අනේ මං හදිසිද මන්දා... 🖤

(කෙටි නවකතාව - 03 කොටස) 

අමායා අඳිමින් සිටි සිතුවමින් නෙතු මුදවා හැරී බැලුවේ සඳළුතලයේ දොර විවර වන හඬට ය.

"මොන ලෝකෙද අමා හිටියේ..? මං එනවා කියලාවත් ඔයා දන්නෑනේ..."

විරාජ් තරමක අමනාපයක් පිරි හඬකින් විමසුවේ ගෙල බැඳි ටයි පටිය අතකින් ලිහිල් කරමිනි.

"අනේ සොරි විරූ... මං ඩ්‍රොවින් එකක් කරන ගමන් හිටියේ... මෙතනට ලස්සන වීව් එකක් තියනවා. මට ඒක අඳින්න හිතුනා..."

අත රැඳි උපකරණ පසෙක වූ කුඩා මේසය මත තබා ඔහු වෙතට පියනගමින් ඈ කීවා ය.

"නොන්සන්ස්... මං එනකොට ඔයාගේ ඔය වැඩ සේරම ඉවර කරලා රෙඩි වෙලා ඉන්න කියලා මං කීපාරක් කියලා තියනවද..? ම්ම්ම්ම්..?"

ඔහුගේ රළු වදනට පිළිවදන් නුදුන් යුවතිය ඇඟිලි තුඩුවලින් එසවී ඔහුගේ කොපුලක් සිපගත්තා ය.

"ආව ගමන් කේන්ති ගන්නෙපා නපුරෝ... තවත් කළු වෙයි..."

ඇගේ සුරතල් වදනට ඔහුගේ මුව මත සිහින් සිනහවක් ඇඳීයන්නට විය. ඔහු, ඇගේ බඳ වටා සිය අතක් යවා ඇයව තුරුළු කරගත්තේ ය.

"ඉතිං හොඳයිනේ... මගේ වයිෆ් මට කියලා තියෙන්නේ එයා කැමති කළු කොල්ලන්ට කියලනේ..."

ඇගේ වත ලැජ්ජාවෙන් රක්ත වර්ණ ගන්වමින් ඔහු කීවේ ය.

"මැරි කරලා මාස හතරක් ගිහිල්ලත් මොනා හරි කිව්වම මූණ රතු කරගන්නවා... පොඩ්ඩක් අවුස්සලා ගත්තම නම් ඒ ලැජ්ජාව කැලේ..."

සිය රැවුල් කොට පිරි කොපුලක්, ඇගේ සියුමැලි කොපුලක අතුල්ලමින් ඔහු කියන්නට විය.

"ඉතිං ඔයාමනේ කිව්වේ ඔයාට ඕනේ ඇක්ටිව් වයිෆ් කෙනෙක් කියලා..."

"මං එහෙමද කිව්වේ..?"

ඇයව, තම ග්‍රහණයෙන් මුදවමින් ඔහු විමසුවේ ය.

"එහෙමනේ කිව්වේ... එහෙම නෙවෙයිද..?"

හිස මඳක් ඇල කොට යටිතොල සපමින් ඇය විමසුවා ය. ඇයගේ සුරතල් අංග චලනවලට බෙහෙවින් ආශා කළ ඔහු වරෙක ඇවිලෙන්නේ ද එම අංග චලන හමුවේ ය. ඇගේ සුරත ගෙන පිටි අල්ල මත තම දෙතොල් තැබූ ඔහු, ඇගේ අත ගෙනම නිදන කාමරය වෙත පිවිසියේ සඳලුතලයට පිවිසෙන දොර වසාදමමිනි.

"මං කිව්වේ මගේ වයිෆ් මං එක්ක ඉද්දි ප්‍රොස්ටිටියුට් කෙනෙක් වගේ ඇක්ටිව් වෙන්න ඕනේ කියලා... ඔයාට උපමාව අමතක වෙලා බේබි..."

