අනන්තයේ සිට ලියමි... ♾️



කවදාවත් කාටවත්
පිදුවේ නැති සිනහවක්,
මගෙ දොතොලෙ මතුවුණා
නුඹ දකින හැමවරෙක,
නුඹ දැක්කේ නැතුවැති...

කවදාවත් කාටවත්
කීවේ නැති කතාවක්,
මගෙ සිතේ ලියැවුණා
නුඹ නමින්,
නුඹ දන්නේ නැතුවැති...
 

✍🏼 සකුනි හතරසිංහ
      (2021.12.16)

Comments

Popular Posts