දෙමගක 🌈
(කෙටි නවකතාව - අවසාන කොටස)
-කර්තෘ-
(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.)
හැමෝම කතා කරද්දි මං විතරක් මේ කතාව ගැන කතා නොකර ඉන්න එක හරි නෑ කියන මතයේ කලින් කතා කරපු හතරදෙනාම හිටියා. ඒ නිසා මං කතා කරන්න හිතුවා. නෑ... කතාව කීම අවසන් කරන්න හිතුවා. කතාව කීම අවසන් වුණාට මේ කතාව ඉවර නෑ. තාමත් යනවා. ඒ වගේම මේ වගේ කතා ඕනේ තරම් මං දන්නවා. මං මේ කතා කරන්නේ අමන්දා-රමිත්-නෙහාර-මිහින්දි කතාවේ totally outsider කෙනෙක් විදියට.
මට අමන්දාව මුණගැහෙන්නේ අමන්දා මගේ මේඝයක් සේ... සහ වෙරළු මල් පොත් දෙක ගන්න මාව හම්බෙන්න ආව දවසේ. පොත් දෙකට ඕඩර් එක දැම්මේ මිහින්දි වුණාට පොත් දෙක ගෙනියන්න ආවේ අමන්දා. මිහින්දිට වඩා ඉක්මණට කෙනෙක් එක්ක යාලුවෙන්න පුලුවන් කෙනෙක් වුණු අමන්දා අහම්බෙන් හරි එදා ඒ ගමන නාවා නම් මේ කතාව මං ඔයාලට කියන එකක් නෑ.
අමන්දා කියන්නේ පැහැදිලිවම මං මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම කෙල්ලෝ කීපදෙනාගෙන් එක්කෙනෙක්. පොත් ගන්න ඇවිත් මාස්ක් එක ගැලෙව්වම මගේ හිතින් මට wow කියවුණා. දෙවියෝ නිවීසැනසිල්ලේ මවපු කෙනෙක් වගේ හරියට. ඒ වගේම එයාගේ ඇටිටියුඩ්ස් හරිම ඇට්‍රෑක්ටිව්. ෆ්‍රෙන්ඩ්ලි. මං කතාව ලිව්වේ එයා නෝර්මලි කතා කරන විදියටම තමා. මටත් වඩා වැඩිමල් වුණත් එයා හැසිරුණේ මටත් වඩා පොඩි තරුණ කෙල්ලෙක් වගේ.
ඩියුටි අස්සේ නිසා මුල්ම මීට්-අප් එකේදි මට අමන්දා එක්ක ගොඩක් කතා කරන්න බැරිවුණා. ඒත් අපි චැට් කළා. එයාගේ කතාව උඩින් පල්ලෙන් කිව්වම මට ඇති වුණේ කුතුහලයක්. කතා ලියන්න ගත්තට පස්සේ මට ඕනේ තරම් අමුතු කතා අහන්න ලැබිලා තියනවා. ඒත් මේක වෙනස්. මට හිතුනේ එහෙම. ඊටපස්සේ අපි දවසක්, දෙකක් මීට් වෙලාම කතා කළා. එතකොට තමා එයා මට මේ කතාව A to Z කිව්වේ. ඒ එක වතාවකදි මට මිහින්දිවත් හම්බුණා. මිහින්දි මගේ පරණම පාඨකයෙක්. ඇත්තටම එයත් මාර ලස්සනයි. දරුවෝ ඉන්න අම්මලා දෙන්නෙක් කියන්න බැරි තරම් ඒ දෙන්නා ලස්සනයි. මිහින්දිට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. අමන්දාටත් පුතෙක් හිටියා. මිස්කැරේජ් එකෙන් පස්සේ දැන් ආයෙම අමන්දා ප්‍රෙග්නන්ට්.
මේ කතාව ඒ දෙන්නාගෙන් අහලා මාස කීපයකට පස්සේ තමයි අමන්දා කිව්වේ මේක කතාවක් කරන්න ඕනේ කියලා. එතකොට අමන්දා ප්‍රෙග්නන්ට්. රමිත් වගේම නෙහාරත් ඒකට එකඟවෙලා තිබ්බේ අමන්දාගේ තත්ත්වය ගැන සලකා බලලා.
ගොඩක් අය මේක ගැන මගේ ඔපීනියන් එක ගැන ඇහුවට මං මුල ඉඳන්ම හිටියේ වෙනම මතයක. මං කොහොමත් මේ වගේ දේකදි කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නේ නෑ. මොකද ලංකාවේ sex කියන්නේ කතා කළ යුතුම සහ කතා නොකරනම මාතෘකාවක් නිසා.