ඔහුගේ වදනට ඇය මුව ඇදකළා ය.

"මං කැමති නෑ ඒ උපමාවට..."

ඔහු හඬ නගා සිනාසුනා ය. ඔහු එලෙස සිනාසෙන්නේ ඉතා කලාතුරකින් වූ නිසා ඇය දෑස් අයා ඔහු දෙස බලාසිටියා ය.

"මූණේ හැටි බලනවා..."

සිනහව අවසන් වූ පසුව ඔහු, ඇයට කීවේ සරදම් ස්වරයෙනි. සපත්තු යුවල සහ මේස් යුවල ගලවා දැමූ ඔහු කමිසයේ බොත්තම් එකින් එක ගලවන්නට විය.

"ඒත් මාව එහෙම කෙනෙක්ට ටැලි කරන එක වැරදියිනේ..."

ඇගේ හඬෙහි වූයේ නෝක්කාඩු ස්වරයකි.

"කවුද ස්වීටි, ඔයාව ප්‍රොස්ටිටියුට් කෙනෙක්ට ටැලි කළේ..? I know my wife is not like that..."

"එහෙනම් එහෙම කියන්නේ ඇයි..?"

ඔහු ඇඳුම් ගලවා දමා තුවාය ඉණ වටා ඇඳගත්තේ මඳ සිනහවක් සමඟිනි. අනතුරුව ඈ අසලට පැමිණ සිටගත්තේ තමන්ට වඩා අඩියකටත් වඩා මිටි ඈ දෙසට නැඹුරු වෙමිනි.

"I was taking about that behavior. About sex. Otherwise it's not about that fucking profession... තමුසේ හිතුවද මගේ ගෑනිව ඒ ගානට දාන්න තරම් මං පො-නයෙක් කියලා..."

ඔහුගේ වදනට තිගැස්සුණු ඈ දෑස් විසල් කරමින් ඔහු දෙස බැලුවා ය.

"අතේ සතේ නැති උනාට ලොකුකමෙන් නම් අඩුවක් නෑනේ තමුසෙලගෙ... ඔහොම හැඩට නොහිටියා නම් මෙලහකට මොකෙක් හරි පොඩි ජොබ් කට්ටක් කරන එකෙක්ව බැඳලා ලුණුයි බතුයි කකා ඉඳී තමුසෙත්... ඒ නිසා ඔය බොරු ලොකු ලයින් මට අල්ලන්න එන්නෙපා කෙල්ලේ..."

ඇගේ මුහුණට එබෙමින් කී ඔහු, ඇයව අතහැර නාන කාමරය දෙසට පියනැගුවේ ය.

"මං එනකොට රෙඩි වෙලා ඉන්නවා..."

නාන කාමරයේ දොර වැසීමට මත්තෙන් ඔහුගේ රළු හඬ නැවත සුසර වූයේ ඇය යළිත් පියවි සිහියට පමුණුවාලමිනි.

නාන කාමරයේ වැසුණු දොර දෙස මොහොතක් බලාසිටි සිටි ඇය සුසුමක් හෙලා සිය සුඛෝපභෝගී නිදන කාමරය පුරා බැල්මක් හෙලීය. එය සියලුම අංගයන් ගෙන් පරිපූර්ණ නිදන කාමරයකි. විසල් යහන මත වූයේ සුවපහසු මෙට්ටයකි. ඒ මත අතුරා ඇති ඇඳ ඇතිරිලි පවා මිල අධික බව ඈ දැනසිටියා ය. ඇඳ දෙපස මේස ලාම්පු දෙකකි. කුඩා ශීතකරණයේ බීර, කොකාකෝලා ඇතුළු පාන වර්ග ඕනෑම මොහොතක පුරවා තිබිණි.

