තීව්‍ර 💥

(කෙටි නවකතාව - අවසාන කොටස)

🔞⚠️මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්තර්ගතයන් ඇතුළත් වන බව කරුණාවෙන් සලකන්න. ⚠️🔞

නාරද මොල්ලිගොඩගේ අභිමානවත් පාරම්පරික වලව්ව ඉදිරිපිට මගේ නවීනත ම ජීප් රථය නැවතූ මම එයින් පිටතට පැමිණියෙමි. පෙර දැනුම්දීමකින් නාරද හමුවීමට දිනයක් සහ වෙලාවක් වෙන් කරගෙන තිබූ බැවින් ගැටලුවකින් තොරව වලව් වත්ත තුළට පිවිසීමට මා හට හැකි විය.

ආලින්දයේ දී ම මා දැක හඳුනාගත් මේනකාගේ මුහුණෙහි ඇතිවූයේ භීතියක සලකුණු ය.

"ර්..රවී ඔ..ඔයා මොනවද මෙහෙ ක්..කරන්නේ..?"

ආලින්දයේ සිටි මා දෙසට දෑස් විසල් කරමින් ඇය විමසුවා ය.

"ක්..කිව්වා නම් මං t..town එකට එනවනේ... අ..ඇයි ගෙදරට ආවේ..? තියන ප්‍රශ්න ව්..වැඩි කරන්නද හදන්නේ..?"

මම කෙටි සිනහවක් පෑවෙමි.

"අපිට දැන් පොඩි meeting එකක් තියනවා Mr. ගගන එක්ක...
මේනු, ඔයත් එනවා නම් හොඳයි... ගගන කියන්නේ ඔයා ඉස්සර ඉඳන්ම හොඳට දන්න කෙනෙක්නේ... පේන විදියට දැන් නම් පවුලේ කෙනෙකුත් වෙන්නද මන්දා යන්නේ...
By the way Mr. ගගන අපි යමු මගේ office room එකට..."

පිටුපසින් ඇසුණු නාරද මොල්ලිගොඩගේ ගැඹුරු, තේජාන්විත හඬට මේනකා තිගැස්සෙනු මම ඇස් කොණින් දුටුවෙමි. නාරදගේ හඬට අනුව සහ ඔහු මොහොතකට පෙර කී දේවල් අනුව මෙම හමුව පහසු නොවන බව මම වටහාගත්තෙමි. නාරද වනාහි උසින් සහ ශරීර ස්කන්ධයෙන් මට අඩු පුද්ගලයෙකු වුවත් මනා ශරීරයක් පවත්වාගෙන යන තාරුණ්‍යයේ අවශේෂ තවමත් පිළිබිඹු කරන්නා වූ රුවක් සහිත පුද්ගලයෙකි. එබැවින් ඕනෑම අවස්ථාවකට මුහුණදීමේ සූදානමක් මම වහා මගේ සිත තුළ රෝපණය කරගත්තෙමි.

නාරදට ඉඟිකළ මම ඔහු පසුපසින් ඔහුගේ කාර්යාල කාමරය වෙත පියමැන්නෙමි. සිහිනෙන් ඇවිදින්නාක් බඳුව මේනකා මගේ පසෙකින් පියනැගුවා ය. කාර්යාල කාමරයට ඇතුල් වූ නාරද, මා හට අසුනක් අතින් පෙන්වමින් කාමරයේ දොර වසාදැමුවේ ය. මේනකා පසෙක වූ සෝපාවක් මත අසුන්ගත්තා ය. නාරද ඉඟිකර දැක්වූ අසුන මත මා අසුන්ගත්තේ නාරදගේ චලනයන් කෙරෙහි අවධානය තබාගෙන ම ය.

දොර වසාදැමූ නාරදගේ මුහුණෙහි එතෙක් වූ තේජාන්විත බව ක්ෂණයකින් වෙනස් විය. හෙතෙම එකවරම මා වෙත පැමිණියේ කෝපවත් මුහුණෙනි. ඔහු එකවරම මගේ කමිස කොළරයෙන් අල්ලා මා, ඔහු වෙතට ඇදගත්තේ ය.

"ලැජ්ජ නැද්ද මිනිහෝ තමන්ගේ දුවෙක්ගේ වයසේ කෙල්ලෙක්ව රවට්ටගෙන කසාද බඳින්න..? මුලින් අම්මා එක්ක යාළුවෙලා ඉඳලා නටන්න තියන හැම වන්නමම නටලා ඊටපස්සේ දුවව බඳින්න තරම් තමුසේ පහත් මිනිහෙක්ද..?"