මගේ යාලුවෙක් දවසක් කතාවක් කිව්වා.
"ලංකාවේ අධ්‍යාපනයේ ලොකු වැරැද්දක් තියනවා. Gender studies හෝ Sex education කියන්නේ ගෑනු/පිරිමි ප්‍රජනක පද්ධති උගන්නන එකවත්, කෙල්ලෙක් මල්වර වුණාම කොහොමද, කොල්ලෙක්ගේ දැලි රැවුල එන්නේ කොහොමද කියලා උගන්නන එකවත් නෙවේ. පැහැදිලිව සරලව කිව්වොත් ඒකෙන් කරන්නේ ලිංගිකත්වය, ලිංගික වර්ධනය, ලිංගික සෞඛ්‍ය සහ පුරුදු, ලිංගික සබඳතා, අන් අයගේ ලිංගික අයිතීන් වගේ පුළුල් පරාසයක ලිංගිකත්වය සහ අනන්‍යතාවය ගැන උගන්නන එක. ලංකාවේ ඔය සබ්ජෙක්ට්ස් දෙකෙන් එකක්වත් නෑ. ඉතිං ලංකාවේ මිනිස්සු sex කිව්ව ගමන් හිතන්නේ අහවල් එක කරන එක ගැන විතරයි..."
මගේ යාලුවා කියපු මේ කතාව කොච්චර දුරට හරිද කියලා ඔයාලටම තේරෙනවා ඇති නේද..? මං ඉන්නෙත් ඒ මතයේමයි.
අමන්දාගේ කතාව ලියන්න කලින් මේ ගැන හොඳට දන්න කෙනෙක් එක්ක මේ ගැන කතා කළා. එයා මගෙන් කිව්වේ, "උඹට මේක ෆුල් ඕපන් මයින්ඩ් ලියන්න පුලුවන් නම් මේකට අතගහපන්. නැත්නම් මේ කතාව ලියන්නෙපා..." කියලා. ඇත්ත. මේක කාගෙවත් පැත්තක් ගන්න බැරි කතාවක්.
මං මේ කතාව ඇතුලේ කවුරුවත් හරි හෝ වැරදි කියන්නේ නෑ. තිබ්බ තත්ත්වයන් සහ පුද්ගල චරිත ස්වභාවයන් එක්ක තමයි ඒ හැමදේම සිද්ධ වුණේ. මං කියන්නේ නෑ මේක එයාලගේ දෛවය කියලා. දෛවය කියන දේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම මේක අවසන් වුණ විදිය ගැන මගේ කිසිම අවුලකුත් නෑ. මිනිස්සු වැරදි කරනවා, සමාව ලැබෙනවා, අවස්ථාව ලැබෙනවා වගේම මිනිස්සු සමාජයත් එක්ක ජීවත්වෙද්දි සමාජය ගැන දැනුවත් වීමත් වැදගත්. මට අවුරුදු තිහේදිත් මං "අපොයි කෙලවුණා..." කියලා මටම කියාගත්ත අවස්ථා තියනවා. සමහරවිට මං අවුරුදු පනහෙදිත් (එච්චර කල් ජීවත් වුණොත්) ඕක මට කියාගනීවි. එහෙම එකේ අවුරුදු විසිගණන්වල මැද හිටපු අමන්දා-රමිත්-නෙහාර-මිහින්දි හතරදෙනාට වැරදුණු තැන් ගැන මං පුදුම වෙන්නේ නෑ.
මට ඕනේ වුණේ අපේ සමාජයේ විවෘතව කතා නොකරන පැතිකඩක් ගැන කතා කරන්න. Homosexuality නැත්නම් සමලිංගිකත්වය ගැන කෙටිනවකතාවක් ලියලා ඉවර කරන්න මට ඕනේ වුණේ නෑ. මට ඕනේ වුණේ ඔයාලා හොඳට අහපු ඒ වචනේ ගැන නොඅහපු දේවල් ඔයාලා එක්ක කතා කරන්න. මං මුලින්ම homosexuality ගැන කතා කළේ මගේ වෙරළු මල් 🍁 නවකතාවේ. ඊටපස්සේ මුරුගසන් වැහි ❤️🔥 ඇතුලෙත් මේ ගැන කතා කළා. ඒකේ හරිත්ගේ චරිතය ගත්තම sexual orientation සහ relationship සම්බන්ධව සෑහෙනදුරට රමිත් සහ නෙහාරට සමීප චරිතයක්. මොකද හරිත්, මොහාන් (දිවුලා) එක්ක සම්බන්ධයක් තියෙද්දිමයි කවිනිට ආදරේ කළෙත්. මං දන්නේ නෑ ඒ පොයින්ට් එක මීටර් වුණු අය ඉන්නවද කියලා. එතනදි ඒක වෙනස් වුණේ කවිනි, හරිත්ට නැතුව විසල්ට ආදරේ කරපු එකෙන් විතරයි. ඒ වගේම වෙරළු මල් 🍁 කියවපු ගොඩක් අය ඒකේ තිබ්බ threesome සීන් එක නිසා මගෙන් ඇහුවා කිත්ම සහ මහීම lovers ලද කියලා. නෑ, ඇත්තටම නෑ... ඒ දෙන්නා හොඳ යාලුවෝ දෙන්නෙක් විතරයි. Bromance වලටත් වඩා soulmateship වගේ බැඳීමක් ඒ දෙන්නා අතරේ තියෙන්නේ.
