දෙමගක 🌈

(කෙටි නවකතාව - 05 කොටස)

-අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

මට දැනුනේ ලෝකෙම මගේ වටේ කැරකෙනවා වගේ. පොඩි අයියා ළඟට ඇවිත් මාව ඇල්ලුවත් මං එයාගේ අත ගසලා දැම්මා.

"චූටි..."

"බබා..."

එක එක ආමන්ත්‍රණවලින් පොඩි අයියා මට කතා කළා.

"නංගි..."

මට අයියාගේ කටහඬත් ළඟින්ම ඇහුනා. ඒත් මං හිටපු ඉරියව්ව වෙනස් කළේ නෑ.

අවුරුදු ගාණක් එක කාමරයක් බෙදාගෙන හිටපු ඒ දෙන්නා අතරේ මෙහෙම සම්බන්ධයක් ඇති කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ මං මේ ලෝකේ වැඩියෙන්ම විශ්වාස කරපු, වැඩියෙන්ම ආදරේ කරපු පිරිමි දෙන්නා. මං කොච්චර පව්කාරද එහෙම දෙයක් දකින්න තරම්. දෙවියනේ මිහී..? පුතා..? ඒ අස්සේ මට ඒ දෙන්නාවත් මතක් වුණා.

දොර පියන අල්ලගෙන නැගිටින කොටත් මාව ගැහෙනවා. පොඩි අයියා වගේම අයියාත් මට උදව් කරන්න ආවත් මං දෙන්නගෙම අත් ගසලා දාලා එන්න හැරුණා. එතකොටම කාමරේ ගාවට ආවේ ශෙනායා.

"Oh shit..."

ශෙනායාට කියවුණා. මං එයා දිහා නොබලම කාමරෙන් එළියට එන්න ආවා. ශෙනායාත් මාව අල්ලන්න හැදුවට මං එයාගේ අතත් ගසලා දාලා එන්න හැදුවේ.

"ශෙනා චුට්ටක් නංගිව බලනවා... අපි දෙන්නා ඇඳුමක් දාගෙන එන්නම්..."

අයියාගේ කටහඬ ඇහුනේ මට පිටිපස්සෙන්. මොකක්දෝ හේතුවකට මං ආපිට හැරිලා බලද්දි මං දැක්කේ අයියා වගේම පොඩි අයියාත් මං දිහා බලාගෙන ඉන්නවා. අයියා සරමක් පටලවන් අතකින් අල්ලගෙන හිටියේ එතකොටවත් හරියට ඇඳගෙන නෙවේ. පොඩි අයියා නම් කලබලේට ටවල් එකක්ද කොහෙද ඇඳගෙන හිටියේ. ඒ අව් අස්සේ මං මේවත් නෝට් කළා. ඒ දෙන්නගෙම ඇස්වල තිබ්බේ මං මීට කලින් කවදාවත් ඒ ඇස්වල දැකලා නැති ෆීලින්ස් වගයක්. මට ඒවා කියවගන්න බැරි වුණා. නැත්නම් මට ඒවා කියවගන්න තරම් ඕනේ කමක් තියෙන්න නැතිවැති එවෙලේ. ශෙනායා මගේ දිහාම බලාගෙන ඉද්දි මං එයා දිහාත් යන්තම් බලලා පඩිපෙළ ගාවට ඇවිත් පහළට බැස්සා. මගේ කාමරේට ගිය මං දොරවත් වහන්නැතුවම ඇඳට වැටුණා.

අඬන්න කඳුළුවත් උනලා තිබ්බේ නෑ මගේ ඇස්වලට. මං gay* අය ගැන අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ. මං හිතාගෙන හිටියා gay කියන්නේ ගෑනු ටයිප් පිරිමි අයට විතරයි කියලා. මටම හිනා ගියා මගේ මෝඩකම් ගැන. මං මොනාද සමාජේ ගැන දන්නේ..? ස්පෝර්ට්ස් කරලා ෆිගර් හදාගෙන හෙන පර්සනැලිටි එකක් මේන්ටේන් කරන කොල්ලෝ gay වෙන්නේ නෑ කියලා මං එච්චර කල් හිතාගෙන හිටියේ මොන පදනමකින්ද මන්දා. සමහරවිට සමාජය ගැන තිබ්බ නොදැනුවත්කම නිසා මං එහෙම හිතාන ඉන්නැති. නැතත් අයියාගෙනුයි, පොඩි අයියාගෙනුයි එහා ලෝකයක් මං කවදාවත් දැකලා තිබ්බෙත් නෑනේ. අයියා, පොඩි අයියා දෙන්නම ඉස්කෝලේ යන කාලේ ඉඳන් හැන්ඩියෝ. කිංග්ස් එකේ ඩිසිප්ලීන් හින්දමද මන්දා කොණ්ඩේ ඉඳන් කකුලේ නියපොත්ත වෙනකන් පිළිවෙළ, පිරිසිදුකම ඒ දෙන්නාගෙන් මං පොඩි කාලේ ඉඳන්ම දැක්කා. මමත් පොඩි කාලේ ඉඳන් ෆලෝ කළේ එයාලාව. ඒ දෙන්නා ස්පෝර්ට්ස් කරපු නිසා ගාණට ෆිගර්ස් මේන්ටේන් කළා. අදටත් ඒ දෙන්නා ජිම් යනවා. ඉගෙනගෙන හොඳ පෝස්ට් වලට ආවා. මං හිතුවේ එහෙම පිරිමි ඇට්‍රෑක්ට් වෙන්නේ කෙල්ලන්ට කියලනේ. අමු ගොන්කම තමා මගේ. නැත්තම් වෙන මොකක්ද..?

මගේ මෝඩකම් මතක් වෙද්දි තරහා දියවෙලා කලකිරීමක්, අප්පිරියාවක් මට දැනෙන්න ගත්තා. අයියා එක්ක පොඩි අයියා ඇඟේ නූල් පටක් නැතුව අර ඇඳ උඩ හිටපු හැටි, මං එතනට යනකොට පොඩි අයියා මාව කිස් කරනවා වගේම අයියාවත් කිස් කර කර හිටපු හැටි, ඒ දෙන්නගේ ලිප්ස් එකට බැඳිලා තිබ්බ හැටි, මාව බදාගන්න අත් දෙකෙන් පොඩි අයියා අයියාව බදාගෙන හිටපු හැටි, පොඩි කාලේ අකුණකට පවා බයවුණාම මාව බදාගන්න අත් දෙකෙන් අයියා පොඩි අයියාව බදාගෙන හිටපු හැටි, ඒ දෙන්නා කෙඳිරිගාපු හැටි මට මැවි මැවි පේන්න ගත්තා. මං ඇස් පියාගන්නත් බය වුණේ ආයේ ආයේ ඒක මට පේන නිසා.

ඒ අතරේ මට ඇහුනා ඒ තුන්දෙනා පහළට බහින සද්දේ. මගේ පහළ තට්ටුවේ කාමරේ තිබ්බේ කෑම කාමරේ එක්කමයි. ඒ ආව තුන්දෙනා කෑම කෑමරේ නතර වෙන සද්දේ මට ඇහුනා. ඊටපස්සේ මට අහන්න ඕනේ නැති වුණත් ඒ තුන්දෙනාගේ කතාබහ මට ඇහුනා.

