබුණු මම, එයින් තරමක කවරයක් ගෙන එය ඈ අත තැබුවෙමි.
"මේක යන්න කලින් මේඝා මට දුන්නා ඔයා මාව හොයාගෙන ආවොත් මේක ඔයාට දෙන්න කියලා..."
ඇය කලබලයෙන් කවරය අතින් ගුලි කරගත්තා ය.
"එතකොට මේඝා..?"
ඇය විමසුවේ යළිත් නෙත් තෙත් කරගනිමිනි.
"මේඝා ලංකාවෙන් ගියා මේනු... එයා සේරම පැහැදිලි කරලා ඇති මේකේ..."
"ක්..කවද්ද..?"
"දැන් සතියක් විතර ඇති..."
"ඊට කලින් ඔයාව meet වෙන්න ආවද එයා..?"
මම කිසිත් නොපවසා හිස මඳක් සැලුවෙමි. සුසුමක් හෙලූ මේනකා නිහඬව ම රථයේ දොර විවර කොටගෙන රථයෙන් බිමට බැස්සා ය. ඇය දොර වසාදැමූ පසු මම ජනෙල් වීදුරුව විවර කළෙමි.
"මේනු..."
ඇය මොහොතකට මා දෙස බලාසිටියා ය.
"මං ළඟදිම ලංකාවෙන් යනවා. ආයේ එන එකක් නෑ... යන්න කලින් මං නුවර ඇවිත් යන්න එන්නම්..."
ඇය හිස සැලුවා ය.
"මට location එවන්න. මං එන්නම් ඔයාව meet වෙන්න, රවී..."
මම යන්තම් සිනහවක් මුවග රඳවා ඇය දෙස බලමින් රථය පණගැන්වීමි. මේඝා, තම සත්‍යයෙන් කොටසක් හෙළිකරන එම ලියවිලි මේනකාව දැඩි කම්පනයකට ලක්කරනු නොඅනුමාන ය. මේනකා පිළිබඳව මසිතෙහි දුකක් වුවත් හේතුවක් නොදන්නා සියුම් සතුටක් ද මගේ සිතේ නලියමින් තිබුණි.
✍🏼 සකුනි හතරසිංහ
මතු සම්බන්දයි......



Comments
Post a Comment