සබඳතා ආදරණීය වුණත්, ලිංගික වුණත් ඒවා හරි සංකීර්ණයි. ඒවත් එක්ක හරි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. සමහර වෙලාවට love වලට වඩා sexual attraction කියන එක බලවත් වෙන තැන් තියනවා. මගේ කතාවලින් හොඳම උදාහරණය ඒකට තියෙන්නේ විසල්-කවිනි සම්බන්ධය. මුරුගසන් වැහි ❤️🔥 කතාවෙදි විසල්, කවිනිට පැහැදිලි කරනවා වගේම විසල්ගේ පැත්තෙන් කවිනි ගැන තියෙන්නේ ලොකු sexual attraction එකක්. මං මගේ කතාවල චරිත සුදු කරන්න අකමැති ඔන්න ඕකයි. මිනිස්සු, මිනිස්සුන්ගේ හැඟීම් සහ මිනිස් සබඳතා කියන්නේ අපි මතුපිටින් දකිනවට වඩා ගොඩක් ගැඹුරු දේවල්. ඒ නිසා හොඳම දේ මිනිස්සුන්ව විනිශ්චය නොකර, මිනිස්සුන්ගේ අදහස්වලට ගරු කරන එක. හරි හෝ වැරදි අපිට තව කෙනෙක්ගේ ඇතුලාන්තය නොදැන ඒ අයව ජජ් කරන්න කිසිම අයිතියක් නෑ කියලා මං පුද්ගලිකව දැඩිව දරන මතයක්. මං හිතනවා රමිත්ගේ episode එක එනකන් එයාට වෛර කරපු හුඟක් අය දැන් රමිත්ටයි, නෙහාරටයි වෛර කරන්නේ නැතුව ඇති කියලා. ඒ වගේම අමන්දා සහ මිහින්දි ගැන අනුකම්පා කරනවට වඩා මං කැමතියි පහුවෙලා හරි එයාලා දෙන්නා සමාජය, හැඟීම් සහ බැඳීම් ගැන ඉගෙනගත්ත එකට. මං හිතන්නේ විය යුතුව තිබුණේ ඒක. මේක මගේ පුද්ගලික අදහස.
අමතක කරන්න බැරි කට්ටියක් ඉන්නවා කතාව වෙනුවෙන් ස්තූති කරන්න...
මුලින්ම මගේ ඉස්සරහා තමන්ගේ ආත්මයම නිරුවත් කරගත්ත අමන්දාට. හිතේ තිබ්බ හැමදේම කියලා හිත හෑල්ලු කරගත්තට. ජීවිතේ අතනොහැර හිමින් හිමින් ඉගෙනගත්තට 💐
මිහින්දිට. මගේ කතා කියවලා මං එක්ක ඒ ජීවිතේ ඇතුළාන්තය බෙදාගත්තට. ජීවිතේ සටන අතනොහැර ඉදිරියටත් කරගෙන යනවට 💐
නෙහාරට සහ රමිත්ට. පිරිමින්ගේ මාන්නය පැත්තක තියලා මාත් එක්ක මේ කතාව කියන්න තරම් මාව විශ්වාස කළාට. තමන් ආදරේ කරන, තමන් එක්ක ජීවිතේ බෙදාගන්න ගෑනු දෙන්නා වෙනුවෙන් මිනිස්සුන්ගෙන් එන ගල්, මුල් ගැන දැන දැනම නොඅඳුනන කතුවරියක් ඉස්සරහා තමන්ගේ ආත්මයන් රිවීල් කළාට 💐💐
අමන්දා මාත් එක්ක කතාව කියලා මාස කීපෙකට පස්සේ තමයි ඒක කතාවක් කරන්න ඕනේ කිව්වම මට ඒ ගැන ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ වුණා. ඒත් ඒකට කෙනෙක් හිතාගන්න බැරුව ඉන්න වෙලාවේ මට මතක් වුණේ මගේ කතාවලට හරිම සමබර විචාර ලියන මගේ සමීප යහළුවෙක්ව. පුද්ගලික හේතූන් මත අනන්‍යතාවය හෙළි කරන්න එයා එයාගේ අකමැති වුණත් මේ කතාව බිල්ඩ්-අප් කරන එකේ ඉඳන් හැමදේටම දුන්න සපෝර්ට් එක ගැන කියන්නම