වෙරළු මල් 🍁

 🍁 🍁🍁

⚠️මෙය "වෙරළු මල්" මුද්‍රිත ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක් පමණක් බව කරුණාවෙන් සලකන්න.⚠️

"දැන් මේ හැමදේම වෙලා ඉවරයි සසංක... ඒ නිසා මං කැමතියි උඹ ආයේ මගේවත්, මහියගේවත් ජීවිතවලට ඉන්වෝල්ව් නොවී ඉන්නවා නම්..."

"මං මොනවා උනත් කැතීට ආදරේ කළා කිත්ම..."

"ඒක නිසා තමා මහියා එදා උඹේ පපුවට නැතුව කකුලට වෙඩි තිබ්බේ... නැත්නම් ඕල් අයිලන්ඩ් එයාර් රයිෆල් චැම්පියන් කෙනෙක්ට තමන්ගේ ටාගට් එකක් ඔහොම මිස් වෙන්නේ නෑනේ..."

"කෝ දැන් උඹේ මහලොකු මහීම..? ගේ කපල් එකක් වගේ එකටමනේ ඉන්නේ උඹලා දෙන්නා..."

රදීෂ් එයට සිනාවක් පෑවේ ය.

"මහියා වෙහිකල් එකේ... ඌ ආවොත් දෙකක් උඹට ඇනලානේ මේවා කියන්නේ..."

"අපි දෙන්නටම වඩා කැතීට ආදරේ කරන්නේ මහීම..."

"හ්ම්ම්ම්..."

"බය නැද්ද මහීම කැතීට ළංවෙන්න හදයි කියලා..?"

රදීෂ් සිනාවක් සමඟ හිස දෙපසට වැනීය.

"මට මගේ ගෑණියි, මගේ හොඳම යාළුවයි දෙන්නවම ෂුවර්..."

සසංක හිස සෙලවීය.

"කැතීව උඹ කොච්චර කල් තියාගෙන ඉන්නද හිතාගෙන ඉන්නේ..?"

සසංකගේ පැනයට රදීෂ්, ඔහු වෙත හැරුණේ ගිනිගෙන දැවෙන දෑසිනි.

"යකෝ ඒ මගේ ගෑණි... උඹ හිතුවද උඹ වගේ අද බැඳලා හෙට ඩිවෝස් කරන්න මං ගෑණු ගන්නවා කියලා..."

"ඒත් ඉතිං ජන්මෙට වඩා පුරුද්ද ලොකුවෙන්නත් බැරිකමක් නෑනේ..."

"මොකක්ද උඹ කියන්නේ..?"

"මං මේ අහන්න හිටියේ මහියයි උඹයි දෙන්නා උඹලගේ ගෑණුත් ශෙයා කරගන්නවද කියලා..?"

රදීෂ් වහා නැඹුරු වී සසංකගේ ටීෂර්ටයේ කොලරයෙන් අල්ලාගත්තේ ය.

"මරනවා තෝව, දැනගනින්..."

දත් මිටිකමින් රදීෂ් ගිගුරුවේ ය.

"ඉතිං උඹලට බෙදාගෙන හදාගෙන කාලා පුරුද්දක් නැත්තේ නෑනේ..."                            

"යකෝ, ඒ කාලේ කරපු ගොන්කන් දැන් කරන්න උඹට වගේ අපිට අං නෑ හු-තෝ... අනික මං ඒ කරපු කිසිම දෙයක් ගැන රිග්‍රෙට් (පසුතැවෙනවා) කරන්නෙත් නෑ... ඒවා වෙලා ඉවරයි... ඕනේ උනත් රිවර්ස් කරන්න බැරි මඟුල් ඔලුවේ දාගෙන පිස්සු නටන්න මට ඕනේ නෑ තෝ වගේ..."

රදීෂ් වේගයෙන් සසංකව සෝපාව වෙතට තල්ලු කර ඔහුගේ මුහුණ වෙතටම පහත්වූයේ ය.

"අපෙන් ඈත්වෙලා ඉන්නවා සසංක... ආයේ මේක කියන්න තියන්නෙපා... කතීගේ හුස්මක්වත් උඹට වැටෙන්න මං ඉඩ තියන්නේ නෑ... ආයේ මොනව හරි මඟුලක් කරන්න ආවොත් මං තෝව මරනවා... ලිමිට්ස් පැන්නොත් කතීට උනත් එච්චරයි... මේ කිත්ම සෙකන්ඩ් චාන්සස් දෙන්නෑ. ඒක උඹ දන්නවා... තෝ ඕනේ අවලමක ගිහින් ඕනේ හු--ක් කරගනිං මගේ ඇස් මානෙට නෑවිත්..."

තර්ජනාත්මකව ගිගිරූ රදීෂ් නිවසෙන් පිටවගියේ සසංක දෙස යළිත් බැල්මක් හෙලීමටවත් පමානොවී ය.

✍🏼 සකුනි හතරසිංහ


 

Comments

Popular Posts