දෑසින් ගිනි පිටවෙන තරම් කේන්තියෙන් ඔහු කෑගැසීය. මේනකා නැගිට විත් ඔහුගේ අතක එල්ලුනා ය.

"අනේ එපා, නාරද... අපි කතා කරලා මේක විසඳගමු..."

"අහකට පලයං ගෑනියේ... තමුසේ නිසා තමා මේ සේරම... මුලින්ම තමුසේ කසාද බඳින්න මිනිහෙක් ඉද්දි බුදියගත්තා මේ මිනිහා එක්ක... දැන් තමුසෙගෙ මහලොකු දුව කසාද බැඳලම මූ එක්ක බුදියනවා... අම්මලා, දූලා සේරටම එකම ගාය තියෙන්නේ. ඒකනේ අම්මයි, දුවයි දෙන්නම එකම මිනිහා එක්ක හැමිනෙන්න තියාගත්තේ... මම කොහොමද යකෝ ලෝකෙට මූණදෙන්නේ දැන්..?"

ඇයව පසෙකට තල්ලු කරමින් ඔහු, මගේ කමිස කොලරයෙන් අතහැරියේ ය.

"තමුසේ මේනකාව marry කරන්න බැරි වුණ පළිය ගන්නද මේඝාව කසාද බැන්දේ..? ආහ්..?"

නාරදගේ පැනයට මම සිනාසෙමින් කමිසය සකස් කරගත්තෙමි.

"මට මේනකාත් එක්ක තිබ්බ තරහා මේනකා, මේඝාව හොයාගෙන කොළඹ ආව දවසෙම ඉවර වුණා, Mr. නාරද... මම අද මේ ආවේ මේඝාගේ husband විදියට මේඝා වෙනුවෙන් මට කතා කරගන්න තියන දේවල් ටිකක් කතා කරගන්න..."

සාවඥ සිනහවකින් යුතුව මම, ඔවුන් දෙදෙනා දෙස බලමින් කීවෙමි.

"දෙවියනේ... ඒක ඇත්තක්ද..? රවී ඔයා..ඔයා... මේඝාව බැන්දද..? ඇත්තටම බැන්දද..? එතකොට ඔයාලා...  ඔයාලා... ඔයා මගේ මේඝාට... අනේ... ඔයා අතින් මොනා හරි වුණාද..?"

පැටලෙමින් ගොත ගසමින් මේනකා විමසුවා ය.

"ඒ සේරම මේඝාගේ ලිවුමේ තිබුණනේ... Marriage certificate එකේ copy එකකුයි, registration එක දවසේ ගත්ත photos වගේකුයි මේඝා ඔය ලිවුම එක්කම දැම්මා ඒ bag එකට මට මතක විදියට..."

මම යළිත් සරදම් ස්වරයෙන් ම කීවෙමි.

"මේඝාව බැන්ද එක වීරකමක් කියලද හිතන්නේ මිනිහෝ..? උඹ දන්නවද මේඝා කියන්නේ කවුද කියලා..? ඒ උඹේ ලේ යකෝ... උඹේම ලේ... මේඝාගේ ඇඟේ දුවන්නේ උඹේ ජරා ලේ... තමන්ගේ දුවව බැන්ද තාත්තෙක් කියන්නේ වීරකමක් කියලද හිතන්නේ උඹ..?"

යළිත් මා වෙතට කඩාපාත් වූ නාරද ගුගුලේ ය. මම නිහඬවම අතේ තිබූ ලිපිගොනුව ඔහු වෙත පෑවෙමි.

"මේඝා මගේ දරුවෙක් නෙවෙයි කියලා මට සීයට දාහක් sure... හැබැයි මේඝා Mr. නාරදගෙම දරුවෙක්ද කියලා නම් අපිට බලාගන්න බැරි වුණා... ඒත් Mr. නාරදට තමන්ගේ wife ව sure නැති වුණත් මට මගේ ex-girlfriend ව hundred present sure... ඒ නිසා ඔතන reports වල නැති වුණාට මේඝාගේ තාත්තා මං නෙවෙයි නම් අනිවාර්යෙන්ම Mr. නාරද වෙන්නම ඕනේ... මොකද මම දන්නවා මේනු කියන්නේ දකින දකින මිනිහා එක්ක බුදියගන්න තරම් අසහනයක් තියන ගෑනියෙක් නෙවේ කියලා... අනික මම දන්නවා මේනු මගෙත් එක්ක කැමැත්තෙන් නිදාගත්තට Mr. නාරද මුලින්ම එක්ක නිදාගත්තේ මේනුගේ කැමැත්තෙන් නෙවේ කියලත්..."