නාන කාමරය පසෙක වූ කුඩා කාමරය වූ කලී අල්මාරි කාමරයකි (walking closet). ඇය සෙමෙන් ඒ වෙත පියමන් කළා ය. එයින් භාගයක් ම පිරී පැවතුනේ විවාහයෙන් අනතුරුව ඔහු මිලදීගෙන දුන් විවිධාකාර ඇඳුම්-පැළඳුම්වලිනි. කනේ තිබූ කරාබු යුවළත්, සිහින් මාල පොටත් හැර රනින් කළ ආභරණ කිසිත් නොවූ අමායා හට විවාහයෙන් පසුව දියමන්ති ආභරණ පවා හිමිවිය. ඈ අඳින යටඇඳුම පවා මිල අධික වෙළඳ සන්නාමවලින් යුතු ඒවා විය. විවිධ වර්ණයන්ගෙන්, මොස්තරයන්ගෙන් යුතු පාවහන්, අත් බෑග්, පසුම්බි මෙන් ම ආභරණ ද ඇගේ අල්මාරි කාමරය තුළ විය.

අල්මාරි කාමරය තුළ වූ එක් පියනක් ඇය විවර කළේ යළිත් සුසුමක් හෙලමිනි. ඒ කොටසේ වූයේ විවිධාකාර කොමු පිළි (lingerie wears) ය. රාගය ඇවිස්සෙන ආකාරයට නිමවා ඇති එම ඇඳුම් ඇඳීම ඇය බෙහෙවින් අකමැති වූ කාර්යයක් වූ නමුදු විරාජ්ගේ අභිලාෂයන් ඇගේ මනෝභාවයන්ට පටහැනි විය. මේ නිසා ඔහු අණ කරන ඕනෑම අවස්ථාවක එවැනි කොමු පිළියෙන් සැරසීමට ඇයට සිදුවිය.

ඇඳසිටි ගවුම සහ යටඇඳුම් ලිහා දැමූ ඇය, අතට ගත් රක්ත වර්ණ කොමු පිළියකින් සැරසුණා ය. අල්මාරි කාමරයේ වූ විසල් කැඩපත ඉදිරියට ගිය ඈ ඉන් පෙනෙන තම පිළිඹිබුව දෙස අරමුණක් නොමැතිව බලාසිටියා ය. ඇගේ හැඩැති සිරුරේ හැඩයන් මනාව ඉස්මතු කරන එම ඇඳුමෙන් ඇගේ සුන්දරත්වය පරදා සරාගීත්වයක් නිරූපණය කරන්නට විය. සිරුරේ බොහෝ තැන් නිරාවරණය වන එම ඇඳුම් ඇඳගෙන විරාජ් ඉදිරියට යාම පවා ඇයට අපහසුවක් විය. රක්ත වර්ණ සේද කබායක් අතට ගත් ඇය ඇඳ සිටි කොමු පිළිය වැසෙන සේ එය ඇඳගත්තා ය. දිය නා එතරම් වෙලාවක් ගත වී නොතිබුණෙන් තවමත් තෙත රැඳි දිගු කේශ කලාපය පීරා ගෙතූ ඇය රතු පැහැති තොල් ආලේපනයක් ගෙන දෙතොල් මත යන්තමින් තවරා ගත්තා ය.

නාන කාමරයේ දොර විවර වන හඬ අසුනෙන් ඇය තිගැස්සී කැඩපත ඉදිරියෙන් ඉවත් වූයේ ඊළඟට එන අණ බලාපොරොත්තුවෙනි.

"අමා... රෙඩී නම් එන්න බේබි..."

අමායා අල්මාරි කාමරයෙන් පිටතට පැමිණෙන අතරතුර ම පසෙක වූ ලාච්චුවකින් පීත්ත පටියක් අතට ගත්තා ය. නිදන කාමරයේ යහන අසල තුවායක් ඇඳගෙන සිටි විරාජ් වෙතට පැමිණි ඇය, තමා අතැති පීත්ත පටිය ඔහු අතට දුන්නා ය.