අයියා- "නංගිට උඹ කතා කරනවද රමියා..?"

ශෙනායා- "කෙල්ල දැන් ඉන්න තත්වෙන් උඹලා දෙන්නගෙන් එකෙක්වත් එක්ක කතා කරයි කියලා මං හිතන්නෑ..."

පොඩි අයියා- "උඹ පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටියා නම් මේ අවුල වෙන්නෑනේ..."

ශෙනායා- "මං කිව්වා දවසක මෙහෙම දෙයක් වෙයි කියලා. ඇහුවද දෙන්නගෙන් එක්කෙනෙක්වත්..? වෙඩින් එකට කලින් අන්තිම පාරට. දැන් සැපද අන්තිම පාර..? මට ඇඟිල්ල දික් කරන්න එන්නෙපා රමී..."

අයියා- "රණ්ඩු නොවී හිටහන්කෝ..."

පොඩි අයියා- "වෙඩින් එක ඉවරවෙලා නම් අවුලක් නෑ බං... වෙඩින් එක කට උඩ නිසයි මට අවුල..."

ශෙනායා- "දැන්ද වෙඩින් එක කට උඩ කියලා මතක් වුණේ..? තාම දුකක් නැද්ද අර කෙල්ල ගැන උඹට..?"

පොඩි අයියා- "තමුසේ දන්නවා ශෙනා මං චූටිට හිත රිදෙන්න විහිලුවක්වත් කරන්න කැමති නෑ කියලා..."

ශෙනාලි- "එහෙනම් අච්චර දෙයක් දැක්කට පස්සේ කෙල්ල සතුටින් බල්ටි ගහනවා ඇති කියලද හිතන් ඉන්නේ..?"

අයියා- "ශෙනා ප්ලීස්... රණ්ඩුව නවත්තලා නංගිව පොඩ්ඩක් බලහන්... ඕකි දැන් කීයටවත් අපි දෙන්නා එක්ක කතා කරන්නෑ..."

අයියා ඒ කිව්ව එකට ශෙනායා මුකුත්ම කිව්වේ නෑ. ඒ වෙනුවට ටිකකින් මට දැනුනේ මගේ ඇඳේ පැත්තකින් කවුරු හරි ඇවිත් ඉඳගත්තා කියලා. මං කොට්ටෙට මූණ ඔබාගෙන හිටියේ දැනුන්නෑ වගේ.

"නංගි..."

ශෙනායා මට කතා කළේ මගේ ඔලුව අත ගාලා. මං හෙලවෙන්නැතුව එහෙමම හිටියට ශෙනායා මගේ ඔලුව අතගාන එක නතර කළේ නෑ. මිනිත්තුවක් විතර එහෙමම හිටපු මං උඩු අතට හැරුණේ ඇත්තටම ශෙනායා ගැන දැනුනු අනුකම්පාවට. මං එයාව මේකට ඈදගෙන සැක කරලා තියෙන්නේ බොරුවටනේ.

"මං හිතුවේ අඬනවා ඇති කියලා..."

ශෙනායා කිව්වේ කඳුලක්වත් නැති මගේ ඇස් දෙක දිහා බලලා.

"මගේ තැන ඔයා හිටියා නම් ඔයා අඬනවද..?"

මං ශෙනායාගෙන් ඇහුවේ ඇඳ විට්ටමට හේත්තු වෙලා කොට්ටේකුත් බදාගන්න ගමන්.

"ඔව්. අඬයි නෙවෙයි ගේ දෙක කරයි... මං ඔයා තරම් ස්ට්‍රෝන්ග් නෑ නංගි..."

ශෙනායාට මං කවදාවත් ඔයා මෙයා කිව්වා මිසක් අක්කේ කිව්වේ නෑ. ශෙනායා කවදාවත් මට අමන්දා කියලා කිව්වේ නැතුවට කට පුරෝලා නංගි කියලා කතා කළා. මොන හේතුවකටද මන්දා එවෙලේ මට මතක් වුණේ ඒක. මට හීල්ලුනා.

"මේ ලෝකේ එහෙම දේවල් තියනවා නංගි. ඒ නිසා නෙහාරවත්, රමිත්වත් කළේ වරදක් නෙවේ... මිනිස්සු ආදරේ කරන දේවල් විවිධාකාරයි. මොකද ආදරේ කියන්නේ තෝරාගැනීමක් නෙවේ. ඒක හැඟීමක්... සෙක්ස් ඒකේ ක්‍රියාපදය වෙන්නේ ඊටත් පස්සේ..."

අමුතුම අදහසක් දෙන ගමන් ශෙනායා කතාව පටන් ගත්තා.

"ඒත් මේක අස්වාභාවිකයි..."

මං කිව්වා.

"නෑ පැටියෝ... මේක එහෙම අස්වාභාවික දෙයක් නෙවේ. සමහර රටවල මේක ලීගල්... ඒත් සංස්කෘතිය කියන දේ ඉස්මුදුනේ තියලා සලකන ලංකාව වගේ රටවල්වල ආදරේ කියන දේ ලීගල් ෆ්‍රේම් එකකට ගේන්න හරි අමාරුයි නංගි... ඒ නිසා මේ වගේ දෙයක් අපිට තේරුම්ගන්න බැරිවෙන එක අපේ වරදක්මත් නෙවේ..."

"එයාලා අතරේ තියෙන්නේ සෙක්ෂුවල් බොන්ඩ් එකක් විතරක් නෙවේද..?"

ශෙනායා අමුතු හිනාවක් දැම්මා.

"නෑ. ඒ දෙන්නට දෙන්නා ආදරෙයි... ඔයාලා හැමදාමත් දැක්කේ ඒ දෙන්නා අතරේ තියන බොන්ඩ් එක බ්‍රදර්හුඩ් එකක් විදියට උනාට ඒ දෙන්නා අතරේ ඊට වඩා ඩීප් බොන්ඩ් එකක් තිබ්බා හැමදාම... ඒක සෙක්ස් මත ඩිපෙන්ඩ් උනු දෙයක් නෙවේ පැටියෝ... ලව් කියන්නේ සෙක්ස්වලට වඩා දෙයක්..."

"ඇයි එහෙනම් එයාලා මාවයි, මිහීවයි බැන්දේ..? අනික මිහීටයි, අයියාටයි බබෙක් පවා ඉන්නවා දැන්... මගෙයි පොඩි අයියාගෙයි අෆෙයාර් එකත් නිකම්ම ලීගල් මැරේජ් එකකට වඩා දුර ගිය එකක්... එයාලා එයාලාට ආදරෙයි නම් කොහොමද අපි දෙන්නා එක්ක එයාලා සෙක්ස් කළේ..? අයියා කොහොමද දරුවෙක් හැදුවේ..?"