මගේ වදන් හමුවේ ප්‍රථමයෙන් නාරදත්, අනතුරුව මේනකාත් තිගැස්සෙන අයුරු මම නෙත් අගට දුටුවෙමි. මා දුන් ලිපිගොනුව කලබලයෙන් කියවූ නාරද එය මේනකා වෙතට විසිකළේ ය. ඔහුගේ නළලත නැගි දා බිඳු කිහිපයක් ඔහු අත්ලෙන් පිසගත්තේ නොසන්සුන් බවකිනි. මේනකා ද හඬමින් එම ජාන පරීක්‍ෂාවේ වාර්තා බලන්නට වූවා ය.

"ඇයි මේඝා මේ testing results ගැනවත් අඩුම අපිට කිව්වේ නැත්තේ..?"

නාරද විමසුවේ සියල්ල බිඳවැටුණු මිනිසෙකු සේ ය.

"ඒක නම් මම දන්නෑ, Mr. නාරද..."

මේඝා සහ ඇගේ පවුලේ ගැටලුවලට නිශ්චිත පිළිතුරු අනාගතයේ දී ලැබෙනු ඇතැයි සිතමින් මම කියාදැමුවෙමි.

"අපෙන් අහන්නැතුව මෙච්චර දෙයක් කරන්න තරම් මේඝා මුරණ්ඩුයි කියලා මං නම් කවදාවත් හිතුවේ නෑ..."

නාරද එවර කීවේ සුසුමක් හෙළමිනි. ඔහු පසෙක වූ අසුනක් ගෙන අසුන්ගත්තෙන් මම ද පෙර සිටි අසුනෙන් ම හිඳගත්තෙමි.

"පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ නංගිට, මල්ලිට වඩා තමන්ට ගෙදර අය වෙනස් විදියට සලකන කොට මේඝා වගේ smart කෙල්ලෙක්ට ඒ වෙනස නොදැනුනා නම් තමා Mr. නාරද පුදුම වෙන්න ඕනේ... හැබැයි Mr. නාරද, මං අද ඔයාගේ තැන හිටියා නම් මේඝාට නෙවෙයි වරදපටවගන්නේ, මටමයි... හිතේ සැකේට අවුරුදු විසිහයක් තිස්සේ තමන්ගේ ළමයව පිටස්තරයෙක් ගාණට දාන එක තාත්තෙක්ට ඔබිනවා කියලා මං නම් හිතන්නේ නෑ..."

නාරද නිහඬව ම පසුවූවා මිසක වදනක් හෝ නොකීවේ ය. මේනකාගේ ඉකි බිඳුම් වරින් වර නිහඬ අවකාශය පුරවන්නට විය.

"මමත් හෙට US යනවා. දැන් මේඝා ඉන්නේ එහෙ මගේ යාලුවෙක් ගාව... මෙහෙ බිස්නස් විකුණලා මං එහෙන් farm එකක් ගත්තා... මේඝාත් කැමතියි එහෙ ඉන්න... මේඝාගේ හිත හැදුණු දවසට මං එයාව ලංකාවට එක්කං එන්නම්..."

මේනකා, සිය පපුව අතකින් තෙරපමින් හඬාවැටුණා ය.

"Mr. නාරදගේ දේපල මුකුත් මේඝාට ඕනේ නෑ... කොළඹ මගේ අනික් properties මං විකුණන්නේ නෑ. ඒ නිසා ආයේ ලංකාවට ආවත් මේඝාට ඉන්න තැනක් තියනවා... දැනට නම් අපි ආයේ ලංකාවේ පදිංචි වෙන්න එනවා කියන අදහසක නෑ Mr. නාරද. ඒත් ලංකාවට vacation එකකට ආවත් ඉන්න තැනක් තියෙන්න ඕනේ නිසා මම මෙහෙ සේරම විකුණන්නේ නෑ කියලා හිතුවා... අනික business field එකේ ඉන්න කෙනෙක් නිසා Mr. නාරද දන්නවනේ මට මේඝාව දුකක් නොදී බලාගන්න තරම් වත්කමක් තියනවා කියන එක..?"

නාරද එයට එකඟවෙමින් හිස සැලුවේ ය. මේනකාගේ ඉකිය තවමත් ඇසෙන්නට විය.