"You know now...? Haa..? Good girl..."

මඳහසක් පාමින් කියූ ඔහුට පිටුපෑ ඇය, තමන් ඇඳසිටි සේද කබාය ගලවන අතරතුර ඔහු, ඇගේ දෑස් වැසෙන සේ පීත්ත පටිය බැන්දේ ඈ මුවින් ගැඹුරු සුසුමක් ගිලිහෙන විට ය.
.
.
.
.
"විරූ, අපි හෙට තාත්තා බලලා එන්න යමුද..? නංගිටත් හෙට නිවාඩු..."

විරාජ්ගේ බාහුවක් මත හිස හොවාගෙන සිටි අමායා විමසුවේ හිස පමණක් ඔහු වෙත හරවා ය. ඈ සිටින දෙසට හැරුණු ඔහු නිහඬව ම ඇගේ නිරුවත් පිට පුරා සිය අතැඟිලි ගෙන යන්නට විය.

"විරූ..."

ඈ නැවතත් හඬ නැගුවේ ඔහුගෙන් පිළිතුරක් නොවූ බැවිනි.

"ඔයා ගිහින් එන්න ඒන්ජල්... මට හෙට කෝට් යන්න තියනවා..."

"කෝට්..? ඒ ඇයි..?"

ඇය විමසුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි.

"ක්ලබ් එකක ගිය පොඩි වලි සීන් එකකට... ඒක තාම ඇදි ඇදී යනවා... හෙට මං යන්නම ඕනේ..."

"ඔයාගේ ක්ලබ් එකකද..?"

"හ්ම්ම්ම්..."

"මොකක්ද උනේ..?"

ඔහු, ඇගේ කොපුලක් සිපගත්තේ ය.

"ඔයාට ඒවා බර වැඩී ලව්... හෙට උදේ ඔයාව මං විපුල් එක්ක යවන්නම්. හවසට මං ඔයාව එක්කං යන්න එන්නම්..."

"හෙට අපි අපේ ගෙදර ඉමුද..?"

විරාජ් මඳහසක් නගා ඇගේ දෑස් දෙස බැලීය. ඒ දෑස්වල වූ අවිහිංසක ආයාචනය ඔහුගේ ගොරහැඬි සිත මෙලෙක් කළ ද ඔහු, සිය අදහස් වෙනස් නොකරන තාලයේ මිනිසෙකු විය.

"ඔයා දන්නවනේ බේබි, මට එහෙම තැන්වල ඉන්න බෑ කියලා..."

"එහෙනම් මං හෙට එහෙ ඉඳලා එන්නද..?"

ඇය විමසන්නේ බියෙන් බව ඔහුට වැටහිණි.

"මට ඔයා නැතුව ඉන්න බෑ බේබ්... ඒ නිසා හෙට හොඳ කෙල්ල වගේ උදේ ගිහින් හවස මගෙත් එක්ක එමු... හාද..?"

ඇය හිස සැලුවේ එසේ හෝ ඇයට පියා බැලීමට යාමට අවස්ථාව සැලසෙන බව සිතමිනි. ඇගේ එකඟත්වයෙන් සැනසුණු ඔහු, ඇගේ නිරුවත් උරහිසක් මත දෙතොල් තවරන්නට විය.

"විරූ..."

"ම්ම්ම්ම්..."

"අර කබඩ් එකේ තියන ගන් එක ඇත්තම එකක්ද..?"

ඔහු එකවරම හිස ඔසවා ඈ දෙස බැලුවේ බොර පැහැ ගැන්වුණු දෙනෙතිනි.

"ඔයා ඊයේ ඒ කබඩ් එක ලොක් කරලා ගිහින් තිබ්බේ නෑ... ඉතිං මං අස් කරනකොට නිකමට වගේ ඒක ඇරලා බැලුවා... ඒකෙ ලාච්චුවක තමා මං ඒ ගන් එක තියනවා දැක්කේ..."