මට ඇහුනා කෑම කාමරෙන් පුටුවක් හයියෙන් පස්සට වෙන සද්දේ. ආවේගේ නිසා මං කතා කළේ හයියෙන්. ඒත් එක්කම පොඩි අයියා, අයියාට කතා කරනවා ඇහුනා.

"නෙහා..."

"නෙහාර දන්නෑ ඔයයි, රමිතුයි අතරේ ඒ උන දේ..."

ශෙනායා කියපු දේ නිසා මට ආයෙම හීල්ලුනා. මොක වුණත් අපේ ගෙදර මිනිස්සු ඕවගේ දේවල් ගැන හිතන විදිය මං දැනගෙන හිටියා.

"ඔයාට පොඩි අයියා කිව්වද..?"

මං ඇහුවා.

"හ්ම්ම්ම්... ඔයා ප්‍රෙග්නන්ට් වෙයි කියලා රමිත් බයවෙලා හිටියේ. ඒ නිසා මගෙන් ඇහුවා ඒකට කරන්න දෙයක් එහෙම වුණොත්... පස්සේ රමීම කිව්වා අවුලක් නෑ කියලා... රමී දුක් උනා එහෙම දෙයක් වුණොත් හැමෝම ඔයාට බනීවි කියලා. ලංකාවේ ඔහොම සිද්ධියකදි ඇඟිල්ල දික් වෙන්නේ කෙල්ලටනේ. එයා බයෙන් හිටියේ එයා නිසා ඔයාට එහෙම වෙයි කියන එක ගැන..."

මට පොඩි අයියා ගැන මුකුත්ම දැනුනේ නෑ ඒ කතාවට.

"ඔව් ඉතින්... අයියා එක්ක සෙක්ස් කරද්දි එහෙම ප්‍රෙග්නන්ට් වෙයි කියලා රිස්ක් එකක් නෑනේ එයාට..."

මං කිව්වේ සමච්චලේට. ශෙනායාත් පොඩි හිනාවක් දැම්මා.

"හ්ම්ම්ම්... ඔයා ඇහුවනේ නංගි එහෙනම් ඇයි ඒ දෙන්නම ඔයාවයි, මිහීවයි මැරි කළේ කියලා... මොකද එයාලා දෙන්නා gay නෙවේ. Bisexual*... එයාලාට මේල් ඇන්ඩ් ෆීමේල් ජෙන්ඩර්ස් දෙකම එක වගේ ෆීල් වෙනවා. රමිත් වගේම නෙහාරත් bisexual. ඒ නිසා නෙහාරට මිහින්දිව මැරි කරලා එයා එක්ක බබෙක් හදන එකවත්, රමිත්ට ඔයාව මැරි කරලා ඔයා එක්ක බබෙක් හදන එකවත්, ඒ දෙන්නාගේ අෆෙයාර් එක මැරේජස් තියෙද්දිම කන්ටිනිව් කරන එකවත් ගැටලුවක් නෑ..."

ශෙනායා කතා කළේ ඉවසීමෙන්. ඒත් මට ඒ ඉවසීම තිබ්බේ නෑ. මට ඒ දෙන්නව එහෙම සාධාරණීකරණය කරන්නත් බෑ.

"මේක එයාලා දෙන්නාගේ යාලුවොත් දන්නවද..?"

මං එහෙම ඇහුවේ නිකමට. හේතුවකටම නෙවේ.

"නෑ... මං විතරයි දන්නේ..."

"ඔයාට ඒ දෙන්නව අප්පිරියා නැද්ද..? නැත්නම් එයාලා දෙන්නා එක්ක ඔයත් සෙක්ස් කරලා තියනවද..?"

ඒ ප්‍රශ්නෙට නම් ශෙනායා හයියෙන් හිනාවුණා.

"ඔයා එහෙම අහන්නේ කැම්පස් එකේ උන් අපි තුන්දෙනාට threesome* කියන නිසාද..?"

ශෙනායා ඇහුවම මං ඔලුව වැනුවා.

"කවදාවත් නෑ නංගි. හිතලාවත් නෑ... මට කොල්ලෝ ගැන ෆීලින්ස් නෑ. මොකද මං lesbian* කෙනෙක්..."

ඒක ඇහුවම නම් මං ගැස්සුනා. ශෙනායා ටොම්බෝයි ටයිප් කෙල්ලෙක් තමා. ඒත් lesbian කියලා මං හිතුවෙම නෑ.

"ඔයාටත් මං ගැන අප්පිරියා හිතුනද..?"

එවෙලේ නම් ශෙනායාගේ මූණේ තිබ්බේ මං කවදාවත් එයාගේ දැකලම නැති විදියේ අසරණ අහිංසක හිනාවක්. මගේ ඔලුව අතගාන එකත් එයා නැවැත්තුවා.

"රමීයි, නෙහායි එයාලගේ අෆෙයාර් එක ගැන අනික් අයගෙන් හංගගෙන ඉන්න තරම් ලකී උනාට මගේ අෆෙයාර් එක ගැන පොඩි කටකතාවක් කැම්පස් එක පුරා ගියා... ඒක අහපු හැමෝම මං දිහා බැලුවේ අප්පිරියාවෙන්... එවෙලේ මගේ උදව්වට ආවේ මුන් දෙන්නා. එයාලට විතරයි මාව තේරුම්ගන්න පුලුවන් උනේ... එයාලා දෙන්නා එක්ක මං හැමවෙලේම ඉන්න නිසා අර කතාව එහෙම්ම යටපත් වෙලා ගියා. එයාලා දෙන්නා එක්කම මං හැමවෙලේම ඉද්දි ඒ දෙන්නවත් කවුරුවත් සැක කළෙත් නෑ... ඊටපස්සේ තමා අනික් උන් අපි තුන්දෙනාට threesome කියලා විහිලු කළේ..."

කිසිදෙයක් අහන මානසිකත්වෙක නොහිටියත් මං ඔහේ අහගෙන හිටියා.

"ඔයා කියන්නේ මට පොඩි අයියාව මැරි කරන්න කියලද..? හැමදේම මං දැනගත්තට පස්සෙත්..?"

මං ඇහුවේ අහක බලාගෙන. පොඩි තරහක් මගේ හිතේ ඇතිවෙමින් තිබ්බේ.

"ඒක ඔයා තීරණය කරන්න නංගි... මේ ජීවිතේ මගේ නෙවේ ඔයාගේ. මට බෑ ඔයාට ඔපීනියන් දෙන්න..."

ශෙනායා කිව්වේ මං නොහිතුවම විදියේ කතාවක්. මාත් එක්කම ශෙනායාත් හීල්ලුවා.

"රමිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න නංගි... ඌ ඉන්නේ අවුලෙන්..."

ශෙනායා ඉල්ලුවා.

"මට පොඩ්ඩක් තනියෙන් ඉන්න ඕනේ අක්කේ... මට බෑ දැන්ම එයාලා එක්ක කතා කරන්න..."

ශෙනායා මං කිව්ව එක පිළිඅරගෙන ඇඳෙන් නැගිට්ටා. එයා අත දික් කළේ මගේ ඔලුවට අත තියන්න කියලා මට තේරුණත් මොකක්දෝ හේතුවකට එයා තත්පර ගාණක් එහෙම ඉඳලා අත අහකට ගත්තා. ඊටපස්සේ ලස්සනට හිනාවුණා.