"ඇත්ත... මං මේඝාට ළං උනේ මේනකාගෙන් පළිගන්න තමයි... මුලින්ම මේඝාගේ හිතේ මං ගැන soft spot එකක් තියනවා කියලා මට දැනුනම මට ඕනේ වුණේ මගේ revenge එකට මේඝාව use කරන්න... හැබැයි මේඝා තේරෙන කාලේ ඉඳන්ම මට ආදරේ කරලා කියලා මම තේරුම්ගත්තට පස්සේ මට මේඝාව use කරන්න තරම් හිත හදාගන්න බැරි වුණා... මං හිතන්නේ ඊටපස්සේ මමත් මේඝාට ආදරේ කරන්න පටන්ගත්තා... දැන් මං පුදුම විදියට මේඝාට ආදරෙයි... මං ආදරෙයි කියන වචනය කවදාවත් බොරුවට කියන්නේ නෑ කියලා මේනකා දන්නවනේ..."

වැළපෙමින් සිටි මේනකා හිස බදාගත්තා ය.

"ඔයාලට මාව ඔයාලගේ බෑණා විදියට accept කරන්න බෑ කියලා මං දන්නවා, Mr. නාරද... එකක් මම තරුණ කාලේ මේනකාගේ boyfriend. මේනකාගෙයි, මගෙයි affair එක අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ දරුවා මගේ දරුවෙක් කියලා ඔයාලා දෙන්නම විශ්වාස කරන්න තරම් දුරදිග ගිය affair එකක්... අනික් පැත්තෙන් මං මේනකාටත් වඩා මාස කීපයක් වැඩිමල්... ඒ නිසා මාව මේ පවුලට ඔයාලගේ බෑණා කියලා සම්බන්ධ කරගන්න කියලා මං ඉල්ලන්නේ නෑ. මට එහෙම වෙන්නත් බෑ... අඩුම මට ඔයාලා දෙන්නට අම්මා, තාත්තා තියා නැන්දා, මාමා කියලවත් නෑකම් කියන්න මට බෑ... හැබැයි මම මේඝාගේ legally husband. මොන දේ නිසාවත් ඒක වෙනස් වෙන්නේ නෑ... මේඝා දරුවෙක් විදියට ගෙදරට නොකිය තමන්ගේ හිතුමතේට බැන්ද එක වැරදි ඇති තමයි. ඒත් මේඝා ඇවිත් මාව බඳින්න ඕනේ කිව්වා නම් ඔයාලා කීයටවත් ඒකට permission දෙන්නෑ... ඒ විතරක් නෙවේ මේඝාව බලෙන් හරි ඔයාලා දන්න කවුරු හරි කොල්ලෙක්ට බන්දලා දෙන්න හදයි එහෙම වුණා නම්... ඒකයි මේඝා ඔයාලට හොරෙන් මෙච්චර දේවල් කළේ..."

මම මොහොතකට කතාව නතර කළෙමි. යළි කතා කරන්නට මත්තෙන් මම, නාරද දෙස මෙන් ම මේනකා දෙස ද බැල්මක් හෙලුවෙමි.

"මොනවා වුණත් ඔයාලා දෙන්නා මේඝාගේ අම්මයි, අප්පච්චියිනේ. ඒ නිසා මේඝාගේ ඒ හිතුවක්කාරකමට සමාවදෙන්න පුළුවන් කියලා හිතෙන දවසක පුළුවන් නම් ඒක මට කියන්න... අවුරුදු විසිහයක් තිස්සේ තමන්ගේ දුව තමන්ගේ නෙවෙයි කියලා හිතන් හිටපු තාත්තට ඒ පසුතැවීමෙන් මිදෙන්න එක chance එකක් හරි දෙන්නයි මට ඕනේ... අනික දවසක මාත් දුවෙක්ගේ තාත්තා කෙනෙක් වුණොත් එදාට මේඝා එයා ගාව නැති එයාගේ තාත්තා ගැන හිතලා දුක්වෙනවා දකින්න මං මේඝාගේ husband විදියට කැමති නෑ..."

නාරද සිය වත දෑත් අතර සඟවාගත්තේ ය.

"ග්..ගගන..."

මේනකා ඉකිය නවත්වා තතනමින් මා ඇමතුවා ය. තවත් නිහඬ මිනිත්තු කිහිපයක් ඇය වැය කළේ තම බැරැන්ඩි වූ හඬ අවදි කරවාගැනීමට ය. කිහිපවරක් කතා කරන්නට උත්සාහ ගත් ඈ අවසානයේ තම සුපුරුදු හඬ ලබාගත්තා ය.