ඔහු මොහොතක් ඈ වත පුරා දෙනෙත් විහිදුවීය.

"ඒක රෙජිස්ටර්ඩ් ගන් එකක් ඩාලිං. මගේ ගාව ගන්ස් කලෙක්ෂන් එකක්ම තියනවා. මට හොඳට ෂූට් කරන්න පුළුවන්..."

ඈ දෑස විසල් වූයේ ඔහුගේ වදන් හමුවේ ය.

"ඉතිං... ඉතිං ඔයා වෙ ඩි තියලා තියනවද..? මිනිස්සුන්ට..?"

ඔහු සිනාසෙමින් ඇයගේ ගත වසා තිබූ ඇතිරිල්ල ඉවත් කොට ඈ මතට පැමිණියේ ඇයට, තම සිරුරේ බර නොදෙන ආකාරයට ය.

"තාම නම් නෑ... ඒත් ඕනේ උනොත් නොතියා ඉන්න එකකුත් නෑ..."

ඇය බියපත්ව ඔහු දෙස බැලුවේ වදන් සිරවූ මුවෙනි.

"ඩාලිං... මං ඔයා හිතන තරම් හොඳ මනුස්සයෙක් නෙවෙයි තමයි... But, I love you so much..."

ඇගේ නළලත මත සිය නළලත තබමින් ඔහු කීවේ ය.

"ඔයා නරක කෙනෙක් වෙන්න මොනවද කරලා තියෙන්නේ විරූ..?"

ඇය, ළදැරියක මෙන් විමසන්නට වූවා ය. පියාගේ සෙවණැල්ල යට හැදුණු ඇය, එතරම් සමාජාවබෝධයකින් යුක්ත නොවූවා ය.

"ගොඩක් දේවල්... ඒවා කිව්වොත් ඔයා බයවෙයි..."

"කමක් නෑ, කියන්නකෝ..."

"ඇයි..?"

"මං දැනගන්න ඕනනේ... මං ඔයාගේ වයිෆ්නේ..."

ඔහු මොහොතක් ඈ වත දෙස බලමින් කල්ගත්තේ ය.

"එහෙනම් මට ප්‍රොමිස් වෙන්න මේ කියන දේවල් ගැන ආයේ අහන්නෙත් නෑ, කියන්නෙත් නෑ කියලා..."

"ප්‍රොමිස්..."

ඈ, ඔහුගේ හිස මත අතක් තබමින් කීවේ ඔහුව සිනාගස්වමිනි.

"ඔයාව දකින්න කලින් මට හුඟක් කෙල්ලෝ හිටියා..."

"එච්චරද..?"

"ඇයි තව මොනාවත් තියෙන්න ඕනෙද..?"

ඇය හිස දෙපසට සැලුවා ය.

"විරූ..."

"ම්ම්ම්ම්..."

"ඔයා එයාලත් එක්කත් මෙහෙම හිටියද..?"

"හ්ම්ම්ම්..."

"හැමෝම එක්ක..?"

"ඔව්..."

"ඒ කිව්වේ..?"

ඔහු සුසුමක් හෙලුවේ ය.

"මට කෙල්ලෝ ගොඩක් හිටියා... මගේ සල්ලිවලට ඕනෙම කෙල්ලෙක්ට කතා කරන පරක්කුව විතරයි තිබ්බේ. උන් එනවා... ඒ හැම කෙල්ල එක්කම මගේ රිලේෂන්ශිප්ස් තිබ්බේ නෑ... සමහරු සෙක්ස්වලට විතරයි... හුඟක් අය එහෙමයි..."

ඇගේ විසල් වූ දෑසට ඔහුගේ මුවග දැල්වුණු මඳහස පෙනුණ ද ඇය සිටියේ කම්පනයෙනි.

"කීදෙනෙක්ද..?"