"ඔයාට කතා කරන්න ඕනේ නම් නංගි, මං ඕනේ වෙලාවක ඉන්නවා... ඔයාගෙයි මගෙයි සෙක්ස් ප්‍රිෆරන්සස් වෙනස් උනාට අපි දෙන්නම කෙල්ලෝ... එතනදි අපි දෙන්නම සමානයි..."

එහෙම කියපු ශෙනායා කාමරෙන් එළියට ගියා. මං ඇඳ විට්ටමට ඔලුව තියාගත්තේ කෑම කාමරෙන් ඇහෙන කටහඬවල් අහන ගමන්මයි.

"රමී... එයා තාම කන්ෆියුස්. දැන්ම එයා එක්ක කතා කරලා අවුල් කරවන්නෙපා... එයාට ටිකක් ඉන්න දෙන්න..."

ශෙනායා කියනවා මං අහගෙන.

පොඩි අයියා- "මට බැන්නද..?"

ශෙනායා- "නෑ... ඒත් ඔයා එක්ක අවුලෙන් ඉන්නේ... ඔය දෙන්නා එක්කම..."

අයියා- "ඇයි උඹ මට කිව්වේ නැත්තේ උඹ නංගි එක්ක හිටියා කියලා..?"

ඒ ප්‍රශ්නෙන් පස්සේ පොඩි සයිලන්ස් එකක් තිබ්බා.

පොඩි අයියා- "වෙඩින් එක ඉවර වෙනකන් එච්චර දුර යන්න අයිඩියා එකක් තිබ්බේ නෑ බං. ඒත් එහෙම උනා... ඊටපස්සේ මට ඒක හරිම ගිල්ටි වගේ දැනුනේ... වෙන දේකට නෙවේ පොඩි කාලේ ඉඳන් තමන්ගෙම දරුවෙක්ට වගේ මට සලකපු නැන්දටයි, මාමටයි මං වරදක් කළා වගේ ෆීලින් එකක් ආවා... අනික චූටි හිටියෙත් ටිකක් අමාරුවෙන්. මට ඒකත් අවුල් ගියා..."

අයියා- "මෙච්චර කාලෙකට උඹයි මායි අතරේ රහස් තිබ්බේ නෑනේ..."

ඒ වචන ටිකට නම් මගේ ඇඟ සීතල වෙලා ගියා.

පොඩි අයියා- "එහෙම එකකට මං නොකියා හිටියා නෙවේ බං... මොනා උනත් උඹ චූටිගේ එක්කුස උපන් අයියා. මොන අයියෙක්වත් එහෙම දෙයක් තමන්ගේ නංගිට උනා කිව්වම ඉවසන්නෑනේ..."

ශෙනායා- "Bisexual වෙනවා කියන්නෙත් හෙන ප්‍රශ්නයක්නේ... මන්දා බං... දැන් ඕවට උඹලා දෙන්නා මරාගන්නෙපා... අනික රමී අතින් ඒක උනේ රමී නංගිව බැඳලා ඉද්දිනේ. ලීගලි එයාලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්... ඒක නෙවේ දැන් තියන ප්‍රශ්නේ. නංගිව කාම් ඩවුන් කරගන්න එක... වෙඩින් එකට තව සති තුනයි බං තියෙන්නේ..."

ඊටපස්සේ එයාලා කතා කර කර සාලේ පැත්තට ගියා. මං එහෙමම කොට්ටෙට ඔලුව තියාගත්තා. පැය භාගෙකින් විතර කාර් එකක් ස්ටාර්ට් වෙන සද්දේ ඇහුන නිසා ශෙනායා යන්නැති කියලා මං හිතුවා. ආයේම අයියාගෙයි, පොඩි අයියාගෙයි ඩීප් වොයිස් දෙක කෑම කාමරේ දිහායින් ඇහෙනකොට මං කොට්ටේ අස්සේ මූණ හංගගෙන නිදි වගේ හිටියා. මට ඇහුනා දොර රෙද්ද ඇදෙන සද්දේ. ඒත් මං එහෙමම මුණින්තලා වෙලා හිටියේ නිදි වගේ.

"නින්ද ගිහින්ද කොහෙද..."

අයියා කියනවා ඇහුනා. ආයෙම කෑම මේසේ පුටු ඇදෙන සද්දයක් ඇහුනා. ගොඩක් වෙලාවට අපේ ගෙදර කට්ටිය සෙට් වෙලා කයිය ගහන්නේ කෑම කාමරේ ඉඳගෙන තමයි. ඒ දෙන්නාගේ කටහඬ ඇහෙද්දි මට හීල්ලුනා.

පොඩි අයියා- "දැන්ම යනවද..?"

අයියා- "අම්මා කිව්වා එයාලා එනකන් ඉන්න කියලා..."

පොඩි අයියා- "බයද..? නැත්නම් සැකද..?"

අයියා- "පිස්සුද..? කොහොමත් නංගිව බැන්දම ඕවා වෙනවා කියලා මං දැනගෙනනේ හිටියේ... අනික මං මිහීව බැන්දට පස්සේ නිකං උඩ බලන් හිටියේ නෑනේ... බයක්වත්, සැකක්වත් නිසා නෙවේ. අම්මා කියපු නිසා ඉන්නේ. නැත්නම් මගේ ඔලුව කනවා..."

පොඩි අයියා දීපු උත්තරේ මට ඇහුනේ නෑ. ඒත් එයා මොනා හරි කිව්වා කියලා මට තේරුනා.

"බය නැතුව ඉඳහන්... සතියක් විතර යද්දි නංගි ශේප් වෙයි... දැන් කොහොමත් උඹලා දෙන්නා බැඳලනේ ඉන්නේ..."

අයියා, පොඩි අයියා කියපු දේකට කියනවා ඇහුනා. මට ආයේ එයාලව නෑහෙන්න මං කොට්ටෙකින් කන වහගත්තා. ආයේ මං ඇහැරුණේ අම්මා ඇවිත් මාව ඇහැරෙව්වම.

"අයියා යද්දි කියලා ගියේ ඔයා ඔලුව රිදෙන නිසා හාෆ්ඩේ ආවා කියලා... අපි එද්දි පොඩි පුතත් ඇවිත්... නිදි හින්දා කතා නොකළේ... දැන් මොනා හරි කාලා පැනඩෝල් දෙකක් බීලම නිදාගන්න..."