"මේ කරපු දේට ඔයාට සමාවක් දෙන්න මට බෑ,ගගන... මම ගගනට වෛර කරන්නෑ. ඒත් මගේ දරුවාව මගෙන් ඈත් කරපු එකට මම සමාවක් නම් දෙන්නෑ... මේඝාට ඕනෙම වෙලාවක මෙහෙ එන්න පුළුවන්... ඔයාව ආයේ මේ වලව්ව හතර මායිමකවත් දකින්න මං කැමති නෑ..."

මේනකාගේ හඬ ඇඬුම් හේතුවෙන් බරව තිබිණි. මම සිනහවකින් ඇගේ කෝපය පිළිගත්තෙමි. මෙතෙක් දිනක් රවී ලෙස ඇමතූ මා හිටිහැටියේ ම ගගන වූයේ ඇගේ කෝපය නිසාවෙන් බව පසක් කරගැනීම මට අසීරු නොවීය. ඇය අතිශයින් ම සාධාරණ ය. නාරද හිස ඔසවා මා දෙස බැලුවේ ය.

"ගගන ගිහින් පුළුවන් නම් මට call එකක් අරන්දෙන්න මේඝා එක්ක මට කතා කරන්න..."

නාරද බැගෑපත් ස්වරයෙන් ඉල්ලාසිටියේ ය.

"මේඝා එකපාරටම නාරදලට සමාවදෙයි කියලා මං හිතන්නේ නෑ... ඒත් මං උත්සාහ කරන්නම් මේඝාගේ හිත හදන්න. එහෙම දවසක එයාම ඔයාලට කතා කරයි..."

නාරද හිස සැලුවේ ය. ඔහුගේ පෞඪත්වය සහ වලව් මාන්නය තම පරාජය ඉදිරියේ ඉරි තලා බිඳවැටී තිබිණි. නිහඬව ගෙවීගිය මිනිත්තු කිහිපයකට පසුව මම අසුනෙන් නැගීසිටියෙමි.

"මම දැන් යන්නම්, Mr. නාරද... දවසක මේඝාව ලංකාවට එක්කගෙන එන්නම්. එදාට එයා මෙහෙ එයි... ආයේ මේ ගෙදරට මං එන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා..."

ඔවුන් දෙදෙනාට එලෙසම ඉන්නට ඉඩහැර මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. ජීප් රියට නැග එය පණගන්වා ගත් පසු මා දුටුවේ රථය අසල ම සිටගෙන සිටින මේනකාව ය. මම වහා වීදුරු කවුළුව විවර කළෙමි. ඇය සිටි තැනින් මඳක් ඉදිරියට පැමිණිය ද රථය අසලට ළං නොවූවා ය.

"නාරදව marry කරලා දරුවෝ තුන්දෙනෙක් හදලත් මං රවීට ආදරේ කළා එදා තරමටම. සමහරවිට ඊටත් වැඩියෙන් වෙන්නැති... හැමදාම නාරදයි, රවීයි compare කළොත් මං වැඩි ලකුණු දුන්නේ රවීට... ඒ ගෙවුණු අවුරුදු විසිහයේ හැම අවුරුද්දකම රවීගේ birthday එක දවසට මං කිරිබත් හැදුවා. ඒ තරමට මං රවීට ආදරේ කළා.... ඒත් මේඝාගේ ලියුම කියවපු වෙලේ ඒ හැම feeling එකක්ම නැති වුණා කියලා මට හිතෙනවා..."

යළිත් මේනකාගේ දෑස් තෙත් විය. වදනින් කුමක් කීව ද තවමත් ඇගේ සිතේ ශේෂව පවතින හැඟුමක ඡායාවන් මා දුටුවේ යළිත් ඈ යළිත් මා හට රවී ලෙස ඇමතීම හේතුවෙනි.

"මම හිතුවෙම මේඝා, රවීගේ කියලා... ඒ සිතුවිල්ලට පවා මම ආදරේ කළා... නාරදව බැඳලා මේ වලව් වහල යට වෙන හැමදේම මම විඳ දරාගත්තේ මේඝා නිසා... මේඝා මම වගේ වුණාට මට හැමවෙලේම ඕනේ වුණේ මේඝා ගෙන් ඔයාව දකින්න, රවී... මේඝා තේරුම් නොගත්තට මං මගේ දරුවන්ගෙන් වැඩියෙන්ම ආදරේ මේඝාට... ඒත් මට කවදාවත් නාරදලගේ, එයාගේ අම්මලාගේ අකටයුතුකම්, වෙනස්කම් පාලනය කරගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ... මොකද මේඝා නොදැක්කට මමත් හිටියේ මේඝා හිටපු තැනමයි... මම ඒවා දරුවන්ට ඇඟෙව්වේ නෑ... පුතා හම්බුණාට පස්සේ තමා ටිකක් වෙනස් වෙන්න ගත්තේ ඒ දේවල්... මට මේඝා විතරක් හිටියා නම් මං මේඝාව අරගෙන එළියට බැහැලා යනවා කියලා හිතපු අවස්ථා පවා තිබ්බා.... මං මේඝාට, මේඝා රවිහාරි කියලා නම දැම්මෙත් ගගන රවිනාත් කියන නම මතක් වෙන්නත් එක්කමයි... මම මේඝාව හැම තිස්සෙම දැක්කේ ඔයාගෙන් මට හම්බුණු හොඳම තෑග්ග කියලමයි..."

