නොනිමි... 🤍

මතකය 02

"ආපහු හැරිලා බලන්න කවදාවත් බයවෙන්නෙපා..."

එයා පහත් වෙලා මගේ සවනට කෙඳිරුවා. ඊට මොහොතකට කලින් මං යන්තමින් ඔලුවා හරවලා පිටිපස්ස බැලුවේ ඒ වචනවලින් පස්සේ ඔහුගේ නිහඬ වුණු නිසා.

"හ්ම්ම්ම්..."

මගේ ප්‍රතිචාරයට මගේ දෙවුර මතට ඒ දෑතෙහි උණුසුම් පහස දැනුනා. සවනට පතිත වුණේ ඒ ගැඹුරු හඬ. 

"මං ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා මැණික හැමවෙලේම... ඒ නිසා බය නැතුව පිටිපස්ස හැරිලා බලන්න. පෙනුනත් නැතත් මං ඉන්නවා ඔයා ළඟින්ම..."

අදහන්න... අද ද මම පසුපස හැරී බලන්නට බිය නැත. මන්දයත් ඔහුගේ රැකවරණය, මා පසුපස බව මට විශ්වාස ය. 

 

✍🏼 සකුනි හතරසිංහ

      (2022.09.21


 

Comments

Popular Posts