ඈ සෙමෙන් විමසුවා ය.

"ගොඩක්... මතක නෑ බං... ගණන් කරලා නෑ මං..."

ඇය සුසුමක් හෙලුවා ය. එය බර ඔහුට ද දැනිණි.

"ප්‍රින්සස්, මේ අහන්න... ඔයාව දැක්ක දා ඉඳලා මං වෙන කිසිම කෙල්ලෙක් එක්ක එහෙම ඉඳලා නෑ... නුවරඑළියේදී ඔයාව දැක්කට පස්සේ මං කොළඹ ඇවිත් පිස්සෙක් වගේ ඔයා ගැන හෙව්වා... ඊටපස්සේ ඔයා ගැන හැමදේම හොයාගත්ත ගමන් තාත්තා එක්ක විස්තර කියලා ඔයාලගේ ගෙදර ආවේ... ඔයාව දැක්ක දා ඉඳන් වෙන කිසිම කෙල්ලෙක් දිහා එහෙම බලලාවත් නෑ මං... ඒ නිසා ඒ ගැන බයවෙන්නෙපා... මට දැන් ඔයා විතරක් හිටියම ඇති ඩාලිං..."

ඈ වත මතට නැඹුරුවෙමින් ඔහු දැඩිව කීවේ ය. ඇය හිස සැලුවා ය.

"Good girl... ඔයා දැන් මාව මැරි කරලා ඉන්නේ... මාව අයිති ඔයාට. ඔයාව අයිති මට... ඔයාට මගෙන් ඈත්වෙන්න මං ඉඩදෙන්නෑ. ඒ ගැන හිතන්නවත් එපා ස්වීටි..."

ඇගේ දෙතොල මතට කෙටි හාද්දක් තැබූ ඔහු මොහොතක් ඈ වත දෙස බලාසිටියේ ය.

"ඇයි කෙල්ලේ ඇත්තටම උඹ මාව මැරි කළේ..? හරියට බඩගිනි සිංහයෙක්ට අහු උන බැටළු පැටියෙක් වගේ උඹ..."

ඔහු, දෙස බලමින් ඇය අපහසුවෙන් මඳහසක් පෑවා ය. පිටතට නොපෙන්වුව ද ඇය සිටියේ බියපත්ව ය.

"දැන් ඒ සිංහයාට ආයේමත් පොඩි බඩගින්නක් එනවා... මොකද කියන්නේ බැටළු පැටියෝ..?"

ඇගේ සවන් පෙත්තක් සිපගනිමින් ඔහු කෙඳිරීය. යළිත් ඇවිලෙන්නට යන ඔහුගේ ගින්දරට බිලිවීමට සිත හදාගනිමින් ඇය, සිය දෑස් පියාගත්තා ය.
.
.
.
.
"තාත්තටත් පිස්සු අක්කේ, උන්ගේ බලේට බයවෙලා මාසයක් යන්න කලින් මෙලෝ මලදානයක් හොයන්නැතුව ඔයාව බන්දලා දුන්නා... ඒ දවස්වල මං කොච්චර කිව්වද..? ඔයයි තාත්තයි කනකට ගත්තේ නෑ... දැන් නිකං බයේ ගැහෙනවා..."

චේතනාගේ ස්වරයෙහි වූයේ කෝපයකි.

"ඔයා හිතනවද පොඩී, මං බෑ කිව්වා කියලා විරූ මාව අතෑරලා දාලා නිකං ඉඳී කියලා..?"

අමායා විමසුවේ පශ්චාත්තාපී හඬකිනි.

"ඒක නම් ඇත්ත අක්කේ... ඒත් අනේ මන්දා... දැන් මොකද කරන්නේ..?"

"මට ඇත්ත දැනගන්න ඕනේ නංගි..."

අමායා දැඩිව කීවා ය. චේතනා සුසුමක් හෙලුවා ය.