ඕනේ. "මේ දවස්වල මේක හරිම හොට් ටොපික් එකක්. අනික මේක වෙනස්. ඒ නිසා මේක ලියපන් කොහොම හරි... හැබැයි උඹ උඹව අමතක කරලා පොඩිම බයස් එකක්වත් නොහිටින්න ලියන්න ඕනේ කතාවක් මේක..." ඒ ටික තමා කිව්වේ. කතාවට ගැලපෙන cover එකක් හදාගන්න ඕනේ images හොයද්දි මට ඒකට ගැලපෙන images හොයලා එව්වේ එයාම තමා. මං කිව්වේ, "මිනිස්සුන්ගේ අන්කොමන් ඈන්ගල්ස් තියන කලර්ෆුල් images ටිකක් තිබ්බා නම් හොඳයි..." කියලා විතරයි. මං ලියපුවගේ අඩුපාඩු හදලා, කතාවේ කී පොයින්ට්ස් එක්ක යන කන්සෙප්ට්ස් ගැන මාව දැනුවත් කරලා සාමාන්‍ය novella එකක් නැතුව informative writing pattern එකකින් කතාව ලියන්න මාව යොමු කළාට 💐
Covers වලට සහ කතාවට ගත්ත හැම photo එකක්ම රුසියානු ජාතික Polina Washington කියන ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට අහුවුණ photos. දක්ෂ editor කෙනෙක්. කතාවේ කන්සෙප්ට් එක්ක මැච් වෙන ලස්සන photos ටිකක් මට මෙයාගේ Bēhance official account එකෙන් හොයාගන්න පුලුවන් වුණා. අර මං කිව්වා වගේම වෙනස්ම කලර්ෆුල් මගේ කතාවට මැච් වෙන photos ටිකක් මට හම්බුණේ එහෙමයි 💐
මං නමක්වත් හරියට දන්නැති, දැකලවත් නැති ඒත් මං ලියපු කතාව ගොඩනගාගන්න අවශ්‍ය Socio-Anthropological තොරතුරු ගොඩක් ගැන මට තොරතුරු හයිලයිට් කරලා දුන්න යාළුවාගේ Social Anthropologist යාලුවට 💐
දාහකුත් එකක් වැඩ අස්සේ මගේ කතාවේ episodes කියවලා මට අඩුපාඩු පෙන්නලා දීලා ඉවසීමෙන් මේ කතාව මට ලියන්න පසුබිමේ ඉඳන් හෙල්ප් කරපු සයිබර් ඕතර් ශාමින්දි විජේසිංහට 💐
කතාවේ ලෝ පොයින්ට්ස් ගැන මං අහන අහන වතාවට හොයලා දීලා, ඒ ගැන මට කියාදුන්න, මට තොරතුරු හොයලා දීපු දිලුක්ෂිකා පෙරේරා නංගිට 💐
එක එක Medical terms, diseases ගැන ඇහුවම එක්සෑම් එකට පාඩම් කරන අස්සේ, ගෙදර කරදර අස්සේ පවා මට ඒ ගැන තොරතුරු හොයලා දුන්න මගේ මල්ලිට 💐
ඔයාලා වෙනුවෙන් මේ වගේ වෙනස් විදියේ concepts ලියන තැනට මාව ගෙනාපු හැමදේටම, හැමකෙනාටම 💐
ඒ දේවල් මගේ ඇහැට, කනට, හිතට, මනසට සමීප කරපු මගේ අම්මාට 💐
මගේ girlfriends ලා තුන්දෙනා- දිනූ, බට්ටි, ඔශී තුන්දෙනාට (මට ලියන්න කම්මැලි හිතිලා නොලියා ඉද්දි, මං ට්‍රැක් පනිද්දි එහෙම මාව ලියන්න පොළඹවන්නේ ඔය තුන්දෙනා තමයි.) 💐
කතාව කියවපු, comment කරලා තමන්ගේ අදහස් නිර්ලෝභීව සහ නිර්භයව ඉදිරිපත් කරපු ඔයාලා හැමෝමටම 💐
✍🏼 සකුනි හතරසිංහ




Comments
Post a Comment