මේනකා ගැඹුරු සුසුමක් හෙලුවා ය.

"මේනු, මේඝා මට ආදරේ කරන්න අරගෙන තියෙන්නේ අවුරුදු පහළවේ විතර ඉඳන්... එයා කොල්ලෙක් එක්ක යාලුවෙන්නේවත් නැතුව ඉඳලා තියෙන්නේ කවදාහරි මාව ලබාගන්නවා කියලා හිතලා... මේනුලා විරුද්ධ වුණත් එහෙම හිතේ මුල් බැහැගත්ත ආදරයක් මේඝා වගේ කෙල්ලෙක්ගේ හිතෙන් ගලවලා අහක් කරන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නේ නෑ..."

මගේ වදන් හමුවේ මේනකා සුසුමක් හෙලුවා ය.

"රවීට, මේඝා එක්ක ඉද්දි පරණ දේවල්... අපි ගැන දේවල්, අපි අතරේ වුණ දේවල් මතක් වුණේම නැද්ද... අහ්..?"

දෙනෙත් මගෙන් මුදවා ඈතක රඳවාගෙන ඇය විමසුවා ය.

"ඒ වෙලාවේ මට පෙනුනේ මේඝාව විතරයි මේනු... ඒ වෙලාවේ විතරක් නෙවෙයි මේඝා මට ආදරෙයි කියපු මොහොතේ ඉඳන් ගත වුණ හැම මොහොතකම මට පේන්නේ මේඝාව විතරයි. දැනෙන්නේ මේඝාව විතරයි. මගේ හැමදේම මේඝා විතරයි... එයා මහ පුදුම කෙල්ලෙක්, මේනු... ආදරේ නොකරන්න තීරණය කරලා හිටපු මගේ හිතේ ආදරේ පුරෙව්වේ මේඝා..."

මේනකා, මගේ වත පුරා ඇගේ දෙනෙත් ගෙනගියා ය.

"රවී, මේඝාට ඇත්තටම ආදරෙයිද..?"

මම මඳ සිනාවක් පෑවෙමි.

"ඇත්තම කිව්වොත් ඔව්... මේඝා මට ඔයාව අමතක කෙරෙව්වා, මේනු..."

මේනකාගේ දෑස් තිගැස්සුණු අතර ඈ බරැති සුසුමක් හෙලුවා ය.

"යන්න, රවී... ආයේ ඔයාව දකින්නවත් මං කැමති නෑ..."

මම සිනහවකින් පමණක් පිළිතුරු දුන්නෙමි. රථය යළි පණගන්වා ගත් මම, ඈ දෙස නොබලාම ධාවනය ආරම්භ කළෙමි. මොල්ලිගොඩ වලව්වෙන් පිටවී මඳ දුරක් එන විට මගේ ජංගම දුරකතනය නාදවන්නට විය. ජංගම දුරකතනය දෙස නොබලාම ඒ ඇමතුම කාගෙන්දැයි මම අනුමාන කළෙමි.

"කියන්න, baby..."

මම මේඝාගේ ඇමතුම හා සම්බන්ධ වුණෙමි.

"මොකද වුණේ..? අප්පච්චි බැන්නද..? අම්මි ඇඬුවද..?"

"අපි ඇවිත් කතා කරමු, බබා... මං drive කරන ගමන්... ඔයා බයවෙන මුකුත්ම වුණේ නෑ... හැමදේම smoothy විදියට finalize වුණා..."

"එහෙනම් කමක් නෑ... ඒත මට පාලුයි නාත් ඔයා නැතුව..."

"මටත් එහෙමයි, baby..."

මට එවෙලෙහි මැවී පෙනුනේ මේඝා හා ආලයෙන් සහ සරාගයෙන් වෙලී ගෙවුණු පසුගිය කාලය යි. මේඝා වනාහි විදුලියකි. මා ගත හැඟුම් මෙන් ම සිත හැඟුම් ද අවුලන්නත්, නිවන්නත් ඇය එක සේ දැනසිටියා ය.