"තිලිණයි, මට කියපු විදියට ඔය රිෂාන් කියන කොල්ලා මැරුණු සීන් එකට විරාජ් අයියගේ මොකක් හරි සම්බන්ධයක් තියනවා... ඊට සතියකට විතර කලින් ඒ දෙන්නා ක්ලබ් එකකදී රණ්ඩු වෙලා තියනවා..."

"ඒක විරූගේ ක්ලබ් එකක්ද..?"

"නෑ... හැබැයි ඊට අවුරුදු පහකට විතර පස්සේ විරාජ් අයියා ඒ ක්ලබ් එක සල්ලිවලට අරන් තියනවා..."

"එතකොට ඇයි ඒ කොල්ලා එක්ක මෙයා රණ්ඩු කරලා තියෙන්නේ..?"

"මට පේන විදියට චීත්ත කෑල්ලකට තමා... හැබැයි ඊට කලිනුත් ස්කූල් යන කාලේ රග්බි මැච් එකකදී ගියපු වලියකදී විරාජ් අයියා ඔය රිෂාන් කියන කොල්ලට ගහලා ඒ කොල්ලා හොස්පිටලයිස් කරලා තියනවා... කොහොමත් පොරගේ ඉතිහාස කතාවේ ඒ වගේ වලි කීපයක්ම තියනවා... හැබැයි මර්ඩර් කේස් එකකට තියෙන්නේ අරක තමා... තව අපි නොදන්න ඒවත් තියනවද දන්නෑ..."

"විරූට කොහොමත් හරියට කේන්ති යනවා..."

චේතනා සුසුමක් හෙලුවා ය. ඇයට, තම අහිංසක සොයුරිය පිළිබඳව දැනුණේ අනුකම්පාවකි.

"ඉස්සර මං හරියට ආඩම්බර උනා ඔයා ලස්සනයි කියලා හැමෝම කියද්දී... මට ඇත්තටම කිසිම ජෙලක් දැනුණේ නෑ මං ඔයා තරම් ලස්සන නැති උනාට... ඒත් අක්කේ, දැන් නම් මට හිතෙනවා ඔයා මේ තරම් ලස්සන නොවුනා නම් හොඳයි කියලා... එහෙම උනා නම් අර යකාගේ බැල්ම ඔයාට වැටෙන්නේ නෑනේ... ඔයා වගේම අහිංසක කොල්ලෙක්ව මැරි කරලා පාඩුවේ ඉන්න තිබ්බා මේ ප්‍රශ්න නැතුව..."

අමායා මඳ සිනහවක් පෑවා ය.

"මොනා උනත් මස්සිනාට යකා කියනවට මං විරුද්ධයි. හරිද..?"

චේතනා, ඈ දෙස ඍජුව බැලුවා ය.

"අක්කේ, මට ඇත්ත කියන්න... ඔයා විරාජ් අයියට ඇත්තටම ආදරෙයිද..?"

අමායා සිනහවක් පෑවා ය.

"විරූ, මගේ හස්බන්ඩ් නංගි... එයා කාට කොහොම උනත් එයා මට මාරම විදියට ආදරෙයි..."

"මං අහන්නේ එයා ඔයාට ආදරෙයිද කියලා නෙවෙයි අක්කේ... ඔයා එයාට ආදරෙයිද..?"

"ඔව්... මමත් එයාට ආදරෙයි..."

චේතනා යළිත් සුසුමක් හෙලා ඉවත බැලුවා ය.

"එහෙනම් විරාජ් අයියගේ කේස් පස්සේ පන්නන එක නවත්තලා එයාගේ ආවතේව කරගෙන දරුමල්ලෝ හදාගෙන ඉන්න අක්කේ... දැන් මොනා දැනගත්තත් ඇති වැඩක් නෑ..."

"ඒත් මට හැමදේම දැනගන්න ඕනේ නංගි... මට අර ඩිලෝන් කියන මනුස්සයව කන්ටැක්ට් කරලා දෙනවද..?"