අම්මා එහෙම කිව්වම අයියලා එයාලා එක්ක කියපු දේවල් මට තේරුණා. අම්මා පව්. රකින්න දෙයක් නැතුවත් මාව තාම රකිනවා. අම්මා දන්නවා නම්... අම්මට මුරණ්ඩු වෙන්න නොහිතුනු නිසා බත් කටවල් දෙක තුනක් කාලා බෙහෙත් බීලා නිදාගත්තේ ඇඟට උණ ගතියක් දැනුණු නිසා. පහුවදා මට හොඳටම උණ ගැනිලා තිබ්බා. අම්මායි, පොඩි අයියායි මාව එක්කගෙන ගිහින් බෙහෙත් අරං ආවා. පොඩි අයියා මාව අල්ලද්දි මට අප්පිරියාවක් දැනුණත් අම්මා ඉස්සරහා මුකුත් කියන්න බැරිකමටයි මං ඉවසලා හිටියේ. එදා හවස මිහීයි, පුතයි එක්කන් අයියාත් ආවා. අම්මා වගේම අප්පච්චිත් පුතාගේ හුරතලෙයි, මගේ වෙඩින් එකේ වැඩයි එක්ක බිසී වුණා. මම නම් හිටියේ හිතින් මැරුණු ගාණට. ඊටපස්සේ වීක්-එන්ඩ් එකේ පොඩි අයියා ගිහින් නැන්දාවයි, ආච්චිවයි එක්කන් ආවේ වෙඩින් එක කිට්ටුයි කියලා. ලොකු අයියලාත් වෙඩින් එකට සතියක් තියලා බබාලා එක්කම ලංකාවට එනවා කියලා හිටියේ. ඒත් මං නම් හිටියේ ෆ්‍රීස් වෙලා වගේ.

ඒ සතියෙම මං අයියාවයි, පොඩි අයියාවයි මඟඇරලා හිටියේ. ගෙදර ආව ගමන් එක්කෝ පුතාව හුරතල් කළා. නැත්නම් ගෙදර වැඩක් කළා. එයාලට මගෙත් එක්ක කතා කරන්න ටයිම් එකක් මං දුන්නෙම නෑ. පොඩි අයියාගේ වගේම අයියාගෙත් කෝල්ස් මැසේජස් වලට මං රෙස්පොන්ඩ් කළෙත් නෑ.

වෙඩින් එකට සති එකහමාරක් විතර ඉතුරුවෙලා තියෙද්දි මං හිටියේ ලොකු ප්‍රෙෂර් එකකින්. මං එදා OT කියලා ගෙදරට බොරුවක් ගහලා ශෝට් ලීව් දාලා තනියම ගෝල්ෆේස් ගියේ කල්පනා කරන්න ඕනේ නිසාමයි. කල්පනා කරද්දි මට මතක් වුණේ ශෙනායාව. මං කවදාවත් කෝල් අරගෙන නොතිබ්බ එයාගේ නම්බර් එක එහෙමම ඩයල් කළේ ආයේ මගේ හිත වෙනස් වෙන්න කලින්.

"කියන්න නංගි..."

හෙලෝ කියන්නත් කලින් ශෙනායා මාව අඳුරගෙන කතා කළා. එයා ගාව මගේ නම්බර් එක තියෙන්නැති.

"අක්කේ මට ඔයා එක්ක කතා කරන්න ඕනේ..."

හිතේ කිසිම කහටක් නැතුව මං එයාට අක්කේ කිව්වා. එයා lesbian කිව්වට මට එයා ගැන අපුලක් දැනුනේ නෑ. මොකද අයියලා දෙන්නා වගේ නෙවේ එයා එයාගේ සෙක්ෂුවල් ෆීලින්ස් බෙදාගත්තේ කෙල්ලෙක් එක්ක විතරයිනේ. ඒකට කොල්ලෙක්ව ගාවගත්තේ නෑනේ. මං හරි වුණත් වැරදි වුණත් මට ඒ දෙක පෙනුනේ එහෙම.

"නංගි දැන් කොහෙද ඉන්නේ..? තාම ඔෆිස් එකේද..?"

"නෑ අක්කේ. මං ගෝල්ෆේස් ආවා ශෝට් ලීව් දාලා... හිත එක තැනක තියාගෙන වැඩක් කරන්න බැරි තරම් හිත අවුල්... වෙඩින් එකට හැමෝම රෙඩි වෙනවා. ඒත් මට ඒවට උදව් කරන්නවත් හිතෙන්නැති තරම්... අම්මා ඊයෙත් බැන්නා වෙඩින් එක මගේ උනාට මට කිසිම උනන්දුවක් නෑ කියලා... මට පොඩි අයියා එක්කවත්, අපේ අයියා එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ අක්කේ..."

මං ශෙනායා එක්ක අවංක වුණා.

"නංගි, මං දැන් ඔෆිස් එකේ ඉන්නේ... තව පැය කාලෙන් මං ඕෆ් වෙනවා... මං එන්නද ඔයා ඉන්න තැනට..? පොඩ්ඩක් කතා කරමු අපි..."

"හා අක්කේ... ඔයාට කරදරයක් නැත්නම්..."

ශෙනායා ඇහුවම මං හා කිව්වේ මගේ හිත ක්ලියර් කරගන්න මට ඕනේ වුණ නිසාමයි.

"මොන කරදරයක්ද නංගි..? ඉන්න මං එන්නම්... අරුන් දෙන්නට කියන්නෑ මං ඔයාව මීට් වෙනවා කියලා..."

මට කියන්න ඕනේ වුණ දේ එයාම කිව්වා. මං කෝල් එක කට් කළේ යන්තම් දැනුනු සැනසීමක් එක්ක. ශෙනායා එනකන් මං ඔහේ කල්පනා කර කර මුහුද දිහා බලන් හිටියා. මට හිතුනේ අපි දුෂ්ටයෝ කියලා හිතෙන අය වීරයෝ වෙන්නත්, වීරයෝ කියලා හිතෙන අය දුෂ්ටයෝ වෙන්නත් කොච්චර පොඩි වෙලාවක්ද යන්නේ කියලා. මගේ කල්පනාව බිඳුනේ ශෙනායා ආවම. ඔහේ වල්-පල් ටිකක් කියවලා ශෙනායාම ටොපික් එකට එනටර් වුණා.

"ඔයාට රමිත් ගැන තියන අවුල මොකක්ද නංගි දැන්..?"

"මට පොඩි අයියාව අප්පිරියයි අක්කේ... මං මුල්ම සැරේ එයා එක්ක හිටියේ එයාගේ කිසිම බලපෑමක් නිසා නෙවේ... ඒකෙන් පස්සේ මට ඒ ගැන ගිල්ටි ෆීලින් එකක් තිබ්බට එදා අපි එහෙම හිටියේ දෙන්නගෙම කැමැත්තට..."

මං ෆුල් ඕපන් වුණා ශෙනායාට.