"Vehicle එක නතර කරන්නකෝ, නාත්..."

ඇය එකවරම ඉල්ලාසිටියේ මා මවිතයට පත් කරවමිනි.

"ඇයි baby..?"

"අනේ please, නාත්...."

"Okay, wait..."

මම ජනාකීර්ණ නොවූ ඉසව්වක් බලා ජීප් රිය මාර්ගය අයිනට කර නවත්වා ගත්තෙමි. ජංගම දුරකතනය අතට ගත් මා දුටුවේ ලැබෙමින් පවතින මේඝාගේ වීඩියෝ ඇමතුමකි. මේඝාගේ අරමුණ වටහාගත් මම සිනහවක් මුවග දල්වා ගනිමින් ඇමතුම හා සම්බන්ධ වූයෙමි.

"Hi.., love..."

මේඝා ළදැරියක මෙන් මට තිරයෙන් පෙනෙන සේ අතක් වනමින් කීවා ය. මම ද පෙරළා අත වැනුවෙමි.

"I miss you so much, නාත්... And I want you honey..."

"I want you too, baby... But still I'm on the way..."

"නාත්...."

සිහින් කෙඳිරිලි හඬකින් කියූ මේඝා, දුරතකතන තිරයේ හොඳින් පෙනෙන සේ ගත රැඳි ඇඟලුම් එකින් එක ලෙහන්නට වූයේ මා අවුලුවාලමිනි.

"Baby, don't do that..."

"But I can't wait..."

"Not now, baby..."

මා කීවේ මේඝාගේ නිරුවත් උඩුකය දැකීමෙන් අවදිවන හැඟුම් මැඩලන්නට නිරර්ථක උත්සාහයක යෙදෙමිනි.

"ම්ම්..."

එයට පිළිතුරු වශයෙන් මේඝා කළේ ඇගේ යටිකය වසාලූ ඇඟලුම් ද උනා දමා ජංගම දුරකතන තිරය ඉදිරියේ සම්පූර්ණයෙන් ම නිරුවත් වීම ය.

"Boner..?"

ඈ නිර්දය ලෙස ප්‍රශ්න කරන්නට වූයේ මා හට විකල්ප අහිමි කරමිනි. තමන්ගේ ම අතැඟිලි ලොවමින් ඈ පානා සරාගී රංගනය ඉවසාගත නුහුණු මම ජංගම දුරකතනයේ ඉදිරිපස කැමරාවට මගේ රුව හොඳින් පෙනන පරිදි සකසා රියදුරු අසුන ද සුදුසු ලෙස සකස් කරගත්තෙමි. අනතුරුව ඇගේ මනදොළ සපුරමින් මගේ කලිසමෙහි බඳපටිය ගලවා කලිසම, යටකලිසම සමඟ ම පහත් කළේ මේඝාගේ සරාගී රංගනයෙන් මගේ යදඬුව පිබිදී තිබූ බැවිනි.

"I miss your junior too..."

මේඝා, මා දෙස බලමින් කීවා ය. මම මගේ යදඬුව මගේ සුරතට පැවරුවේ ඇගේ සුරතෙහි අතැඟිලි ඈ දෙපා මධ්‍ය නිම්නයේ කිමිදෙන ආකාරය දෙස බලමිනි. ඈ උස් හඬින් කෙඳිරිගාමින්, මගේ නම මුමුණමින් තම අතැඟිලි මෙහෙය වූ අතර ඉන් මා තව තවත් ඇවිලී ගිනි ගන්නට විය. ඈ වරින් වර විවිධ ඉරියව්වලට මාරුවූයේ තව තවත් මා කුල්මත් කරමිනි.

"I wanna cum, honey..."

ඇය මිමිණුවේ දෑස් අඩවන් කරගෙන ය. මම කිසිත් නොපවසාම පසෙක වූ බඳුනකින් කඩදාසි අත්පිස්නා කිහිපයක් ගෙන ඒ මතට මගේ හැඟුම් පිට කළෙමි. මේඝා ද කෙඳිරිලි හඬ සමඟින් ම ඇගේ උපරිමය කරා ළඟාවූවා ය.

"මේ හොඳම විදිය නෙවේ, නාත්...'

මේඝා කීවේ සියුම් හතියක් සමඟිනි. ඈ තවදුරටත් නිරුවත්ව දෙපා දෙපසට විහිදුවාගෙන සිටියා ය.