"ඩිලෝන් කියන්නේ කාලයක් විරාජ් අයියගේ ළඟින්ම ඉඳපු කෙනෙක් අක්කේ... දැන් දෙන්නා තරහයි කිව්වට කවුද දන්නේ ඒක ඇත්තද කියලා..? ඔයාටත් අවුල් වැටෙයි..."

"එහෙම වෙන එකක් නෑ... තිලිණට කියන්නකෝ..."

"අක්කේ, ඩිලෝන් කියන්නේ ඩ්‍රග් ඩීලර් කෙනෙක්... මං දන්නෑ එහෙම මනුස්සයෙක්ව ලේසියෙන් එහෙම හම්බෙන්න පුලුවන්ද කියලා... අනික විරාජ් අයියා දැන් ඩ්‍රග් බිස්නස් කරන්නේ ඌත් එක්ක නෙවෙයි නම් ඔයා ඌ හම්බෙන්න යන එක රිස්කි. මොකද ඔය ඩ්‍රග් ඩීලර්ස්ලා අතරේ මාර කම්පෙටිෂන් එකක් තියෙන්නේ... උන් ඔයාට මොනා කරයිද දන්නෙත් නෑ..."

"මට ඇත්ත දැනගන්න ඕනේ නංගි... විරූ ඩ්‍රග්ස් ගන්නවා කියලා මං මේ මෑතක් වෙනකන් දන්නෑ... මං ඒක දැනගත්තා කියලා එයා මට මුකුත් කිව්වෙත් නෑ... ඒත් එයා ඩ්‍රග් බිස්නස් කරනවා ඇති කියලා මං හිතුවේ නෑ..."

චේතනා සුසුමක් හෙලුවා ය.

"අක්කේ, ඔයා පොඩි එකෙක් වගේ... එක අතකට විරාජ් වගේ එකෙක්ට ඕනෙත් ඔයා වගේ හැන්ඩ්ල් කරන්න ලේසි කෙල්ලෙක්ව... ඔයා එහෙම කෙල්ලෙක් වෙන්න බලන්න දැන්..."

"මට බෑ නංගි... තිලිණට කියන්නකෝ කොහොම හරි මාව අර ඩිලෝන් කියන මනුස්සයට මුණගස්සන්න කියලා... මට පුළුවන් නම් මං විරූව හදාගන්නවා... අනේ ප්ලීස්..."

විරාජ් පිළිබඳ අමායාගේ සිතැඟි ඉටුනොවන බව චේතනා හට වැටහුණ ද අවසානයේ ඇය, අමායා හා එකඟ වූවා ය.

"හරි අක්කේ... මං තිලිණට කියන්නම්..."
.
.
.
.
"කෙල්ල දන්නවද උඹ කරන දේවල් ගැන..?"

විරාජ්ගේ මිතුරෙකු මෙන් ම ව්‍යාපාර සගයෙකු ද වන ශෙවෝන් විමසීය.

"නෑ... ඒකිට ඔච්චර දෙයක් දරාගන්න බෑ..."

"මට හිතාගන්න බෑ ඇයි උඹ මෙච්චර අහිංසක කෙල්ලෙක්ව බැඳගත්තේ කියලා..."

විරාජ් මුව අගින් සිනානැගුවේ අතැති ලිපිගොනුව වසාදමමිනි.

"අමා කියන්නේ මගේ හිතේ ඇඳුණු ගෑනු රූපේ... හොයලා බැලුවම තමා තේරුනේ මට හරියන්නේ වැඩි සද්ද-බද්ද නැති එහෙම කෙල්ලෙක් කියලා... ඒ සේරටම වඩා මං ඒකිට ආදරෙයි... එච්චරයි..."

✍🏼 සකුනි හතරසිංහ

මතු සම්බන්ධයි.......

Comments

Popular Posts