"රමිත් බය උනේ ඔයාට මේ නිසා ගෙදරින් ප්‍රශ්නයක් එයි කියලා විතරයි නංගි... එහෙම නැතුව එයා කිසිම තැනක කිව්වේ නෑ එයාට ඔයාව ෆීල් වුණේ නෑ වගේ දෙයක් නම්. රමිත් ඒක මගෙත් එක්ක කියපු විදියට එයා ඒක උපරිමෙන් විඳින්නැති කියලමයි මට හිතුනේ... මට ඒ ගැන පුදුම හිතුනා. මොකද රමිත්ගෙයි, නෙහාරගෙයි මෙන්ටලි ඇටෑච්මන්ට් එක වගේම සෙක්ෂුවලි ඇට්‍රෑක්ෂන් එකත් මං හොඳටම දැනගෙන හිටියනේ... ඉතිං රමිත්ට ඔයාවත් එහෙම සෙක්ෂුවලි ෆීල් වුණා කිව්වම මට නිකං මොකක්ද වගේ හිතුනා... හරියට දැන් ඔයාට දැනෙනවා වගේ අප්පිරියාවක්, කලකිරීමක් වගේ දෙයක් දැනුනේ... ඒත් ආපහු මං හිතුවේ නෙහාරත් මිහින්දි එක්ක හොඳ මැරේජ් ලයිෆ් එකක් ගතකරනව නේද කියලා... ඊටපස්සේ මං හිතාගත්තා bisexual අයට ඒක ඕකේ ඇති කියලා... ඒත් මගේ මට්ටමට මට ඒක ටිකක් අමුතුයි වගේ නංගි..."

ශෙනායා කතා කළේ අවංකවම.

"ඔයාට ඔය දැනෙනවා වගේ අපුලක්, කලකිරිමක් තමා අක්කේ මට දැන් පොඩි අයියා ගැන දැනෙන්නේ... මට එයා මගෙත් එක්ක හිටපු එක ගැන මට ගිල්ටි ෆීලින් එකක් දැනුනේ අපේ ගෙවල්වලින් ආපු ට්‍රැඩිෂනල් අයිඩියාස් එක්ක... ඒත් අක්කේ එයා අයියා එක්ක එහෙම ඉන්නවා දැක්කයින් පස්සේ මට එයාව අප්පිරියයි වගේ දැනෙනවා... මට ඒ දෙන්නගේ ඒ රිලේෂන්ශිප් එක තේරුම්ගන්න බෑ අක්කේ..."

මං හීල්ලුවා. මගේ හිතට හරි මහන්සියක් දැනුනේ.

"ඔයා අහලා තියනවද නංගි LGBT* කියලා එකක්..?"

ශෙනායා මගෙන් ඇහුවා.

"අහලා තියනවා... ඒත් ඒ ගැන ලොකුවට හොයලා නෑ. මොකද මගේ සෙක්ෂුවල් ඩිසයර්ස් (ලිංගිකත්වය පිළිබඳ ප්‍රබල හැඟීම්) ඒ රේන්ජ් එකට සම්බන්ධ නෑනේ අක්කේ..."

මං කිව්වම ශෙනායා ඔලුව වැනුවා.

"මං ඔයාට ඔයාගේ පැත්තෙන් කතා කරන්න කලින් මේ ගැන රමිත්ගේ පැත්තෙන් පැහැදිලි කරලා ඉන්නම් නංගි. කමක් නෑනේ..?"

ශෙනායා ඇහුවම මං හා කිව්වා. මටත් ඒ වෙද්දි හරියට මේ ගැන තේරුම්ගන්නත් ඕනේ වුණා.

"LGBT අකුරු හතරෙන් කියවෙන්නේ Lesbian, Gay, Bisexual, Transgender* කියන කොටස් ටික. මේ වෙද්දි ඕකට Queer*, Intersex*, Asexual* කියන කියන කොටස් එකතු කරලා LGBTIQA+ කියලා කියන්නේ... Plus කියන එකට තාමත් සම්පූර්ණයෙන් විස්තර කරන්න බැරි සෙක්ෂුවල් ඔරියන්ටේෂන්ස් (ලිංගික දිශානතීන්) සහ ජෙන්ඩර් අයිඩෙන්ටිටීස් (ලිංගික අනන්‍යතාවයන්) තියන අයව තමා අයිති වෙන්නේ. ඔයාට මේ ගැන ගූගල් සර්ච් කරලා තව විස්තර හොයාගන්න පුලුවන් නංගි..."

ශෙනායා විස්තර කරන්න ගත්තේ හරියට එයා කැම්පස් එකේදි අපිට ලෙක්චර්ස් කළා වගේ. මට ඒවා සේරම අහන්න ඕනේ වුණේ නැතත් මං අහගෙන හිටියේ මේ වෙනකොටත් මගේ ගූගල් සර්ච් හිස්ට්‍රි එක ඔය වගේ දේවල්වලින් පිරිලා තිබ්බත් ඒ කිසිම දෙයක් මගේ ඔලුවට හරියට ගියේ නැති නිසා.

"මුල්ම දේ නංගි, සාමාන්‍ය සෙක්ෂුවල් ෆීලින්ස් තියන අයගෙන් මේ අය වෙන් කළාට මෙයාලා ලෙඩ්ඩුවත්, ඔයාලට වඩා වෙනස් අයවත් නෙවේ. මෙයාලත් මේ මිහිපිට හුස්ම ගන්න මිනිස්සු පිරිසක්... එකම වෙනස එක්කෝ එයාලගේ ජෙන්ඩර් අයිඩෙන්ටිටීස්. නැත්නම් එයාලගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන්ස්..."

ශෙනායා හීල්ලුවා. මට එයා ගැන දුකක් දැනුනට අයියලා දෙන්නා ගැන එහෙම දැනුනේ නෑ.

"ඔයා දැනටම Bisexuality ගැන හොයලා ඇතිනේ..?"

මං ඔව් කියන්න ඔලුව වැනුවා.

"Pansexuality* කියන්නෙත් ඒකම වගේ තමා... Gay ඇන්ඩ් Lesbian කියන්නේ Homosexuality* කියන කොටසට අයිති අය. මං වගේ අය... ඔයා අයිති වෙන්නේ Heterosexuality* කියන කොටසට... එතකොට bisexual අය ඔය දෙකටම අයිති වෙනවා. එයාලගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට කියන්නේ Heterosexual-Homosexual continuum (විෂමලිංගික-සමලිංගික අඛණ්ඩතාවය) කියලා. රමිත් වගේම නෙහාර අයිති වෙන්නෙත් මෙන්න මේ කොටසට... අනික් අය වගේම ඒ දෙන්නත් එහෙම සෙක්ෂුවල් ඔරියන්ටේෂන් තියන අය උන එක එයාලගේ වරදක් නෙවේ නංගි... ඒකට සයන්ටිෆිකලි තාමත් හරියටම හරියන ඩෙෆිනීශන්ස් දෙන්න බැරි උනත් සයන්ටිස්ට්ලා කියන්නේ bisexual වෙන්න හේතුවලට ජෙනටිකලි, හෝර්මෝන්ස්, ඒ ඒ අය ජීවත්වෙන පාරිසරික තත්ත්ව වගේම සාමාජීය සාධකත් බලපානවා කියලා... ඒක ඇත්තටම කෙනෙක්ගේ චොයිස් එකක් නෙවේ. කාටවත් බෑ මං bisexual වෙනවා කියලා තීරණය කරන්න. ඒක ඉබේටම වෙනවා... Bisexual පිරිමින්ට නම් සාමාජීය හේතුවලට වඩා බයොලොජිකල් රීසන්ස් බලපානවා කියලා තමා කියන්නේ... කොහොමත් ඕනේ කෙනෙක්ගේ හිතේ heterosexual ඩිසයර්ස් වගේම homosexual ඩිසයර්ස් දෙකම තියනවා. ඒත් ඔය දෙකෙන් ප්‍රොමිනන්ට් වෙන ඩිසයර්ස් විදියට තමයි අපේ සෙක්ෂුවල් ලයිෆ් එක හැඩගැහෙන්නේ... මං හිතන්නේ bisexual අයට ඔය දෙපැත්තටම ෆීලින්ස් එක වගේ ඇතිවෙනවා කියලා..."

