නොනිමි... 🤍
මතකය 03
"ඔයාට දරන්න බැරිම තැන මාව මතක් කරගන්න... අපේ ආදරේ මතක් කරගන්න..."
අපි දෙන්නා නිවාඩු පාඩුවේ මුණගැහුණු වෙලාවක එයාගේ ගැඹුරු, මන්ද්‍ර හඬ සුසර වුණා.
"එහෙම පුලුවන් වෙයිද..? ඒ තරම්ම දරාගන්න පුලුවන්ද..?"
මං, එයා දිහාට හැරිලා ඇහුවා. එයා මගේ මූණට නැඹුරු වුණා.
"බෑ මැණික... දරාගන්නම බැරි තැනදි අපිට අපිවම නැතිවෙනවා. ඒත් අන්න එතැනදි මතක් කරගන්න තරම් හොඳ දේවල් අපි ජීවිතේ එක් රැස් කරගෙන තියාගන්න ඕනේ... මං දන්නවා එහෙම තැනකදි මං වගේම අපේ ආදරයත් ඔයාට ශක්තියක් වෙයි දරාගන්න කියලා..."
ඉදින්... අදටත් මම දරාගත නොහැකි තැනකදී වුව දරාගන්නේ ඒ වදන් හේතුවෙනි. ඒ ආදරයේ නාමයෙනි.
✍🏼 සකුනි හතරසිංහ
(2023.03.10)




Comments
Post a Comment