නොනිමි... 🤍
මතකය 01
"ආදරේ කියන්නේ අඬ අඬ තැවෙන එකට නෙවි..."
ඇල්පෙනෙත්තක් බිම වැටුණත් ඇහෙන තරම් නිහැඬියාවක් තිබ්බ පුස්තකාලයේ දී දවසක් එයා මගේ කනට කෙඳිරුවා.
"එහෙනම්..?"
මමත් ඒ ස්වරයෙන් ම ඇහුවේ ඒ මූණට එබීගෙන. එයා හිනාවෙලා තව ටිකක් මට ළංවුණා.
"මං නැති දාටත් ඔහොම හිනාවෙලා ඉන්න එකට... තොල්වලින් නෙවි ඇස්වලිනුත් හිනාවෙන එකට... අපි ගැන මතක් වෙන හැම මොහොතකම ඔය හිනාව මේ තොල්වලයි ඇස්වලයි ඉතිරෙන එකට... අන්න ඒක තමා ආදරේ කියන්නේ..."
ඒ ගැඹුරු ස්වරය ආයෙම මගේ සවනට කෙඳිරුවා.
ඒ වචනවල ඇත්ත තේරුම්ගන්න මට අවුරුදු ගාණක් ගියා...
දන්නවද..? එයා නැතත් අදටත් මං හිනාවෙනවා. 🤍
✍🏼 සකුනි හතරසිංහ
✍🏼 සකුනි හතරසිංහ
(2022.09.19)




Comments
Post a Comment