ශෙනායා ලොකු විස්තරයක් කිව්වා.

"මෙතන වරද රමිත්වත්, නෙහාරවත් bisexual උන එක නෙවේ නංගි. වරද එයාලා දෙන්නා ඔයාලගෙන් ඒක හංගපු එක... සමහරවිට ඔයා රමිත් ගැන ඇත්ත දැනගත්තා නම් කවදාවත් රමිත් එක්ක අෆෙයාර් එකකට යන එකක් නෑ. මොකද ඔයාට රමිත්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක බෙයරබල් නැති නිසා... Straight* අයට කොහොමත් homosexual අයව තේරුම්ගන්න අමාරුයි... ඒත් සමහර straight අය ඉන්නවා තමන්ගේ පාට්නර් bisexual කියන එක ඕකේ කියලා හිතන. ලංකාවේ homosexual මැරේජස් ඉල්ලීගල් නිසා රමිත්ටයි, නෙහාරටයි තිබ්බේ ඒ වගේ bisexual පාට්නර් කෙනෙක් ඕකේ කියලා හිතන්න පුලුවන් මෙන්ටලිටි එකක් තියන කෙල්ලෝ දෙන්නෙක්ව මැරි කරන්න... මං හිතන්නෑ මිහින්දි නංගි උනත් මේක දැනගත්තට පස්සේ ඔයාට වඩා වෙනස් විදියේ රිප්ලයි එකක් දෙයි කියලා... රමිතුයි, නෙහාරයි කරපු ලොකුම වැරැද්ද එයාලා දෙන්නා අතරේ ස්ට්‍රෝන්ග් මෙන්ටලි ඇන්ඩ් ෆිසිකලි අෆෙයාර් එකක් තියෙද්දි ඒකට ටෝටලි ඉන්වෝල්ව් වෙන්න බැරි කෙල්ලෝ දෙන්නෙක් එක්ක වෙන වෙනම ස්ට්‍රෝන්ග් මෙන්ටලි ඇන්ඩ් ෆිසිකලි බොන්ඩ් එකක් හදාගෙන ඒ දෙන්නව මැරි කරපු එක... එක්කෝ ඔයාලා දෙන්නත් bisexual වුණා නම් මේකට ඔයාලා ඉක්මණට අජෙස්ට් වෙයි. ඒත් සෙක්ෂුවල් ඩිසයර්ස් කියන දේ එහෙම බලෙන් හිතකට කාවද්දගන්න බෑනේ නංගි..."

ශෙනායා වටේ ගිහින් පොයින්ට් එකට ආවා.

"අක්කේ, මං දැන් මොකද කරන්නේ..? තව සති එකහමාරයි වෙඩින් එකට... මට පොඩි අයියව මැරි කරන්න බෑ කියන්න කිසිම සාධාරණ හේතුවක් නෑ මේක ඇර... ඒත් මේ ඇත්ත ගෙදරට කිව්වොත් මං දන්නෑ ගෙදර තත්වේ මොකක් වෙයිද කියලා... අප්පච්චි හාට් පේෂන්ට් කෙනෙක්. නැන්දා කැන්සර් පේශන්ට් කෙනෙක්. අම්මට හයි බ්ලඩ් ප්‍රෙශර්... එතකොට මිහී. පුතා... මං දන්නෑ අක්කේ මොනා කරන්නද කියල..."

මං කිව්වේ මගේ හිතේ තියන ප්‍රශ්න සේරම.

"මගේ අම්මි, තාත්ති හරිම ඕපන් මයින්ඩඩ් අය... ඒත් මං lesbian කියලා දැනගත්‍තම එයාලට ඒක දරාගන්න බැරි වුණා. එයාලා මාව මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් ඈත් කරන්න සෑහෙන ගේමක් දුන්නා. ඒක ටිකක් අඩු උනේ මං කැම්පස් ඇවිත් රමිතුයි, නෙහාරයි එක්ක ෆිට් උනාම... අම්මලා හිතුවේ දැන් හරි කියලා. ඒත් අදටත් මගේ අෆෙයාර් එක තියනවා... මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් ලංකාවේ නෑ. මං දැන් හදන්නේ මාස්ටර්ස් කරන එක පිට දාලා එයා ගාවට යන්න... එහෙ homosexuality ලීගලයිස් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට එහේ එකට ඉන්න එක ගැටලුවක් නෑ... මට කොල්ලෝ ගැන ෆීලින් එකක් එනවා නම් මට ඒකට රමිතුයි, නෙහාරයි හොඳටම ඇති. ඒත් මට ඒ දෙන්නා ගැන ෆ්‍රෙන්ඩ් සෝන් එකෙන් එහා ෆීලින් එකක් ඇවිල්ලම නෑ. එච්චර හැන්ඩි කොල්ලෝ දෙන්නෙක් එක්ක එකටම ඉඳලත් මට ෆීල් වෙන්නැත්තන් නෑම තමා... හැබැයි නංගි රමිත්වත්, නෙහාරවත් කවදාවත් ඔයාලා දෙන්නාගෙන් පිට කෙල්ලෝ ගැන එහෙම ඉමෝෂනලි කතා කරලත් නෑ මගෙත් එක්ක..."

ශෙනායා ආයේ කතා කරන්න ගත්තා.

"අච්චර ඕපන් මයින්ඩඩ් මගේ අම්මිටයි, තාත්තිටයි මාව ඇක්සෙප්ට් කරන්න බැරි උනා නම් ඔයාලා වගේ ට්‍රැඩිෂනල් ෆැමිලි එකක අය කොහොම ඒක භාරගනීද නංගි..? මං දන්නෑ ඒක හරියටම... ඒ දේවල් ගැන වගේම ඔයා ගැනත් හරියටම දන්නේ ඔයා නිසා ඔයාමයි කරන්න ඕන දේ තීරණය කරන්න ඕනේ... හැබැයි මතක තියාගන්න. හෙටයි වෙඩින් එක කියලා අද තීරණ ගන්නෙපා. දැන්ම තීරණයක් අරගෙන ගෙදර අයට කියන්න... අන්තිම මොහොතේ ඔයා වෙඩින් එක ගන්න බෑ කිව්වම වෙන්න පුලුවන් දේවල් නොතේරෙන්න ඔයා බබෙක් නෙවේනේ..."