"මම එනකන් ඉවසන් ඉන්න, baby... ආවම අපි arrears cover කරමු..."

කඩදාසි ඉවතලමින් මම කීවෙමි. ඈ වදනකුදු නොපවසා නිහඬව මදෙස බලාසිටියා ය.

"ආයෙම round එකක් play කරන්න ඕනෙද, darling..? මම ගෙදර ගියාම අපි continue කරමුද..?"

මා විමසුවේ මේඝාගේ දෙපසට විහිදුණු දෙපා දෙස බලමිනි. ඒ මධ්‍යයෙහි පෙනෙන මගේ රාජධානියෙහි දිග්විජය කිරීමේ නොතින් ආශාවක් මගේ සිත තුළ දැල්වෙන්නට විය.

"I love you so much, නාත්... ඔයා හම්බෙනකන් මම දැනගෙන හිටියේ නෑ මට මේ තරම්ම wild වෙන්න පුළුවන් කියලා..."

මා දෙස ආදරණීය බැල්මක් හෙලමින් ඈ කීවා ය.

"Sex with love තමා හොඳම sex මට අනුව... ඒ නිසා මම කැමතියි ඒ wild ගතියට... මමත් ගෑනියෙක් නිසා මෙච්චර hard වෙලා නෑ baby මීට කලින්..."

මගේ පිළිතුරෙන් ඈ සතුටට පත්වූ බවක් පෙනිණි. ඈ දෙතොල් උල් කර මට හාද්දක් පා කළා ය. මම සිනහවක් පාමින් යළිත් කලිසම ඇඳ බඳපටිය පැළඳගත්තෙමි. ඒ වනවිට මේඝා අසුන මත හිඳගෙන දෙපා එකක් මත එකක් දමාගෙන සිටිය ද ඈ තවමත් සිටියේ පූර්ණ නිරුවතෙනි.

"You are amazing, baby..."

මම ඇගේ නිරුවත විඳිමින් කීවෙමි.

"ඉක්මණට එන්න, නාත්... මට මේ දවස් ටික අවුරුදු ගාණක් වගේ දැනුණේ..."

"හ්ම්ම්ම්... මං යන්න ඕනේ baby දැන්... Okay... Come on, dress-up..."

තවත් මිනිත්තු කිහිපයක් ඈ හා කතාබස් කරමින් සිටි මම යළිත් රථය යළිත් මාර්ගය වෙතට අවතීර්ණ කරගත්තෙමි. ඈ දකිනු රිසියෙන් මා හද පෙළෙන්නට විය. ඇය මේඝයක් සේ පැමිණ මා දිවිය වසාගත්තා ය. පැරණි තුවාල කැළැල් සියල්ල එක් මොහොතකින් මකාදැමුවා ය. මගේ දිවිය පුරා එතෙක් නොවූ විරූ ආකාරයේ වර්ණිත සිත්තම් අඳින්නට වූවා ය. ඉදින් මම හිත පුරා ඈ ඇඳගත්තෙමි. වහා ඈ වෙත පියඹන්නට තරම් සිත්වූයේ තවත් සූවිසි වසකින් ළාබාල වූවාක් මෙන් දැනෙන්නට විය. වසත් සමය නිමා වී ගිම්හානය පැමිණි ද, ඇය අහඹු වසන්තයක්ව මගේ දිවිය එකලු කරමින් සිටින්නී ය.

රථයේ ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාත්මක කොට ගීතයක් වාදනය කරන්නට වූයෙමි.

"මගේ පුංචි රෝස මලේ
  මමයි නුඹේ වියපත් බඹරා
  නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
  නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

  කළුවර රෑ සඳක් වගේ
  අහසේ නුඹ ඉන්නවනම්
  ආසයි මම නොකී කවිය
  නුඹට කියන්න...
  තරහක් නැහැ නුඹ බැස යන්න...

  මගේ පුංචි නවාතැනේ
  ඇවිදින් සැරි සරනවනම්
  ආසයි මං කවුළු පියන්
  ඇරලා තියන්න...
  තරහක් නැහැ නෑවිත් ඉන්න....

  මගේ පුංචි රෝස මලේ
  මමයි නුඹේ වියපත් බඹරා
  නුඹ හීනෙන්වත් නොදකින කුමරා
  නුඹ හීනෙන්වත් නොදකින කුමරා..."*


✍🏼 සකුනි හතරසිංහ

*පද රචනය- ධම්මික බණ්ඩාර
  සංගීතය- ඩැනිස්ටර් පෙරෙරා
  ගායනය- අමරසිරි පීරිස්

සමාප්තයි.

Comments