ශෙනායා එක්ක කතා කරලා මං ගෙදර ආවා. තවත් දවස් දෙක තුනක් ගෙවෙනකන් මං ඒ කතා කරපු දේවල් ගැන හිතුවා. අන්තිමටම මං තීරණයකට ආවා. මං ෆෝන් එක අරගෙන මැසේජ් එකක් පොඩි අයියාට දැම්මේ සෙනසුරාදාවක උදේ. ඊළඟ සෙනසුරාදා අපේ වෙඩින් එක. හරියටම දවස් හයයි ඉතුරුවෙලා තිබ්බේ.

...මට අදම ඔයා එක්ක කතා කරන්න ඕනේ. ඕෆ් වෙන ටයිම් එකට මාව ගන්න එන්න...

ඒ මැසේජ් එක දාලා මං හයියෙන් හුස්මක් ගත්තා.

✍🏼 සකුනි හතරසිංහ

*LGBT or LGBTIQA+ - Lesbian, Gay, Bisexual, Transgender, Intersexual, Queer, Asexual, Others (Plus)

*Gay- පුරුෂ සමලිංගිකයා. ප්‍රේමණීය හෝ ලිංගිකව තමන්ගේම ලිංගයේ පුද්ගලයෙකුට (විශේෂයෙන්ම පිරිමි) ආකර්ෂණය වන පුද්ගලයින්. (Male Homosexuality/ Boy Lesbian- bl) මේ සඳහා යෙදෙන සායනික භාවිතය වන්නේ MSM (Men who have Sex with Men- පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි) යන්නයි. 

*Lesbian- කාන්තා සමලිංගිකත්වය. ප්‍රේමණීය හෝ ලිංගිකව තමන්ගේම ලිංගයේ පුද්ගලයෙකුට (විශේෂයෙන්ම කාන්තාවන්) ආකර්ෂණය වන පුද්ගලයින්. (Woman Homosexuality/ Girl Lesbian- gl) මේ සඳහා යෙදෙන සායනික භාවිතය වන්නේ WSM (Women who have Sex with Women- කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරෙන කාන්තාවන්) යන්නයි. 

*Bisexuality- ද්විලිංගිකත්වය. පිරිමි හෝ ගැහැණු දෙපාර්ශ්වයෙන්ම ස්ත්‍රී/පුරුෂභාවය නොසලකා ආදරණීය හෝ ලිංගිකව ආකර්ෂණය වීම. 

*Threesome- වචනාර්ථයට අනුව මෙහි තේරුම වන්නේ තුන්දෙනෙකු විසින් එකම ක්‍රියාවක් සිදුකිරීම යන්නයි. ලිංගිකත්වයේ දී Threesome sex යනු තිදෙනෙකු විසින් ලිංගික සංසර්ගයේ යෙදීමයි. මෙහි කොටස් දෙකකි. MMF හෙවත් Male, Male, Female (පිරිමි, පිරිමි, ගැහැණු) යනු පුරුෂයින් දෙදෙනෙකු එකවර කාන්තාවක හා ලිංගික සංසර්ගයේ යෙදීමයි. (මෙය FMM ලෙස ද ඇතැම් තැනක යෙදේ. MMF හිදී පුරුෂයින් දෙදෙනෙකු අතරට තෙවැන්නෙකු ලෙස කාන්තාවක පැමිණීමත්, FMM හිදී පුරුෂයෙකු සහ කාන්තාවක් අතරට තවත් පුරුෂයෙකු තුන්වැන්නෙක් ලෙස පැමිණීමත් සිදුවන බවට සටහන් හමුවිය. එහි දී එම අකුරු තුනෙහි මුල් අකුර හිමි MMF නම් පුරුෂයා හෝ FMM නම් කාන්තාව එම ලිංගික කාර්‍යයේදී dominant හෙවත් අධිපතියා ලෙස සැලකේ.) මෙහි දී පුරුෂයින් දෙදෙනා ද එකිනෙකා සමඟ ලිංගික කාර්‍යයන්හි නිරත වේ. MFM යනුවෙන් අදහස් කරන්නේ පුරුෂයින් දෙදෙනා අතර ලිංගික කාර්‍යයන් සිදුනොවන නමුත් පුරුෂයින් දෙදෙනා එකවර කාන්තාවක සමඟ ලිංගික කාර්‍යයන්හි නිරතවන බවයි. MFF හෙවත් Male, Female, Female (පිරිමි, ගැහැණු, ගැහැණු) යනු කාන්තාවන් දෙදෙනෙකු සමඟ එකවර පුරුෂයෙක් ලිංගික සංසර්ගයේ යෙදීමයි. (මෙය FFM ලෙස ද ඇතැම් තැනක යෙදේ. මෙහි දී කාන්තාවන් දෙදෙනා එකිනෙකා සමඟ ලිංගික කාර්යයන්හි නිරත වේ. FMF හිදී කාන්තාවන් දෙදෙනා අතර එලෙස ලිංගික ක්‍රියාවන් සිදු නොවේ. FFM හා MFF සිදුවන්නේ bisexual කාන්තාවන් අතර ය.)

*Transgender- ලිංගික සංක්‍රාන්තික හෙවත් උපතේ දී ලැබූ ලිංගිකත්වය පසුව මාරු කරගත් අය.

*Queer/ Questioning- ස්ත්‍රී-පුරුෂ ලිංගිකත්වය වෙන්කළ නොහැකි අය. (Non binary) 

*Intersex- ස්ත්‍රී හෝ පුරුෂ ශරීර පිළිබඳ සාමාන්‍ය ද්විමය සංකල්පවලට නොගැලපෙන වර්ණදේහ රටා, ලිංගික ග්‍රන්ථි සහ ලිංගික අවයව වැනි ලිංගික ලක්ෂණ කිහිපයක් සහිතව උපත ලැබූ අය. (උදා:- ඉන්දියාවේ Hijra මිනිසුන්)

*Asexuality- අලිංගිකත්වය. ලිංගිකත්වය පිළිබඳ ආකර්ෂණයක් හෝ හැඟීමක් නොමැති වීම. 

*Pansexuality- තමන්ගේ ලිංගික අනන්‍යතාවය ගැන නොසලකා තමන්ගේ විෂමලිංගික හෝ සමලිංගික පුද්ගලයන් සමඟ ආදාණීය හෝ ලිංගික හැඟීම් ඇති කරගැනීම. 

*Homosexuality- තමන්ගේම ලිංගික කාණ්ඩයටම (ස්ත්‍රී නම් ස්ත්‍රී, පුරුෂ නම් පුරුෂ) අයත් අය පිළිබඳව ආදර හෝ ලිංගික හැඟීම් ඇතිවීම. 

*Heterosexuality- විරුද්ධ ලිංගිකයන් (ස්ත්‍රී නම් පුරුෂ, පුරුෂ නම් ස්ත්‍රී) අය පිළිබඳව ආදර හෝ ලිංගික හැඟීම් ඇතිවීම. 

*Straight- විරුද්ධ ලිංගිකයන් (ස්ත්‍රී නම් පුරුෂ, පුරුෂ නම් ස්ත්‍රී) අය පිළිබඳව ආදර හෝ ලිංගික හැඟීම් ඇතිවීම හෙවත් Heterosexuality.


මතු සම්බන්ධයි........

Comments